Skip to main content

Posts

Showing posts from June, 2010

ඔබ කවුරුන්ද?

ඔබ කවුරුන්ද? වටහා ගත නොහැක මට..... රෑ පුරා නිදි මරා ඔබ ගැනම සිතුමුත් වටහා ගත නොහැක මට..... නෙතු අද්දර දඟ කරන ඔබේ රුව විටක සිත පෙලන හැටි විටක සිත නිවන හැටි අරුමයකි වටහා ගත නොහැක මට... කියා දුන මැනවි ඔබ කවුරුන්ද?

සිනාසෙන්න (නො )හැකිද මට.......

පෙනෙන දුර ඈත සිත ඔහේ වල්මත්ව සැරිසරන විට සිනාසෙන්න නොහැක මට.... එක තැන රඳවා ගත නොහැකිවු නියාවෙන් දෙනුවන් තෙමන විට සිනාසෙන්න නොහැක මට..... ලතැවුල් පිරි ලොවක සැම විටම අතරමං කරන විට සිනා සෙන්න නොහැක මට.... සැසදිල නොමැති ජිවිතය උමතුවෙන් යන විට සිනා සෙන්න නොහැක මට..... මෙතුවක් කාලයක් නුඹ මා අසරණ කල තරමට අනාගතයදී වත් සිනා සෙන්න (නො )හැකිද මට.......

නුඹම වුනි...

පෙරුම් පුරා දැක ගත් වසන්තය නුඹව වී ගලපා ගත්... කවියක පද වැල් අතරට තනුව නුඹම වුනි... වත්තම් කරගත් පද වැල් අතරට එලි වැටක් වී නැලවුනු කාලෙක මිහිර නුඹම වුනි... ජිවිතේ ලද මිහිරිම සුවය විදින විට ජීවිතය ලග හුස්ම නුඹම වුනි... සොඳුරු මතක ඉතිරිකල අතිතය ද නුඹම වුනි....

උඹට තියන ආදරේ නම් අඩු වෙන්නේ නෑ....

උඹත් එක්ක මම හිටියත් උඹේ කතා මම ඇහුවත් මගේ හිතේ තියන සැකේ නැති වෙන්නේ නෑ.... කොච්චර ඉන්නට හැදුවත් රණ්ඩු වෙනවා හැමදාමත් මගේ නෙතින් වැටෙන කඳුලු නුඹ දැකලා නෑ.... කොච්චර මම කතා කලත් කොච්චර මම හිනා වුනත් හිතේ තියන වේදනාව තුනී වෙන්නේ නෑ.... උඹ කොච්චර ලඟ හිටියත් උඹ මට මොනවා දුන්නත් උඹයි මායි කවදාවත් එකතු වෙන්නේ නෑ.... මම මේ මොනවා කිව්වත් මම මොන කවි පද ලිව්වත් උඹට තියන ආදරේ නම් අඩු වෙන්නේ නෑ....

නුඹයි මගේ අම්මේ....

ජිවිතය තුල අසරණව අනාතව පය ඔසවන විට ජිවිතයට සරණ, ගැට ගසා ගත් ජිවිතය අයාලේ යන විට ජිවිතයට අරුත, අතොරක් නොමැතිව සෝ තැවුල් හිත දවන විට ජීවයේ සෙත් පිරිත , නුඹයි මගේ අම්මේ....

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක

මොකක්ද මේකේ තේරුම......?

කථා කලොත් රන්ඩුවක් ලු හිනාවුනොත් වදයක්ලු මොකක්ද මේකේ තේරුම.......? උඹට මාවත් ඕනෙලු රන්ඩු වෙන්නත් බෑලු මොකක්ද මේකේ තේරුම......? සමහර දේ මට කියන්නෙත් නෑලු මට ඒවා තේරුම් ගන්නලු මොකක්ද මේකේ තේරුම....? දුක පෙන්නන්නෙත් නෑලු මට දුක හිතෙයි කියලලු මොකක්ද මේකේ තේරුම.....? උඹ මට ආදරෙයිලු මට ඒක තේරෙන්නෙත් නෑලු මොකක්ද මේකේ තේරුම...? උඹට හැමදේම තේරෙනවලු ඒ හින්දා උඹවත් කියපන්ලු මොකක්ද මේකේ තේරුම......?

පලක් ඇත්ද ඉදීමෙන් මං........

මතකයන් මම ලඟ තියාන ජිවිතයම නුඹ අරන් ගියාම හිනාවෙලා ඉන්නේ කොහොමද නුඹ නැතිව මම...... පිස්සුවෙන් වගේ නුඹේ නම මගේ තොල් මුමුනද්දි අහිංසක සිනාවන් මගේ නෙතු අසල දගකරද්දි... කොහොම මම අමතක කරන්නද නුඹේ ඔය සොදුරු මතකය.... හිතට දැනුනු වේදනාව පත් ඉරක් මත අකුරු වෙද්දී ඒ පත් ඉර ඉරාදමන්නට තරම් නුඹ නපුරු වුනිද.... මගේ කටහඩ නුඹට වදයක් නම් මගේ ආලය නුඹට එපා නම් මගේ පෙම් ගී නුඹට අඳෝනා නම් පලක් ඇත්ද ඉදීමෙන් මං........

හැකිද මට නුඹ සමග......

සංසාරය ඉපදෙන තුරාවට නොවෙනස්ව සිත් එක් ලෙසින් ගෙනියන්න අනන්තය කරා හැකිද මට නුඹ සමග...... වෙලා දෑතම නුඹේ ගෙලේ සලා සිනහ නුඹ වෙතට උනුසුම ලබන්නට නුඹ ගාව හැකිද මට නුඹ සමග.... සසර සැරි සරා පැතුමන් එක්කර දෝතින් අරන් විදින්නට ආදරේ මිහිරි බව හැකිද මට නුඹ සමග....

මගේ පාරමිතාව නුඹයි ජිවිතේ පුරාවටම....

මේ සංසාරය කොතරම් දිගුදැයි මම නොදනිමි.. මේ සංසාරයේ ආත්ම කියක් ජිවත් වුවාදැයි මම නොදනිමි..සංසාරයේ ඔබ ආත්ම කියක මට හිමි වුවාදැයි මම නොදනිමි... එහෙත් ප්‍රේමයේ අසිරිමත් මල් විල මත් ඔබේ ආදරය නම් වු අරවින්දය පිපී ඇති බව පමනක් දනිමි..සං සාරය දුකක් බවද දනිමි... එහෙත් ඔබව හිමි වේ නම් ඒ දුක් කන්දම විද ගෙන ජීවත් වෙමි.. දුකක් වුවද ඔබව නොලැබ නිවන් දකින්නට තරම් මට ලොකොත්තර විය නොහැක... මන්ද මා එතරම නුඹට ආදරය කරන නිසාවෙනි.... හැම සුසුමකම හැම සීතල කඳුලකම ඇසිපිය හෙලන හැම ඇසිල්ලකම නොනිදන තිස්තුන් පැයකම මගේ පාරමිතාව නුඹයි ජිවිතේ පුරාවටම....

සදාදර සිහිනයයි නුඹ..

ජීවිතයට හීනයක් වගේ ආදරේ එකතු වන විට ඒ හීනය හීනයක්ම වෙලා නෙතු ගාවට කඳුලු අරන් ආවා මතකයි මට... ඒ හීනෙන් ඈත් වෙලා අපි බොහොම දුර ගියා... ඒත් ආයෙත් මම ඔයාව දැක්කා.. අපිටම සුපුරුදු ඒ නිසංසලේ..ඔයා මා දිහා බැලුවා... ඒ සුපුරුදු බවට මම ඔයත් එක්ක හිතින් හිනා වුනා... ඔයා හිතන්නැති මම ඔයා එක කතා කරයි කියලා ... නෑ...ඔයත් ඔයාගේ ගමන ගියා... මට මතක් වුනා ඒ සුපෙම් හිනාව මට හිමි නැති බව... ඈතම ඈත සයුරේ තියන නැවක් වගේ ඒ ජල තලයේ පහස විදින ඔයාට මෑත ගොඩබිමේ පා දවන වැලිතලයෙ පිහිටලා තියන පහන් කනුවේ අලොකය පේන්නේ දුරක ඉදලා... පහන් කනුව නැවට පාර කිව්වට නැවට කවදාවත් ගොඩබිම හිමි නෑ... රෑට නම් තරු මාත් එක්ක හිනා වෙනවා සරදමට වගේ... ඒ හීනයක සුපිපුනු සෙනෙහස මිය ගියාට... ඒත් මගේ හිත හයියයි...හිමි සඳු නිමී ගියාම මට පාලුයි තමයි.. කලුවර ඇවිත් මට අත වනනවා... මගෙම දෑස් අග රැදි තිබෙන කදුලු බිඳුවක් මුවග තෙමන්නේ ඒ අතීතය මතක් වෙලා... හිතේ තාමත් මැකිලා නැති රුපේ ඔයාගෙමයි..ඇස් දෙකට දැනෙන්නේ පුදුම වෙහෙසක්.. මේ ඇස් තාමත් ඔයාව හොයනවා දරා ගන්න බැරි සෙනෙහසින්... ඒත් මගේ හිත තාමත් දන්නේ නෑ ම

සුලඟ වගේ ඇවිත් යන්න එන්න...

හිත් මල තලා පොඩි කර දැමුවත් මා නුඹේ... අමතක නොවේ මට නුඹේ ඔය ගුණ සුවද... එ දවස නුඹෙන් ලද නිල් අහසක් තරම් වු ලොවුතුරු ආදරය කවියක් වුනි නම් ඒ මිහිරියාව විද ගන්න තිබුනි මට තාමත්.... අනේ, තව එකම එක වතාවකට මේ දිවිය තියන තුරු ආයෙමත් එන්න නුඹ සුලඟ වගේ ඇවිත් යන්න හනික එන්න මම මඟ බලාන සිටිමි ඔබ නැවත එන තුරු....

අමාවක විජිතයේ සිට....

අඳුරේ යන්නෙමි නොපෙනෙන දුර ඈත නුඹ නැතිදා පටන් මා අඳුරේ බව නුඹ දනීද...? එලිය නිවලා නුඹ ගියත් අමාවක විජිතයේ ඉදන් මම නෙතු අයා හිඳිමි නුඹේ සඳ එලිය ආයෙමත් වටෙන තුරු මගේ ලොවට...