ගිම්හානය ඉවර වෙලා වස්සානය අවේ ඉක්මනට වගේ.......
කර්කශව ඉරි තැලී ගිය උගේ ජිවිතේ මේ වස්සානෙත් එක්ක වෙනස් වෙයි කියලා ඌ හිතුවා.....
ඉඩෝර බිම නිවාලන පිනි පොද වැස්සක් වගේ ඒ සුන්දර වස්සානෙදි ඒකි ආවා ඌ ඉන්න ඉසව්වට.....
එත් ඒ ඌ හොයාගෙන නෙමෙයි...
ඒකිගේ අනාගතේ වෙනුවෙන්...
ඒකි ආපු දවස් වල ඒකි ඒකිගේ පාඩුවේ හිටියා
ඌ උගේ පාඩුවේ හිටියා....
එත් කාලෙ මේ හැමදෙම වෙනස් කලා....
ටික දවසක් යද්දි ඌට එකි ගැන ටික ටික හිතෙන්න ගත්ත...
ඌ හිතත් එක්ක රන්ඩුවුනා... තරහා වෙලා හිටියා...
ඒත් ඌට බැරි උනා හිත පරද්දන්න...
අන්තිමට හිත කිව්ව දේ ඌ පිලිගත්තා....
ඒ ඌ එකිට කැමතියි කියලා
හිත හිරි වට්ටන තරහින් පුපුරන
ඒකිගේ පුංචි ඇස් වලට ඌ හුඟාක් අදරේ කලා....
ඒත්.......
මේ කිසිම දෙයක් එකි දැන ගෙන හිටියේ නැහැ...
හිත ඉස්සරහ පැරදුනු දවසෙ ඉදන් ඌ ලෝකෙට හොරාට හීන මැව්ව...
එත්...
හැමදමත් ලෝකෙට හොරෙන් හීන මවන්න ඌට බැරි උනා...
ඌ කියන්න කලින් ලෝකයා උගෙන් හැම දේම දැන ගත්තා....
හැමදාම ඌ එකි දිහ බලන් හුගක් දේ කිව්ව...
ඒ හිතින්...
කවදවත් ඒවා වචන වුනේ නෑ ....
සමහර දෙවල් කියන්න ඔන වුනාට
ඌට කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ...
ඒ උන් හිටියේ තල දෙකක නිසා...
පුලුවන් විදියට ඌ සමහර දේවල් කිව්ව...
ඒත් එවා ඒකිට දැනුනද කියලා ඌ දැනගෙන හිටියේ නෑ....
දන්නෙම නැතුව වස්සනයත් ඉවර වෙන්න අවා...
වසන්තේ අගදි ඒකි දැනගත්ත ඌ ඒකිට කැමතියි කියලා...
ඒත් ඒකි කිසිම දෙයක් කිව්වේ නෑ ඒ ගැන...
ඒකිට උරුම උන නිහඩ බව ඒකි රැක්ක
ඌටත් තේරුම් ගන්න බැරි උනා ඒකි ගැන......
ඒත් එක වස්සානයක්ම හිතේ තද කරන් හිටපුදේ ඒකිට කියනවා කියලා හිතුවා....
අන්තිමට ඒ සුන්දර දේ ඒකිට කිව්වේ හුගාක් බලාපොරොත්තු ඇතිව....
උගේ හිතේ තියන දේ සුන්දර අවසානයක් වෙයි ඌ හිතුවා.....
මේ කතාවේ අවසානය සුන්දර වුනේ නෑ
ඌ අහුව දේට ඒකි උත්තරයක් දෙනවා වෙනුවට ඒකි තව ප්‍රශ්නයක් ඌට දුන්නා..
ඒ ප්‍රශ්නේ අරන් ඌ අවේ බිඳුනු හිතින්...
ඌට ඒ ප්‍රශ්නෙට උත්තරය තිබුනා නම් උගේ හීනේ ඉටුවෙන්න තිබුනා...
ඒත් ඌට ඒ ප්‍රශ්නේට උත්තරයක් තිබුනේ නෑ...
වස්සානය ඉවර වුනා.......
ඒකි අදටත් නිහඩයි....
ඌ ඒකිගෙ ප්‍රශ්නෙට උත්තර හොයනවා....
ඒත් ඒ ප්‍රශ්නෙට උත්තර හොයගත්ත දාට ඌට තව ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම එයි...ඒ ප්‍රශ්නෙට..........උත්තරේ හොයා ගන්නකන්
ඒකි ඌ එනකන් බලන් ඉඳියිද කියලා......
Comments
බොහොම සංකීර්ණයි නේද?
ඌට තව වස්සානයක් එයි.අනිවාර්යෙන්ම.
ලස්සනයි අලියා...
පබැඳි අරුතැති කවිය වී ..
ලොවක් සැනහෙන අස්වැසිල්ලක
සොඳුරු වස්සානයක් වී ..
ආත්මය සනහා නිවාලන
ප්‍රේමයද සන්තෘෂ්ටියද වී ..
කෙදිනදෝ ලඟ රැඳෙන්නේ නුඹ
සදා නොවෙනස් මගේ වී....
පොළොව ආයෙත් කර්කශව ඉරි තැළුණා...
හීන පිපෙන වසන්තයේදි නාවට,
ඉරි තැලුණු ගිම්හානයේදි
වැටෙන වැහි බින්දුවක වගේ
ඒකි එයි කියලා
ඌ බලාගෙන ඉන්නවා...
සමහර විට ඒකි එයි....
සමහර වුට නෑවිත්ම ඉදියි....
මොකද ඒකිගෙ ජිවිතේ සමහර තිරන ගන්නේ එකි නොවන හින්දා..
ඒත් අපිට ඒකිගෙවත් උගේවත් අනාගතේ ගැන කියන්න බෑ
@ thusitha
අනිවාර්යෙන්ම ඌට තවත් වස්සානයක් ඒවි...
මොකද ඌ එච්චර අවාසනාවන්ත නැති නිසා
thanx මචං...
ස්තුතියි මල්ලි....