Skip to main content

Posts

Showing posts from March, 2010

නුඹයි මමයි....

ජීවිතේ ලස්සනයිඒ නුඹ මගේ හින්දා.. කවදාවත් මගේ වෙයි නොහිතා බලා ගෙන හිටි හැටි මට තාමත් මතකයි.. මා ඉස්සරහම වෙනකෙකුට අයිති වෙයි කියලා දුකින් පෙම් බැන්ද නුඹ මගේමයි මගෙ විතරමයි කියලා මගෙ හිතට දැනෙනකොට.. නුඹෙ තුරුලෙ ගුලි වෙලා වරුවක්ම අඬන්න මට හිතුනා.. ඒ හිතේ පිරුනු නිමක් නැති සතුටට.... දන්නවද නුඹ ඉරක් වගේ නුඹ නුඹේ එලියෙන්ම බබලනවා.. මම හඳක් වගේ ඒ නුඹේ එලියෙන් මම බබලන හින්දා.. මගේ ජීවිතේ එලිය කරන නුඹට මම කොයි තරම්නම් ආදරේද .. මගේ ලොකයේ වටිනාම වස්තුව.. හිත ඇතුලේ පරිස්සමට තියාගෙන පන වගේ රකින නුඹේ ආදරය .. මාව ජීවත් කරවන උනුහුම වෙලා... මම නුඹට හුඟාක් ආදරෙයි...

ආයෙත් කෝල් කලා.... (ආයෙත් කෝල් කරාවිද..? නොහොත් දුරකථන ප්‍රේමය II)

අනේ එදා දවස කොහොම ගෙවුනද ... මට තාම හිතා ගන්න බෑ..හරියට මම පාවෙනවා වගේ... කවදා හිතුව දෙවල්ද මේ වෙන්නේ... වෙලාව යන්නේ නෑ වගේ.. කොහොම හරි ඉතින් ඊළග කෝල් එනකන් බලන් ඉදපු ඉඳිල්ලක්... දෑස රිදෙනව පාර බලන් ඉඳලා නෙමෙයි..මෙහෙම බලන් ඉදලා... අනේ අම්මෙ කවද කාපු ටකරන්ද?... ටකරන් කෑවත් මොකෝ දිරවනවා නම්.. එහෙම හිතලා මත් බලන් හිටියා.. අද මෙච්චර දිග දවස වෙනදට කොච්චර කොටද?...දවස එච්චර දිගද කියලා මට හිතුනේ එදා.. .. කොහොම වුනත් එද රෑ වෙනකන් බලන් හිටියා.. තාම නෑනෙ.. බොඩිමේ කස්ටිය (මගේ අතිජාත මිත්‍ර සේනාව මට කින්ඩිත් දානවා...) මොකද අපේ එවුන්ගේ කටවල් හරි ෂෝක්.. හරියට කැඩිච්ච ලැට් කටවල් වගේ.. ඒවුනාට උන් තමයි ඉතින් මොනදේටත් මගේ හයියට ඉන්නේ.. ඇත්තටම මට පිස්සුද... ඒ කෙල්ල මට මොනවද කිව්වේ මොනවද ඇහුවේ... මුකුත් නෑ... අඩුම තරමින් කැම්පස් එක ගැනවත් හරි කැම්පස් එක පැත්තකින් තියමු මට කොහොමද කියලාවත් ඇහුවද? නෑ.. "උඹ අහුවෙලා පුතා.. උඹ ලනුව කාලා... පව් අහිංසකයා...ඒකි උඹට කැමති නෑ බං.. උඹත් ඊයේ කිව්වේ අර කියන්න ඔන දෙවල්ද.. වික්ටොරියා වේල්ල ඇරියා වගේ ඔක්කොම කිව්වා.. පලවෙනි දවසෙම ඔව කියන සිරිතක තියනවද ගස් ගෙම්බෝ.

අතීතය

අවරගිර නුබ ගැබේ ඉර හැංගිලා ගිහින්... අන්ධකාර අහස යට මම හිතුවා වහීවි කියලා.. ඒත් නෑ... අකුනුත් විදුලියත් විතරයි... අරලිය තුරු පාමුල සුදු මල් ඉහිරිලා ගිහින්.... ලස්සන සුවඳ මැකිලා කවුරු හරි කඩලා දාලා වෙන්න ඇති.. ඒත් නෑ.... ඒ මල් පරවෙලා ගිහින්... මේ පාලු හන්දෑවෙ සීතල ඉහිලුම් නෑ... හදවත ගල් ගැහෙන තරම්... ජීවිතේටත් වඩා මම ආදරේ කල නුඹ මට අහිමි වෙද්දි.. මගේ හුදකලා ආදරය මතක් වෙලා මම හිතුවා මට ඇඬේවි කියලා.. ඒත් නැහැ.... අඬලම දෙනෙත් නිරුදක වෙලා... කඳුලු වෙනුවට ඇස් වලින් ගැලුවෙ හිත හීරිලා වැටුනු ලේ බිඳු විතරමයි... අහිමි නුඹ ගැනම හිතලා මුලු ආත්මයම ගිලන් වෙලා මම විපිලිසරව බලා උන්නා මම හිතුවා මම මැරෙයි කියලා.. ඒත් නැහැ... මැරි මැරි ජීවත් වෙනවා විතරයි..... ජීවිතේ හුඟාක් දේවල් වෙනස් වෙලා..කාලෙකට කලින් හීනයක් වෙලා තිබුන ආදරේ හැබෑවක් වෙලා මගේ ජීවිතේම අලුත් කරලා..ඒ ආදරේ හීනයක් විතරක් වෙලා ලෝකෙටම හොරෙන් ව්ඳවද්දි හිතේ දුක නැති කරගන්න ලියපු කවියක් මේක....මට ලස්සනයි කියල හිතුනු නිසා දාන්න හිතුනා....