Saturday, August 21, 2010

එපා වීම , එපා කර වීම හා අවසන මරා දැමීම.....


නුඹලා මට එපා විය...
මා විසින් නුඹට මා එපාකරවීය..
නුඹට මා එපාකර වුයේ තවත් රිදවිය නොහැකි නිසාය...
නෙතේ කඳුලු දැකිය නොහැකි නිසාය...
නුඹලා මට එපා වුයේ නුඹලා කල කී දෑ නිසාය...
කෙනෙකුගේ ආත්මය මරා දැමු නිසාය...
නුඹත් නුඹලාත් මා
ලඟට ගත්තා වැඩිය...
ආදරේ කලා වැඩිය..
ඉවසුවා වැඩිය...
එතරම් රිදුනේ ඒ නිසාය..
සිතුවේ එක් දෙයකි...නමුදු සිදුවුයේ නොසිතු දෙයකි...
කල දෙයක් නොමැති තැන
මා විසින් නුඹත් නුඹලාත් එලවා දැමුවෙහිය..
ඒ මටද නුඹටත් නුඹලාටත් විඳවන්න නොහැකි නිසාය..
නුඹලා නොවිදෙව්වාට
මගේ ආත්මය හා නුඹත් ඒ දුක විදෙව්වෙහිය...
නමුදු
නුඹ නොමැති තැන
තනිවු මාගේ ආත්මය
නුඹලා විසින් අමු අමුවේ මරා දැමුවෙහිය...
සැබවින්ම
මට නුඹ ගැන දුකය...
නුඹලා ගැන හිතන විට මට මං ගැන දුකය...
තව දිනකින්
නැවත මා නුඹත් නුඹලාත් සමග
දොඩමලුවනු ඇත ...
සිනා සෙනු ඇත...
නුඹ කෙසේ වෙතත් නුඹලාද
කිසිවක් නොවු අයුරින් මා සමග සිටිනු ඇත...
දොඩමලුවනු ඇත ...
සිනා සෙනු ඇත...
නමුදු එදිනට
නුඹ හෝ නුඹලා අසල සිටින්නේ
පෙර සිටි මා නොවන බව නුඹලාට වැටහෙනු ඇත...
මන්දයත් නුඹලා විසින්ම මරා දැමු
පෙර සිටි මාගේ ආත්මයට
නැවත පණ දිය නොහැකි නිසාවෙනි.......

Thursday, August 5, 2010

කඳුලු බිඳුව නොහොත් අවසන් කව.....


ලසොවින් බර නුවන් අගින්
දඟකාර ලෙස ගලනා
කඳුලු බිඳුවේ...
නුඹවත් කියාපන් මට...
"ජීවිතය නම් කිමැයි කියා"
මගේ සුසුමට පණ පොවන
මගේ තනියට තනි මකන
දගකාර ලෙස ගලනා
කඳුලු බිඳුවේ.......
ජීවිතය නම් වු වන්නි වනාන්තරයේ
තනිවු මොහොතක
නුඹම නොවෙද
රූරා වැටුනේ මගේ දෙකොපුලට....
හෙමිහිට කණට කොඳුරා කී
ඒ රහස දිරියක් වුනා යන්නට ඉදිරියට...
දගකාර ලෙස ගලනා
කඳුලු බිඳුවේ....
නුඹවත් කියාපන් මට
ජිවිතය හමුවේ මා තනිවී නොමැති බව....
රෑ සීත යාමයේ
ඔච්චමට හිනාවෙන තරුකැට අතර...
හිත පාරාගෙන මා අතරමං වු බව
නුඹට හැඟුනාද....
හද කොනෙක නුඹ සිටි නිසාම
දෙනෙතින් ගලා විත් මා සිප ගත් නුඹ
හැමදාම මා ලගින් ඉන්නවා නේද...
කියාපන් මට....
නුඹ මා හදවතේම රදවා ගන්නවා මිස
කුමක් කරම්ද...
මගේම දයාබර කදුලු බිඳුවේ
කියාපන් මට....