Skip to main content

Posts

Showing posts from May, 2010

පසුවදන....

නුඹ වෙතින් මා වෙතට ගිලිහුනු නුඹේ සුසුම් වල සුවඳ අත හැරදා නුඹ ගියද අද මා සිතින් ගිලිහි නැත තවම එය..... මතක පොතේ පිටු අද සරදමට පෙරලෙයි නිබඳ නුඹෙන් ලද එකම වස්තුව මතක වස්තුව පමණි මට. ....

මං ගාව නුඹ නැති කොට....

හිතට දැනෙන මේ තනිකම වේදනාව කෙතෙක්ද කියා, නුඹ දන්නවා නම්... සත්තයි නුඹට දුක හිතේවි මං ගැන... දුර ඈතක හිටියත් දුවලා ඒවි මං ගාවට... ඒත්.. උඹ කොහොමද මං ගැන දැන ගන්නේ, මං ගාව නුඹ නැති කොට.....

මම මේ තමුසෙටයි කියන්නේ..

මම මේ තමුසෙටයි කියන්නේ... මොකද...අහන් ඉන්න බැරිද..?? ඔහොම හිටියට වැඩක් නෑ... මම කියන් දේ අහන් ඉන්නම වෙනවා... ඇත්ත තිත්තයි නේද... කරන්න දෙයක් නෑ.. අහන් ඉන්නවා... මොකක්...???? මෙ අහනවා... මම කිව්වනෙ වැරැද්දක් කල නම් පිලි ගන්න කියල ඇයි තමුසෙට පිලි ගන්න බැරි... තමුසෙ මුකුත්ම කලේත් නෑ...මුකුත්ම දන්නෙත් නෑ... ඔන්න ඉතින් ආයෙත් බොරු කියනව.. තමුසෙ බබා... යනව ඕයි යන්න.. තව මගුලක් කතා කරනවද? තමුසෙ දැන් මොකක්ද කියන්නේ කවුද දැන් අඩන්න කිව්වේ... අඩන එක නවත්වනවා.. සැරයක් කිව්වා නවත්තන්න කියලා..... මම කැමති නෑ ඔයා අඩනවට... හරි දැන් ඇති ඔය ඇඩුවා.. මේ අහන්න... හිත රිද්දන්න නෙමේ කිව්වේ...මගෙත් හිත රිදුනා.. දැන් හරි... දැන් චුට්ටක් හිනා වෙන්න.. කෝ.. අනේ චුට්ටක්... හොද ලමයා.... තරහද මාත් එක්ක... දෙයක් කියන්නද.... හැබැයි මෙක අහල බනින්න බෑ.. දැන් හරි කියන්න.. මම ඔයාට හුගක් ආදරෙයි.. .

ඉක්මනට වරෙන්... මට උඹ නැතුව පාලුයි....

උඹ එනකන්හැමදාමත් වගේ මම තාමත් අර හන්දිය ගාව.. එක එකා එහෙ මෙහෙ යනවා... ඒත් නුඹ තාම නෑ... තත්පර මිනිත්තු පැය දින සති මාස අවුරුදු.... මම උඹ එනකන් හුගක් කල් ඉදන් බලන් හිටියද.. හුගක් දෙවල් වෙනස් වෙලා... මම,මේ හන්දිය... මාත් වයසට ගිහින්.. ඒක දැන ගත්තෙත් සමහරු මට කතා කරපු විදියෙන්... කොච්චර කාලයක් ගිහින්ද කියලා මටවත් මතක නෑ.. තාමත් මම අර හන්දියට වෙලා ඉන්නව... ඒත් මගෙ ආදරෙ වෙනස් වෙලා නෑ.. අපි දෙන්න වගෙ හුගාක් එවුන් ගියා... ඒත් උන් අපි වගේ නෙමෙයි... මම උන් දිහා බලන් හිටියෙ කිසිම හැගීමක් නැති එකෙක් විදියට.. ඒත් නුඹ අවේ නෑ තාමත්.. උඹ එන්නෙ නැත්ද... ඉන්න තැනකින් කෑගහල කියපන් මට...... තාමත් ඉස්සර වගෙම ආදරෙන් මම ඉන්නව උඹ එනකන් චුට්ටක් පරක්කු වුනාට කමක් නෑ.. මං බනින්නෙ නෑ.. දැන්වත් වරෙන්... මට පාලුයි.. ඉස්සර වගේ මට හයිය නෑ..ඒත් හිත හයියයි.. දන්නවා දවසක නුඹ එනවා කියලා මගේ මරනෙට කලින්.. මගේ වෙලා මං ලග ඉන්න... එතකන් මම මේ හන්දිය ගාව ඉන්නවා.. මොකද උඹ දන්නෙ මේ හන්දිය විතරක් හින්දා.. ඉක්මනට වරෙන්... සමහරවිට උඹට මාව අදුන ගන්න බැරිවෙවි.. ඒත් උඹට මගේ ආදරෙ සුවද දැනෙවි.. අදුන ගනින් එකෙන් මේ ඉන්නෙ මම කියලා අනේ