Skip to main content

Posts

Showing posts from May, 2011

උඹ තාමත් එතනමයි මචං ......

අපිත් එක්ක එකට වල ගහපු,ගජේ දාපු, එක බත් පත බෙදාගෙන කාපු, එකතු වෙලා අඩියක් ගහලා දුමක් දාපු උඹ..... එකට පන්ති ගියපු,රස්තේ ගහපු එක පේලියේ ඉදන් එකට ආතල් ගත්තු හොදට බැනුම් අහපු උඹ...... එකට විභාගේ ලියපු එකට පාස් වුනු අපි ගමෙන් යද්දි ඒ දිහා බලන් ඉදපු උඹ...... අවුරුදු ගානකට පස්සේ ආපහු ගෙදර එද්දි අපිව පිලිගත්තු උඹ...... තාමත් එතනමයි  මචං..... අදත් උඹ එනවා ඉස්සර වගේම අපිත් එක්ක යන්න..... ඒත් මචං, එහෙම ආවත් පුලුවන් කමක් තියෙද්දිත් උඹ උඹටම බරක් නේද කියල ඇයි දැන්වත් හිතෙන්නේ නැත්තේ.........????