Skip to main content

Posts

Showing posts from December, 2010

අනාථ දරුවා සහ අසම්මතයේ ගැහැනිය

අද හවස මම මුහුදු වෙරලට ගියේ ගෙදර ඉන්න කම්මැලි නිසා. අයිස් ක්‍රීම් එකකුත් කකා පරණ ඔරු කඳකට හාන්සි වෙලා ඈත ක්ෂිතිජය දිහා බලා ඉන්න කොට මං ගාවට දුව ගෙන ආවේ හොටු පෙරා ගත්ත අවුරුදු 5ක විතර පුංචි කොලු ගැටයෙක්. ඇවිත් ඉන්නවා. මං හිතුවා කීයක් හරි ඉල්ලයි කියලා. ඒත් ඉල්ලානෙත් නෑ. මම අයිස් ක්‍රීම් එක කන දිහා බලන් ඉන්නවා. අයිස් ක්‍රීම් කාරය එතන හිට්යේ නෑ අයිස් ක්‍රීම් එකක් වත් අරන් දෙන්න. මම ඇහුවා මේක ඕනෙද කියලා හා කියලා කිව්වේ හරි සතුටින් මම එක දුන්නම මිනිහට හරියට රටක් රාජ්ජයක් ලැබුනා වගේ එකත් අර ගෙන මිනිහා දුවලා ගියා. අම්මෙක් අප්පෙක් ඉන්නවද දන්නේ නෑ ඒ පුන්චි කොල්ලට. එක්කො ඇති නැත්නම් නැතුව ඇති. මා නුඹට ශාප නොකරමි..... නුඹට එසේ කරන්නට සිදු විය.... ඒ නුඹ නුඹේ හැගීම් වලට  නුඹේ නිකැලැල් ආදරයට ඉඩ දුන් නිසාවෙනි... එදින නුඹ මා ගැන සිතුවේ නැත, සිතුනේද නැත... සිතුවේ නුඹේ  නොනිමි ආදරය ගැන පමනකි... පරම පවිත්‍ර ලෙස විශ්වාස කල  ඔහු ගැන පමනකි... එසේ එදා එය නොවුවා නම් මා අද මෙතන නැත... තවත් අනාථයෙකු මෙලොව උපදින්නේද නැත..... ඒත් එය එසේ සිදුවිය...... ඔබ මා  කසල ගොඩට දැමුවේ  ම

පටන් ගත්ත නේද උදේ පාන්දරම...

පටන් ගත්ත නේද උදේ පාන්දරම... දෙතුන් සැරයක් දුන් දුරකථ ඇමතුම් වලින් පසු ගත් ඇමතුමේ දී ඈ එසේ කිවාය. දවස පටන් ගන්නෙත් අඬා ගෙන රෑට නිදා ගන්නෙත් අඬා ගෙන ... තමුසෙට ඕන දැන් මගෙන් පළි ගන්න... මට මගේ පාඩුවෙ ඉන්න දීපන්.. ඈ කෑ මොර ගෑවාය. පසුව ඈ හඩා වැටුණෙමි. ඇගේ ඒ සිහින් කෙඳිරිය මා සිත තුළ සියූම් වේදනවක් ජනිත කළද මගේ හිතේ කැකෑරෙන තරහ ඒ සියල්ල යටපත් කරවීය වෙනදා මෙන් ඈ හඩා වැටෙන විට නළවන්නට මට සිතක් නොවී.. මා එතරමට ආත්මර්ථකාමි වී සිටියේය. ආ මමද උඹේ ජිවිතේ කෑවේ.. මමද... අනේ මගෙ කට... නිකන් මෙතන බබා වෙන්න එපා ඕයි.... එසැනින් ඈ දුරකථන ඇමතුම විසන්ධි කර දැමුවාය. කිහිප වාරයක් නැවත් ඈහට ගන්නට උත්සහ කළමුත් ඉන් පලක් නොවීය. සැබවින්ම අප සතුටින් සිටි කාලයක් පේන තෙක් මානයේ වත් නැත.මගෙ හිස මත බරක් තැබුවා සේය... කෙළවරක් නොමැති ප්‍රශ්න හමුවේ මා හෙම්බත් වී සිටියේය. දිනෙන් දින ප්‍රශ්න වැඩිවීමක් මිස අඩුවීමක් තිබුණේ නැත.. ඈ සෑමවිට කළේ මා එපා කී දේය. ඈ එසේ කරන්නෙ ඇයි දැයි මා නොදත්තේය. පෙර දින ගෙන ආ සිගරට්ටුවද තවමත් මාගේ මේසය මතය. වැඩක් කිරිමට සිත කිවද ඈ සමග කතා කරන තුරු වැඩක් නොකිරීමට මා සිතා ගත්තේය. එයින

ලංකාවේ සිගරට් පෙට්ටියත් මේ වගේ වුනොත් නරකද?

දුම් වැටිය ඔබේ ජීවිතේට කොපමණ සමීපද කියල මම දන්නේ නෑ . හුගාක් දෙනා සිගරෙට්ටුවක් දල්වා ගන්නේ එක එක හේතුන් හින්දා . සමහරු සිගරට් බොන්නේ ආතල් එකට ස්ටයිල් එකට . සමහරු ප්‍රශ්න හින්දා , සමහරු පුරුද්දට . තව හුගක් හේතු තියෙන්න පුළුවන් . දවසට සිගරට් පැකට් 1 හෝ ඊට වැඩි ගණනක් බොන අය ඉන්නවා . ඒ මිනිස්සුන්ට ඒක පුරුද්දට ගිහින් . වියදම් වෙන සල්ලි ටිකයි එකෙන් ශරිරයට වෙන හානියත් ගැන මම කියන්න ඕනේ නෑනේ . ඒ වෙලාවෙදි එක සැපක් කියල හිතුණට එකෙන් ලැබෙන ප්‍රතිඵල දිගුකාලීනයි ... මම මේ සිගරට් වලින් වෙන ආදීන කියන්න යනව නෙමේ . කියන්න ආවේ ලංකාවේ තියන සිගරට් පෙට්ටියකයි මලයාසියවේ තියන සිගරට් පෙට්ටියකයි වෙනස පෙන්නන්න . මට ලංකාවේ තියන සිගරට් පෙට්ටියක පින්තුරයක් නම් හොය ගන්න බැරි උණා .. ඒත් හුගක් දෙනා ලංකාවේ තියන සිගරට් පෙට්ටි දැකල ඇති කියල හිතනව ... ඒ සිගරට් පෙට්ටියේ පැත්තක තියනව " රජයේ අවවාදයයි : දුම් බීම පිළිකා ඇති කරයි " කියල ... ඕක ඉතින් මිනිස්සු වැඩිය කියවන්නේ නෑ ... සිගරට්