අපේ ජීවිත ගැන අපි කොහොමද හිතන් ඉන්නේ.. කවුරු හරි ඇවිත් ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද කියලා ඔබේ පිළිතුර බොහෝ වෙලාවට " නෑ " යන වචනය නේද? නැත්නම් "ඔව්. එත්..."
මම ඇහුවොත් ඒ ඇයි කියලා ඔබේ පිළිතුර මම දන්නවා. හුගක් දෙනාගේ පිළිතුර වෙන්නේ යම් දෙයක් ඔබට නැති කම නැත්නම් වෙන කාගේ හරි ලග තියන දෙයක් ඔබේ ගාව නැති කම.
මේක හුගක් දෙනා අතර ජනප්‍රිය සංකල්පයක්. ඒ තමයි
"මට නෑ සංකල්පය" ඒ සංකල්පය ඇති අය හැම විටම තමන් ගැන අඩු තක්සේරුවෙන්මයි සලකන්නේ.
මේ හේතු හින්දා ඔබ ඔබ ගැනම දුක් වෙනවා. අතිශය ශ්‍රේෂ්ට උත්තමයන් හැරෙන්නට මෙලොව වසන හුගක් මනුස්සයෝ යම් දෙයකින් තෘප්තිමත් කරන්න අමාරුයි.ගැහුණු පාර්ශවයේ මේ ගතිය පිරිමි පාර්ශවයට වඩා වැඩියි. ඔබ අද යම් තත්වයක ඉන්නවා නම් ඔබ බලන්නේ ඊට වඩා දෙයක් ලබා ගන්න. නැත්නම් වෙන කවුරු හරි ගාව තියන දෙයක් ගැන හිතලා හුල්ලන්න. තමන් ගැන , තමන් ඉන්න තත්වය, තමන්ට අයිති දේවල් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ඔබේ ජීවිතය දැන් තියනවට වඩා සුන්දර වේවි,සරල වේවි
මේක හුගක් දෙනා අතර ජනප්‍රිය සංකල්පයක්. ඒ තමයි
"මට නෑ සංකල්පය" ඒ සංකල්පය ඇති අය හැම විටම තමන් ගැන අඩු තක්සේරුවෙන්මයි සලකන්නේ.
- අරය වගේ මට සල්ලි නෑනේ ..
- මම එච්චර දක්ෂ නෑ..
- අපිට හරි ගියොත් ඉර අනිත් පැත්තෙන් පායයි.
- අපි දුප්පත්. අපිට උදව් කරන්න කවුරුත් නෑ..
මේ හේතු හින්දා ඔබ ඔබ ගැනම දුක් වෙනවා. අතිශය ශ්‍රේෂ්ට උත්තමයන් හැරෙන්නට මෙලොව වසන හුගක් මනුස්සයෝ යම් දෙයකින් තෘප්තිමත් කරන්න අමාරුයි.ගැහුණු පාර්ශවයේ මේ ගතිය පිරිමි පාර්ශවයට වඩා වැඩියි. ඔබ අද යම් තත්වයක ඉන්නවා නම් ඔබ බලන්නේ ඊට වඩා දෙයක් ලබා ගන්න. නැත්නම් වෙන කවුරු හරි ගාව තියන දෙයක් ගැන හිතලා හුල්ලන්න. තමන් ගැන , තමන් ඉන්න තත්වය, තමන්ට අයිති දේවල් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ඔබේ ජීවිතය දැන් තියනවට වඩා සුන්දර වේවි,සරල වේවි
හුගක් අය දන්නා මෙන්න මේ පුංචි කතාවත් මම මුලින් කිව්වා දේට ගැලපෙනවා.. ,
ඔන්න එකමත් එක රටක තිබුණු ලොකු කැලේක හිටියා කපුටෙක්. ඔව් අපි දන්න සාමාන්‍ය කපුටෙක් තමයි. දවසක් මේ කපුටා දැක්ක ඒ කැළේ අසල තිබුණු විලක ඉන්නවා හංසයෙක්.. සුදු ලස්සන හංසයෙක්... මේ හංසයා දැක්ක ගමන් කපුටට මෙහෙම හිතුනා ..
අර හංසයා හරිම සුදුයි,, හරිම ලස්සනය.. එකට මම කළුම කළු පාටයි.. ඒ හංසයා වෙන්න ඇති සතුටුම කුරුල්ලා.. අනේ මටත් හංසයෙක් වෙන්න තිබුන නම්..
මෙහෙම හිතපු ඒ කළු කපුටා හංසයා ගාවට ගිහින් තමන් හිතපු දේ ඒ හංසයාට කිව්වා..
නෑ යාළුවා මම සුදුයි තමයි. එත් බලන්න අර ගිරවා.. ගිරවට අපි වගේ එක පාටක් නෙමෙයි පාට දෙකක්ම තියනවා, එනිසා මම හිතන්නේ ගිරවා තමයි සතුටින්ම ඉන්නේ.
හංසයාගේ පිළිතුරත් එක්ක කපුටාගේ සිතුවිලි වෙනස් වුනා.. ඌ ට දැන් ඕනේ ගිරවෙක් වගේ වෙන්න. ඊට පස්සේ කපුටා ගියා ගිරවා හොයාගෙන. කලින් හංසයාට කිව්වා වගේ ගිරවටත් කිව්වා තමන්ගේ අදහස.. ඒ ඔක්කොම සාවදානව අහන හිටිය ගිරවා කිව්වා
යාලුවේ මට පාට දෙකක් තියන එක ඇත්ත. ඒත් මොණරා දිහා බලන්න.. කොච්චර පාට තියනවද.. අපි වගේද මොණරා.. කොච්චර සතුටින්ද ඇත්තේ.. ගිරවා කිව්ව කතාව ඇත්ත කියලා කපුටට හිතුනා. මොනරට වඩා පාට තියන කුරුල්ලෝ කොහෙද.. මොනරා තමයි සතුටුම කුරුල්ලා.. ඉතින් කපුටා මොනර හොයා ගෙන පියඹුවා. ඒ කැලේ මොනරු හිටිය නැති නිසා ඒ කාලය අසල වූ සත්තු වත්තක ඉන්න මොනරෙක් දුටු කපුටා හෙමින් මොනරා ගාවට කිට්ටු කළා ..
ඔබ හරිම ලස්සනයි. ඔබේ ශරීරයේ නේක විද වර්ණ .. මිනිසුන් දහස් ගණනක් පැමිණ ඔබ බලා යනවා. එකට මට .. මාව දකින කොට ෂෝ ෂෝ ගාල එලවල දන්නවා.. බලන්න ඔබ කොතරම් වාසනාවන්තද කියල මම හිතන්නේ ඔබ තමයි හුගක්ම සතුටින් ඉන්න කුරුල්ලා .. කපුටා මෙහෙම මොනරාට කිව්වා.
එත් කපුටටා ලැබුණු පිළිතුර කුමක්ද කියා ඔබ දන්නවද
කපුටු යාලුවේ .. ඔබ පැවසු දෙය ඇත්ත. මගේ ශරීරයේ හුගක් වර්ණ තියනවා තමයි. ඒවගේම මම හරිම ලස්සනයි කියලත් දන්නවා. මිනිස්සුත් මගේ ලස්සන වර්නන කරනවා . එත් මම ඉන්නේ මේ කුඩුවේ හිර වෙලා මටත් ආසයි ඔබ වගේ ඈත අහසේ පියාබන්න. එත් මට කොහෙද ඒකට වාසනාවක්. මිනිස්සු කවදාවත් ඔබව කුඩුවකට නම් දාන එකක් නෑ. ඒ අතින් බලනකොට හුගක්ම නිදහසක් තියෙන්නේ ඔබට. මට නොවෙයි . මම නම් හිතන්නේ සතුටින්ම ඉන්න ඕනේ කුරුල්ලා ඔබයි මම නොවෙයි..
තමන් ගැන මෙච්චර වෙලා අවතක්සේරුවෙන් හිටිය කපුටා, මොනරා මෙහෙම කිව්වට පස්සේ හුගාක් සතුටු වුනා, ආයෙත් කවදාවත්ම තමන් කාත් එක්කවත් සංසන්දනය කරන්න ගියේ නෑ..
තමන් ගැන මෙච්චර වෙලා අවතක්සේරුවෙන් හිටිය කපුටා, මොනරා මෙහෙම කිව්වට පස්සේ හුගාක් සතුටු වුනා, ආයෙත් කවදාවත්ම තමන් කාත් එක්කවත් සංසන්දනය කරන්න ගියේ නෑ..
Comments