Tuesday, November 16, 2010

පශ්චාත් තාපය






හැරී බැලුවෙමි නැවත වරක් ජිවිතය දෙස

ආ ගමන් මඟ දෙස...
දුටුවේ නැත කිසිවක් මා අත්පත් කර ගත් 
ඇත්තේ හිස් බවක් පමනි......
ගෙවු අතිතය අදුරු නම්
ගෙවන වත්මන නීරස නම්
අනාගතය නොපෙනේ නම්
ජීවිතයෙන් ඇති පල කුමක්ද?
සිතුනි මට සිය දහස් වරක්... 
සෙව්වෙමි වැරදී ඇත්තේ කොතනද කියා
වෙන කිසිවෙකුට වරද පැටවිය නොහැක...
වරද ඇත්තේ මා තුලමය...
කල හැකි දෙයක් වේද?
සෙව්වෙමි මඟක් එය නිවරදි කර ගැනුමට
"දැන් පරක්කු වැඩියි"...

යමෙකු කෑ ගැසීය..

ඒ වෙන කිසිවකු නොව
මාගේ සිතමය...
සිතට වහල් වී හිස් කර ගත් ජිවිතය 
නැවත ගොඩ නගා ගත යුතුය... 
කල යුතුය යමක් හෙට දිනය වෙනුවෙන්..
හැඬීමට නොව සිනාසීමටය....
නමුදු සිත තුල ඇති 
මේ පසු තැවිල්ල එයට 
ඉඩ දේ දැයි සැක සහිතය....