Skip to main content

Posts

Showing posts from November, 2009

වසන්තයේ කතාවක්.......

ගිම්හානය ඉවර වෙලා වස්සානය අවේ ඉක්මනට වගේ....... කර්කශව ඉරි තැලී ගිය උගේ ජිවිතේ මේ වස් සා නෙත් එක්ක වෙනස් වෙයි කියලා ඌ හිතුවා..... ඉඩෝර බිම නිවාලන පිනි පොද වැස්සක් වගේ ඒ සුන්දර වස්සානෙදි ඒකි ආවා ඌ ඉන්න ඉසව්වට..... එත් ඒ ඌ හොයාගෙන නෙමෙයි... ඒකිගේ අනාගතේ වෙනුවෙන්... ඒකි ආපු දවස් වල ඒකි ඒකිගේ පාඩුවේ හිටියා ඌ උගේ පාඩුවේ හිටියා.... එත් කාලෙ මේ හැමදෙම වෙනස් කලා.... ටික දවසක් යද්දි ඌට එකි ගැන ටික ටික හිතෙන්න ගත්ත... ඌ හිතත් එක්ක රන්ඩුවුනා... තරහා වෙලා හිටියා... ඒත් ඌට බැරි උනා හිත පරද්දන්න... අන්තිමට හිත කිව්ව දේ ඌ පිලිගත්තා.... ඒ ඌ එකිට කැමතියි කියලා හිත හිරි වට්ටන තරහින් පුපුරන ඒකිගේ පුංචි ඇස් වලට ඌ හුඟාක් අදරේ කලා.... ඒත්....... මේ කිසිම දෙයක් එකි දැන ගෙන හිටියේ නැහැ... හිත ඉස්සරහ පැරදුනු දවසෙ ඉදන් ඌ ලෝකෙට හොරාට හීන මැව්ව... එත්... හැමදමත් ලෝකෙට හොරෙන් හීන මවන්න ඌට බැරි උනා... ඌ කියන්න කලින් ලෝකයා උගෙන් හැම දේම දැන ගත්තා.... හැමදාම ඌ එකි දිහ බලන් හුගක් දේ කිව්ව... ඒ හිතින්... කවදවත් ඒවා වචන වුනේ    නෑ  .... සමහර දෙවල් කියන්න ඔන වුනාට ඌට කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ... ඒ උන් හිටියේ තල