Saturday, November 21, 2009

වසන්තයේ කතාවක්.......


ගිම්හානය ඉවර වෙලා වස්සානය අවේ ඉක්මනට වගේ.......
කර්කශව ඉරි තැලී ගිය උගේ ජිවිතේ මේ වස්
සානෙත් එක්ක වෙනස් වෙයි කියලා ඌ හිතුවා.....
ඉඩෝර බිම නිවාලන පිනි පොද වැස්සක් වගේ ඒ සුන්දර වස්සානෙදි ඒකි ආවා ඌ ඉන්න ඉසව්වට.....
එත් ඒ ඌ හොයාගෙන නෙමෙයි...
ඒකිගේ අනාගතේ වෙනුවෙන්...
ඒකි ආපු දවස් වල ඒකි ඒකිගේ පාඩුවේ හිටියා
ඌ උගේ පාඩුවේ හිටියා....
එත් කාලෙ මේ හැමදෙම වෙනස් කලා....
ටික දවසක් යද්දි ඌට එකි ගැන ටික ටික හිතෙන්න ගත්ත...
ඌ හිතත් එක්ක රන්ඩුවුනා... තරහා වෙලා හිටියා...
ඒත් ඌට බැරි උනා හිත පරද්දන්න...
අන්තිමට හිත කිව්ව දේ ඌ පිලිගත්තා....
ඒ ඌ එකිට කැමතියි කියලා
හිත හිරි වට්ටන තරහින් පුපුරන
ඒකිගේ පුංචි ඇස් වලට ඌ හුඟාක් අදරේ කලා....
ඒත්.......
මේ කිසිම දෙයක් එකි දැන ගෙන හිටියේ නැහැ...
හිත ඉස්සරහ පැරදුනු දවසෙ ඉදන් ඌ ලෝකෙට හොරාට හීන මැව්ව...
එත්...
හැමදමත් ලෝකෙට හොරෙන් හීන මවන්න ඌට බැරි උනා...
ඌ කියන්න කලින් ලෝකයා උගෙන් හැම දේම දැන ගත්තා....
හැමදාම ඌ එකි දිහ බලන් හුගක් දේ කිව්ව...
ඒ හිතින්...
කවදවත් ඒවා වචන වුනේ 
 නෑ ....
සමහර දෙවල් කියන්න ඔන වුනාට
ඌට කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ...
ඒ උන් හිටියේ තල දෙකක නිසා...
පුලුවන් විදියට ඌ සමහර දේවල් කිව්ව...
ඒත් එවා ඒකිට දැනුනද කියලා ඌ දැනගෙන හිටියේ නෑ....
දන්නෙම නැතුව වස්සනයත් ඉවර වෙන්න අවා...
වසන්තේ අගදි ඒකි දැනගත්ත ඌ ඒකිට කැමතියි කියලා...
ඒත් ඒකි කිසිම දෙයක් කිව්වේ නෑ ඒ ගැන...
ඒකිට උරුම උන නිහඩ බව ඒකි රැක්ක
ඌටත් තේරුම් ගන්න බැරි උනා ඒකි ගැන......
ඒත් එක වස්සානයක්ම හිතේ තද කරන් හිටපුදේ ඒකිට කියනවා කියලා හිතුවා....
අන්තිමට ඒ සුන්දර දේ ඒකිට කිව්වේ හුගාක් බලාපොරොත්තු ඇතිව....
උගේ හිතේ තියන දේ සුන්දර අවසානයක් වෙයි ඌ හිතුවා.....
මේ කතාවේ අවසානය සුන්දර වුනේ නෑ
ඌ අහුව දේට ඒකි උත්තරයක් දෙනවා වෙනුවට ඒකි තව ප්‍රශ්නයක් ඌට දුන්නා..
ඒ ප්‍රශ්නේ අරන් ඌ අවේ බිඳුනු හිතින්...
ඌට ඒ ප්‍රශ්නෙට උත්තරය තිබුනා නම් උගේ හීනේ ඉටුවෙන්න තිබුනා...
ඒත් ඌට ඒ ප්‍රශ්නේට උත්තරයක් තිබුනේ නෑ...
වස්සානය ඉවර වුනා.......
ඒකි අදටත් නිහඩයි....
ඌ ඒකිගෙ ප්‍රශ්නෙට උත්තර හොයනවා....
ඒත් ඒ ප්‍රශ්නෙට උත්තර හොයගත්ත දාට ඌට තව ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම එයි...ඒ ප්‍රශ්නෙට..........
උත්තරේ හොයා ගන්නකන්
ඒකි ඌ එනකන් බලන් ඉඳියිද කියලා......