Skip to main content

Posts

Showing posts from June, 2011

උඹව මට බරක් නෙමේ මගේ පුතේ.....

ජීවිතේ මටත් හීන තිබුණා මාත් හීන මැව්වා ඒ උඹේ අම්මත් එක්ක...... පුංචි කුඩුවක් හැදුවා ලස්සනට හිටියා ඒ උඹේ අම්මත් එක්ක...... මම චිත්‍රකාරයෙක් මහා ලොකු සල්ලි නොතිබුණාට උඹේ අම්මව සතුටින් තිව්වා එත්.. එකිට තිබ්බේ මගේ වගේ පුංචි පුංචි හීන නෙමෙයි එකිට උඹව හොඳ මදි වුණා මාව හොඳ මදි වුණා මගේ හිතේ හීන මැව්ව උඹේ අම්මා ඒ හීන ඔක්කොම හීන මගේ ඉස්සරහම බොද කරල දැම්මේ උඹ ගැනවත් නොහිතා උඹේ වරදක් නෑ මගේ පුතේ... හිනාවෙයන් හයියෙන් හිනා වෙයන් උඹේ අම්මට ඇහෙන්න එකිට දුක හිතෙන්න හිනාවෙයන් පුතේ ...... උඹේ ඔය හිනාව එකිගේ ඇහැට කඳුළක් වේවි.. මොනව වුණත් ඒ උඹේ අම්මා... එකිට බරක් වුණාට මට උඹව බරක් නෙමේ මගේ පුතේ.....

කඳුලු එක්ක නුඹ විතරක් මට ඇති මගෙ ආදරේ..

ජීවිතයට සිසිලස දෙන නුඹ මං ලඟ නැති වුනාම ඉඩෝරයේ රලු පරලුව  වියලී ගිය කතරක් සේ  නුඹ නැති මේ ජීවිතයම  ඉරි තැලිලා ගියාවේ...  ලඟින් ඉඳන් හුරතල් වෙන  නුඹ මං ලඟ නැති වුනාම  ලොවම පතන සැනසුම් සුව  සතුටු සිනහා සිතිවිලි බිඳි  හිරු දුටු පිනි වියලෙන සේ  මගෙන් දුරුව ගියාවේ...  නුඹ නැති කල මගේ ලොවට සිනහා මල් දම් කුමටද කඳුලු එක්ක නුඹ විතරක් මට ඇති මගෙ ආදරේ..