Skip to main content

Posts

Showing posts from February, 2010

ඇය නමින්...

මෙ ලිපිය මගේ නෙත් ගැටුනේ අහම්බයකින් නම් නෙමෙයි... හැමදාමත් මම ආසාවෙන් කියවන එක තීරු ලිපියක් තමයි "එක් හැන්දැවක්" කියන්නේ... මේ තිරු ලිපිය ලියන්නේ රසික ජයකොඩි කියලා තරුණ මාධ්‍ය වේදියෙක්...ඔහු ලියන ඒ තිරුලිපි පෙල හදවතට හුගාක් සමීපයි..සරලව කිව්වොත් ඒ ලිපි කියවද්දි හුගාක් දැනෙනව.. අද මම ඔහුගේ එක ලිපියක් තොරා ගත්තා.. ඒ වෙන මොනවත් හින්ද නෙමෙයි 2010/02/21 රිවි සරසි පත්තරේ පල වුනු මේ ලිපිය මට හුගාක් සමීපයි වගේ මගේ හිතට හුගාක් දැනුනු නිසා..ඇය නමින් මාගේ ආදරනීය ගෘෂා නමින් මේ සටහන ලියන්න හිතුනු නිසා... (කියවන්න අමාරු නම් ෆොටෝ එක උඩ ක්ලික් කරන්න) හෙන්රි ජයසේනයන්ට වගේ මටත් මනමේ කුමරියක් හිටියා.. පෙම් බැන්දා... ඒත් ඒ අදරය චංචලයි වෙනස්වෙනවා කියලා මට දනුනා...ආදරය වෙනස් වෙන හැටි මම වින්දා... ඒත්.... ගෘෂා ගේ ආදරය වගේ කවදාවත් වෙනස් වුනේ නෑ ඇගේ ආදරයත්... චංචල ආදරයේ වේදනාව අමතක කර වන්න ඒ ආදරණීය ගෘෂාට පුලුවන් වුනේ ඒ ආදරය හුගාක් නිර්මල නිසයි.. "ඒ ආදරය විසල් අහසක් තරමට අචලයි.. ගිරි සිරසක් තරමට නිසලයි...." හිතේ තිබුනට ලියා ගන්න ඕන දේ ලියවෙන්නේ නෑ.. ඇයි කියලා මම දන්නේත් නෑ.. ඒත්..... කොච්චර

ආයෙත් කෝල් කරාවිද..?නොහොත් දුරකතන ප්‍රේමය

දැන් නම් ඉතින් ඉවසුව හොදටම ඇති..... ඕන මගුලක් වෙන්න කියලා මම ෆෝන් එක ගත්තා... හිතේ තාමත් දෙගිඩියාව.... කමක් නෑ.. අද කතා කරනවා මයි...හැමදාම කියල මෙහෙම විදවන්න පුලුවන්ද? එත් බයයි... "හැගීම් වලට වහල් වෙන්න එපා පුතේ..." එක සැරයක් අම්මා කිව්ව මතකයි මට... එත් කමක් නෑ..අද කෝල් කරනවා මයි... අංකය ඩයල් කලා... ෆෝන් එකේ රින්ග්ස් යනවා... මොනවා අහන්නද හෙලෝ කිව්වම?මටත් පිස්සු.. මොනවා හරි අහනවා... "හෙලෝ" එහා පැත්තෙන් ඇහුනා.. හරිම ස්වීට් කට හඩක්... ආයෙත් සැරයක් හෙලෝ කිව්වා...තවත් සැරයක් නම් හෙලෝ නෑ කට් ම තමා.... "නෙත්මි ඉන්නවද" මම ඇහුවා... එත් මම දන්න නෙත්මි කෙනෙක් නෑ... මොනව හරි අහන්න එපැයි... "නෑ... ඔය නුවර නෙමෙයිද... නෑ" හැමදේටම නෑ.. ඉතින් මමත් අහන්නෙ බොරුනෙ.. "සොරි වැරදීමක්" මම ෆෝන් එක තිව්වා... "ඇයි බන් උඹ නෙත්මි කෙනෙක් ගැන ඇහුවේ..." මම මගෙන්ම අහගත්තා... ඒත් ඉතින් වෙන මොනවා කියලා අහන්නද?... කමක් නෑ කට හඬවත් අහගත්තනේ... ඊලඟ දවසේ දවල් දොලහට විතර කෝල් එකක් ඇවිත්.. අර අංකෙන්... කරුමෙක මහත කියන්නෙ ම