Saturday, February 27, 2010

ඇය නමින්...

මෙ ලිපිය මගේ නෙත් ගැටුනේ අහම්බයකින් නම් නෙමෙයි... හැමදාමත් මම ආසාවෙන් කියවන එක තීරු ලිපියක් තමයි "එක් හැන්දැවක්" කියන්නේ... මේ තිරු ලිපිය ලියන්නේ රසික ජයකොඩි කියලා තරුණ මාධ්‍ය වේදියෙක්...ඔහු ලියන ඒ තිරුලිපි පෙල හදවතට හුගාක් සමීපයි..සරලව කිව්වොත් ඒ ලිපි කියවද්දි හුගාක් දැනෙනව.. අද මම ඔහුගේ එක ලිපියක් තොරා ගත්තා.. ඒ වෙන මොනවත් හින්ද නෙමෙයි 2010/02/21 රිවි සරසි පත්තරේ පල වුනු මේ ලිපිය මට හුගාක් සමීපයි වගේ මගේ හිතට හුගාක් දැනුනු නිසා..ඇය නමින් මාගේ ආදරනීය ගෘෂා නමින් මේ සටහන ලියන්න හිතුනු නිසා...


(කියවන්න අමාරු නම් ෆොටෝ එක උඩ ක්ලික් කරන්න)


හෙන්රි ජයසේනයන්ට වගේ මටත් මනමේ කුමරියක් හිටියා.. පෙම් බැන්දා... ඒත් ඒ අදරය චංචලයි වෙනස්වෙනවා කියලා මට දනුනා...ආදරය වෙනස් වෙන හැටි මම වින්දා...
ඒත්....
ගෘෂා ගේ ආදරය වගේ කවදාවත් වෙනස් වුනේ නෑ ඇගේ ආදරයත්...
චංචල ආදරයේ වේදනාව අමතක කර වන්න ඒ ආදරණීය ගෘෂාට පුලුවන් වුනේ ඒ ආදරය හුගාක් නිර්මල නිසයි..
"ඒ ආදරය විසල් අහසක් තරමට අචලයි.. ගිරි සිරසක් තරමට නිසලයි...."
හිතේ තිබුනට ලියා ගන්න ඕන දේ ලියවෙන්නේ නෑ.. ඇයි කියලා මම දන්නේත් නෑ..
ඒත්.....
කොච්චර දේවල් වුනත් සදාකල්හිම ඇගේ ආදරය ආත්මීය බැඳීමක් සේ නොවෙනස්ව ඒ හිතේ ලැගුම් ගෙන තියනවා...

"පාට පාට දේදුන්නක් වෙලා
හොරෙන්ම
නුඹ මගේ ලොකේ ලස්සන කරනකොට..
මං බයේ හිටියේ
වැහි කෝඩෙත් එක්ක
නුඹ මැකිලා යාවි කියලා ..
එත් මං දැන් දන්නවා
නුඹ මගේ ලෝකයේ
දොලොස්මහේ පහන වෙලා
ජීවිත කාලෙම
ලඟින් ඉන්නවා කියලා ..

මගේ ලොකයේ වටිනාම වස්තුව..
හිත ඇතුලේ පරිස්සමට තියාගෙන
පන වගේ රකින
නුඹේ ආදරය ..
මාව ජීවත් කරවන උනුහුම වෙලා...

මම නුඹට හුඟාක් ආදරෙයි... හුඟාක්..."

Friday, February 19, 2010

ආයෙත් කෝල් කරාවිද..?නොහොත් දුරකතන ප්‍රේමය



දැන් නම් ඉතින් ඉවසුව හොදටම ඇති.....
ඕන මගුලක් වෙන්න කියලා මම ෆෝන් එක ගත්තා... හිතේ තාමත් දෙගිඩියාව....
කමක් නෑ.. අද කතා කරනවා මයි...හැමදාම කියල මෙහෙම විදවන්න පුලුවන්ද? එත් බයයි...
"හැගීම් වලට වහල් වෙන්න එපා පුතේ..." එක සැරයක් අම්මා කිව්ව මතකයි මට...
එත් කමක් නෑ..අද කෝල් කරනවා මයි... අංකය ඩයල් කලා...
ෆෝන් එකේ රින්ග්ස් යනවා... මොනවා අහන්නද හෙලෝ කිව්වම?මටත් පිස්සු..
මොනවා හරි අහනවා...
"හෙලෝ" එහා පැත්තෙන් ඇහුනා..
හරිම ස්වීට් කට හඩක්...
ආයෙත් සැරයක් හෙලෝ කිව්වා...තවත් සැරයක් නම් හෙලෝ නෑ කට් ම තමා....
"නෙත්මි ඉන්නවද" මම ඇහුවා...
එත් මම දන්න නෙත්මි කෙනෙක් නෑ... මොනව හරි අහන්න එපැයි...
"නෑ... ඔය නුවර නෙමෙයිද... නෑ" හැමදේටම නෑ..
ඉතින් මමත් අහන්නෙ බොරුනෙ..
"සොරි වැරදීමක්" මම ෆෝන් එක තිව්වා...
"ඇයි බන් උඹ නෙත්මි කෙනෙක් ගැන ඇහුවේ..." මම මගෙන්ම අහගත්තා...
ඒත් ඉතින් වෙන මොනවා කියලා අහන්නද?... කමක් නෑ කට හඬවත් අහගත්තනේ...
ඊලඟ දවසේ දවල් දොලහට විතර කෝල් එකක් ඇවිත්.. අර අංකෙන්...
කරුමෙක මහත කියන්නෙ මම ඒ වෙලවෙ හිටියේ කැම ගේන්න කඩේට ගිහින්...
ෆෝන් එක දාල ගිහින් බෝඩිමෙ...
කරුමේ කරුමේ...
මම කෑම අරන් එනකොට අපේ එවුන් ටික උඩ පැන පැන ඉන්නවා..
ඇයි? මම අහුවා...
"පාටිය දීපන්...
මොන පාටිද...
අතේ සතේ නැතුව ඉන්න වෙලාවේ...
ඉස්සරහට කොහොමත් අතේ සතේ නැතිවෙයි මල්ලි...
ඒ මොකෝ ...
උඹට දැන් කෝල් එකක් ආවා.. කෙල්ලෙක් කතා කලේ...
ක්‍රිශාන් ඉන්නවද කියලා ඇහුවා ..
අපි නෑ කිව්ව... කමක් නෑ කියල තිව්වා...
මම හිතන්නේ පුතේ උඹේ සිහින දෙව් දුව වෙන්න ඇති..."
ඒ කතාව අහලා මට නිකන් මංඤං වගේ...
කොහොම හරි අපේ එකෙක් ආපු කෝල් එකට උත්තර දීල...
"කෝ දීපන් ෆෝන් එක.." මම ෆෝන් එක උදුරලා ගත්තා. ලෝක පුදුම අංක නමය...
ඊයෙ මම කෝල් කල නම්බර් එකෙන් තමයි කෝල් එක ඇවිත් තියෙන්නේ....
දෙන දෙවියො ටොකු ඇන ඇන දෙනවා කියන්නෙ මේකට තමයි....
"දැන් ඉතින් වෙන කුමක් කරන්නද... කෝල් කරනු මිස..." එහෙම සින්දුවක් තිබුනා වගේ මතකයි මට....
අදාල අංකයට කෝල් එකක් ගත්තා...
අදත් කතා කලේ ඊයේ කතා කල කෙනා මයි...
" මම ක්‍රිශාන් කතා කරන්නේ,මේ නම්බර් එකෙන් මට කෝල් එකක් ඇවිත් තිබුනා ,
කවුද කතා කරන්නේ... " මම වීරයා වගේ අහුවා..
හ්ම්ම්ම්... සද්දයක් නෑ...මම ආයෙත් පාරක් අහුවා ඒත් නෑ...
කවුද කතා කරන්නේ කියලා මම දන්න නිසා "අමායා නේද මේ කතා කරන්නේ " මම ඇහුවා...
ඒත් සද්දයක් නෑ .. මට වැරදුනා වත්ද?.. මට වරදින්න නම් විදියක් නෑ...
"මම දන්නවා අමායා තමයි කතා කරන්නේ කියලා.. අමයා නේද කතා කරන්නේ..."
අන්න එතකොට හීනියට ඔව් කියනව ඇහුනා...
අම්මෝ මට තිබුනු සතුට.......
"මම හිතුවේ නෑ ඔයා මට කෝල් කරයි කියලා...මම ඇසුවෙමි..
ඊයේ කතා කලේ ඔයා නේද.."
මම නිරුත්තර විය..
කොහොමද දැන ගත්තේ මම කියලා.. මම ඇසුවෙමි..
මට දැනුනා ඔයා වෙන්න ඇති කතා කරන්නේ කියලා.. එසේ අපගේ කතාව ආරම්භ වුනි...
එත් මම වචන දහයක් කිව්වොත් එහා පැත්තෙන් වචන එකයි...
මම කියවනව කියවනව.හරියට වන් මෑන් ෂෝ එකක් වගේ..
එහා පැත්ත නෝ කතා..
අනේ වරදක් කියන්න බෑ මගේ කටින් හොදට මෙ වෙලාවෙ වචන ගලනවා...
මම හිතුවා මම කියවන දේ එපා වෙලාද වත් කියලා...
අනේ නෑ..
"ඔයා කතා කරනවා අහන් ඉන්න මම හරි ආසයි...."
එහා පැත්තෙන් උත්තර දුන්නා..
පුදුමෙ පුදුමයි...
මම කොච්චර ලස්සනට කතා කරනවද?
කොහොමහරි පැයක් විතර කතා කලා..
මම කියන වචන වලින් 1/10ක් වත් එයා කතා කලේ නෑ...
කියන්න ඕන ටික මම කිව්වා..
හැබැයි මම මොනව කිව්වද කියලා මටවත් මතක නෑ..
ෆෝන් එක තියන්න කලින් නම් කිව්වා ආයෙත් කෝල් එකෙක් දෙනව කියලා..
මමත් මේ බලන් ඉන්නේ අයෙත් කෝල් කරනකම් තමයි........
එදාට මගේ ප්‍රශ්න ගොඩකට උත්තරත් ලැබෙයි...