Tuesday, July 28, 2009

මතක පොරොන්දුව




කාලෙ ගත වෙන්නෙ හරිම ඉක්මනින්. මගෙ පලවෙනි බ්ලොග් එක ලියල හුගක් කාලයක් ගතවුනත් මටනම් ඒ සිදුවීම අද ඊයෙ වගේ..ඊලඟ බ්ලොග් එක ලියන්නෙ කවදද කියලා.. එත් එකට වෙලාවක් හොයා ගන්න මම වින්ද දුකක්.මොකද අපේ exam ආවනෙ. exam සම්පූර්නයෙන්ම ඉවර නොවුනත් මගෙ දෙවනි බ්ලොග් එක ලියන්න වෙලාවක් හදා ගත්ත කොහොම හරි.

පලවෙනි බ්ලොග් එකෙන් මම පොරොන්දු වුනා මම මගේ බ්ලොග් එකට "මතක මන්දිර" කියල නම දැම්මෙ ඇයි කියලා කියනවා කියලා.. අන්න ඒ පොරොන්දුව ඉටු කරන්නයි මම මුලින්ම හිතුවෙ. ඒත් කාට හරි හිතෙන්න පුලුවන් " උඹට හොද හින්දනෙ උඹ ඒ නම දෙම්මෙ, ඉතින් අපිට මොකටද ඒ ගැන කියල. එක අතකින් බලනකොට ඒකත් සාධාරණ කතාවක්... ඒ වුනාට මම දෙයක් පොරොන්දු වුනානෙ.. 

හැමෝගෙම ජීවිත වල සුන්දර වගේම අසුන්දරත් මතක් කරන්න අකමැතිම වගේම හැම තිස්සෙම මතක් කර කර ඉන්න කැමති මතකයනුත් තියනවා.හැබැයි ඒ හැම මතකයක්ම අපේ ජීවිත්වලට අත්දැකීමක් වෙලා තියනව කියලා මම කිව්වොත් සමහරු එක පිලි නොගනීවි..හැබැයි පුතේ එදා අපි අත්වින්ද ඒ අත්දකීම අද මතකයක් වුනත් එදා අත්වින්ද දේ හින්දයි අද අපි යම් තැනක ඉන්නවානම් ඉන්නෙ.හැබැයි තැන හොද වෙන්නත් පුලුවන් නරක වෙන්නත් පුලුවන්.ඒක තීරනය වෙන්නෙ අපි මුහුන දෙන අත්දැකීම් මත තමයි..අපෙ ජීවිත වල තියන අමිහිරි මතකයන් ටික අමතක කරලා දාන්න පුලුවන් නම් කොච්චර හොදද කියලා අපි හැමොටම හිතුනු වාර නම් අනන්තයි. ඒත් එක කරන්න බැ. හොද වුනත් නරක වුනත් මතකයන් අපේ හිතේ තැම්පත් වෙනව. කාලයක් ගතවෙනකොට ඒවා අමතක වෙන්න පුලුවන් වුනත් හිතට කාවැදුනු මතකයන් නම් අමතක කරන්න අමාරුයි.හැමෝගෙම හිත් සුන්දර මතකයන් වගේම අමතක කරන්න බැරි මතකයනුත් පිරිලා .

කවුරු හරි තමන්ගේ බ්ලොග් එකේ මොකක් හරි රසබර සිදුවීමක් ලියලා තියනවා නම් ඒක ලියපු කෙනාගේ මතකයේ රැදුනු මතකයක්..අන්න ඒ වගේ ජීවිතේට ඇතුවත් බැරි නැතුවත් බැරි මතකයන් නිසා තමයි මම මගෙ බ්ලොග් එකට මතක මන්දිර කියල නම තිව්වේ. මගෙ හිතේ රැදුනු මතකයන් පිරුනු සොඳුරු තැනක් තමයි "මතක මන්දිර "කියන්නෙ.

Friday, July 3, 2009

සිහිනය....


ලස්සනට ලියන්නට මට පුලුවන්ද කියල දන්නෙ නැති වුනත් මගෙ හිතේ පුංචි හීනයක් තිබුනා හුගාක් කාලෙක ඉදන්.එක ඉටු කරගන්න මම කල උත්සහය මම විතරයි දන්නෙ .කොහොම කොහොම හරි අන්තිමට මගෙ ඒ පුංචි හීනේ අද ඉටු වුනා.ඒ පුංචි හීනේ තමයි මගෙම කියලා බ්ලොග් එකක් ලියන එක.හුගාක් සතුටුයි අද මට.


ඒ සතුටත් එක්ක මම පලවෙනි බ්ලොග් එක ලියන්න යනකොට,මට අතිතයේ දවස සිදුවුන පුංචි දෙයක් මතක් වුනා.ඒක මගෙ පලමු බ්ලොග් එක විදියට එක ලියන්න මම හිතුවා.කැම්පස් එන්න ටික දවසකට කලින් මම මගෙ කාමරෙ අස් කරකොට පොඩිවුනකොලයක් මගෙ ඇද පල්ලෙ තිබිලා හමුවුනා එකේ තිබුන පුංචි නිසදැසක් මෙන්න මෙහෙම





''පෙණ පිඩු නංවමින් ගලා යන
ජීවිත ගංඟාවේ
එක්තරා ගිම්හාන ඍතුවක
එක නිමේෂයක ඔබ මම හමුවුනි.....
ගහ කොල මලානිකව
සුසුම් හෙලද්දී .........
බොල් පොලව කර්කෂව ඉරිතැලී යද්දී
ඔබ තුහින මල් වැස්සක් වී
මගේ ජීවිත ගංඟාවට වැටුනා නොවෙද.........
ඔබේම වු ආදරයේ ස්නේහයේ තුහින මල් වැස්සෙන්
වේලී හිදී යමින් තිබු මගේ ජීවිතය
පිරි ඉතිරී පිටර ගැලු බව ඔබට මතකද..........
ඒ වසත් සමය අපේම නොවෙද
ගෙවී ගිය ඒ වසත් සමය වෙනුවෙන් මෙසේ පවසමි.........
ඔබෙන් ලද ඒ පිවිතුරු ආදරය ලැබ
ගලායන ගංඟාවකි මා....
ඔබ නමින් ඔබ වෙනුවෙන් පේවී
ඔබේ පහසේ ලැගුම් ගැනී මට නොහැක මට
මන්දයත් මා කවරදාක හෝ හිමිවන්නේ
අතොරක් නොමැතිවු සප්ත මහා සාගරයට බැවිනි...
ඔබෙන් ලද ඒ සුසුම් පැන් පොද
සප්ත මහා සාගරයේ ජල කඳට වඩා අගනේ බැව් සැබැවකි....
නමුදු මා ගලායන ගංඟාවකි......''


ඔන්න ඔය නිසැදැස තමයි ඒ පුංචි කොල කෑල්ලෙ තිබුනෙ.ජීවිතෙ තනිකමක් දැනුනු වෙලවක මම ලිව්ව අහිංසක සටහනක්.ඉතින් මගෙ බ්ලොග් එක නිසැදැස ලස්සනද කැතද කියල මම දන්නෙ නැ ඒක ඔයාලයි දන්නෙ.ඉතින් මගේ බ්ලොග් එකෙ හොද නරක කියල මට එවන්න.මගෙ බ්ලොග් එකට මතක මන්දිර කියල නම දැම්මෙ ඈයි කියලා ඊලග බ්ලොග් එකෙන් මම කියන්නම්.