Tuesday, June 1, 2010

නමක් නැති කවක්...


සිත් අහසට තරුවක් වී
නෙතු අද්දර නුඹ රැදුනට
දෝර ගලපු සතුට දන්නේ
මං විතරක් නම්....

හීන වලට පාට අරන්
හැම හීනෙම පාට කරපු
නුඹේ මතකය හැමදාමත්
මට අගනේ නම්.....

ආදරයෙන් බලා ගත්තු
ලස්සන නුඹේ සිත් අහසට
අලුත් සඳක් පායවිත්
එබී බලයි නම්....

සදක් වෙන්න බැරි වුනාට
රෑ අහසේ තරුවක් වී
නුඹේ අහසම සරසන්නම්
හැමදාමත් මං.....

6 comments:

chathuranga-p said...

ඇඩෙනවා

දිල් said...

සරළ වචන වලින් අපූරු නිර්මානයක්.....හරිම ලස්සනයි

නිෂ් said...

හරිම ලස්සන
පද පේලි ....

ක්‍රිශාන් said...

@ chathuranga:
අඬන්න එපා මචං...
@ නිෂ්, දිල්:
ස්තුතියි.....

Anonymous said...

නුඹෙ හඬින් ගීයක්ව
ගැයුනු ජීවිත කවිය..
නොහඳුනන අරුත් සුන්
නමක් නැති කවක් විය..
අහිමි වූ දා පටන්
නුඹේ උනුහුම් සෙවන...

ක්‍රිශාන් said...

@ Ano:
හරිම ලස්සන පද ගැලපුමක්... මෙන්න මගෙනුත් උත්තරයක්..පුංචි ඉල්ලීමක්...පුලුවන් නම් ඊලග සැරෙවත් කමෙන්ට් එකක් දානකොට නම දාන්න

අරුත් බර කරන්නට
නුඹේ ජිවිත කව
තනුවක් එක් කර නැවත ගයන්නට
සදාදරනීය පෙම් කවක් සේ
එන්නට හැකිද නැවත වරක් නුඹේ
දිවියට මට
ගයන්නට ඒ කවිය....