Thursday, September 16, 2010

මායාකාර බොරුකාරී.....


කියමින් දහසක් චාටු බස්
රගමින් මරගන රැගුම්
අන්දවමින් ගොන් වෙස්
ගෙන ගිය ඔහුව සිහින කන්දට

මවා පාමින් බොරු ප්‍රශ්න
ඉතිරි කරමින් ලොකු දුකක්
රවටමින් ඔහු සිතම
කරයි සියල්ල තමාට රිසි සේ

නොදැනෙයි කිසි දුකක්
නොසිතයි කිසි කෙනෙකු ගැන
කරයි තම සියලු වැඩ
තමාගේ යහපත තකා

විටෙක කඳුළක්, විටෙක සතුටක්
ඇත ඇගේ මුහුණ තුළ
වටහ ගනු නොහැක ඔහු හට
ඇගේ මේ දිවි පෙවෙත

හඬමින් හා වැල පෙමින්
ගෙවයි ඔහු තම දිවිය
තේරුමක් නොනැති බව
වටහා ගත්තා මේ බැදීම තුළ

රැවටුණ ඔහු ඇය හටම
ඇගේ බොරු වැඩ වලට
කල මෝඩ කම් ගැන
පසු තැවෙයි හැම දිනේම

පමාවී නොමැති බව
වටහා ගත් පසු ඔහුම
ගත් තීරණය නිසා
වෙනස් වුණා ඔහු දිවිය

දුකක් වුවද වෙන්වීම
හැර ගියා ඔහු ඇයව
තනි කර දමා බොරු තුළ ඇයව
ඔහු ගියා ඔහුගේ විජිතය...

දකිනා විට ඇයව
දැනෙයි සිතට දුකක්
සදා ගනි ඔහු තම සිත
තම අනාගතය ගැන සිතා

දනිමි ඔහු එක් දෙයක්
දිනිය හැකි බව ජීවිතය
කරයි අරගල දිනෙන් දින
දිනන්නට ජිවිතය....

Wednesday, September 15, 2010

වසන්තයේ කතාවක්....... II


වසන්තය ඉවර උණා...
පොළොව ආයෙත් කර්කශව ඉරි තැළුණා...
හීන පිපෙන වසන්තයේදි නාවට,
ඉරි තැලුණු ගිම්හානයේදි
වැටෙන වැහි බින්දුවක වගේ
ඒකි එයි කියලා
ඌ බලන් හිටියා
හුගාක් ආදරයෙන් ආසාවෙන්
හිරිමල් තාරුණ්‍යයේ හිතට දැනෙන
ඒ ආදරණීය හැගීම යටපත් කරගෙන
ඒකිගේ ප්‍රශ්නෙට උත්තර හෙව්ව
ඒකි ඒවි කියල හිතාගෙන....
අනෝරා වැහි ඇද වෙටෙද්දීත්
චන්ඩ හිරු දාහයෙන් සියොලගම දවා හලුකර යද්දීත්
අකම්පිතව ඒ සියල්ල විද දරා ගන්න
ඌට පුලුවන් උනේ උගේ හිතේ ඒකි ගැන
තිබුනු සුපෙම්බර හැගීම නිසා...
ඒකි මේ කිසිම දෙයක් දැනන් හිටියද... ඌ දන්නේ නෑ
ඇතමෙක් උත්සහ කරද්දීත්
ලංවන්නට උගේ හිතට
ඌ ජිවත් උනේ එකම එක ආදරනීය
හැගීමක් සිතේ තියා ගෙන...
ලං වෙන්නට බැරිඋනාට ඈත දුරක ඉදන්
ඒ පුපුරන ඇස් වලට පෙම් කල තරම දන්නේ ඌ විතරයි...
ඒකිට මේ කිසිම දෙයක් ගැන හැගීමක් තිබුනද..
ඌ ගැන හිතුවද...
ඌ දැනන හිටියේ නෑ...
ටිකෙන් ටික උත්තරේට ලංවුනා...
පරවෙලා ගිය සතුටු මල් නැවත දලු දැම්මා...
ඒත්..
කාලෙත් එක්ක සමහර එවුන් එක එක කතා කිව්වා..
උන් ගැන... ඒකි ගැන..
වටේ එවුන් කියන දේ පිලි ගන්න ඌ කැමති උනේ නෑ..
රන්ඩු කලා හිතත් එක්ක..
භාගේට හොයපු උත්තරෙත් අරගෙන
ඌ ගියා ඒකි ඉන්න ඉසව්වට...
ඒත්...
ඒකි යන්න ගිහින්...
යන්නම යන්න ගිහින්....
ඌ තනිවුනා ...
ඒත් ඒකි තනි උනේ නෑ...
ඌට ඒකිගේ හෙවනැල්ල පෙනුනේ නෑ...
ඒ වෙනුවට ඌ දැක්කේ
ඒ හෙවනැල්ල වැහෙන්න වෙන එකීක් ඒකි ගාව ඉන්න එක විතරඉ...
දරදඩු පිරිමි හිත
රිදෙන්න ගත්තා...
දෙකොපුල් දිගේ ඌටත් නොදැනීම
හිනියට කදුලු කැට දෙක තුනක් කඩන් වැටුනා
ඒත් ඌ ඒවා ලොකෙට හැංගුවා..
හැමදාම ප්‍රශ්න ඉතිරි කලා වගේ
ඒකිගේ මෙ ගමනත් ඌට ප්‍රශ්න ගොඩක් ඉතිරි කලා...
ඒත් ඌ හිත හදා ගත්තා
ඌ ඒකිව දකිනව...
ඒකිගේ හෙවනැල්ලත් එක්ක..
රිදෙනව ඌට
ඒකි දන්නේ නැති උනාට
ඉවසනවා හැමදේම ඌ
උගේ අනාගතේ වෙනුවෙන්
වෙනස් වෙලා ඌ දැන් ඒකි වගේම
ඒත් එකිගේ විදියට නම් නෙමේ...
ඒකිත් ඌ නොදනව උනාට මං එක දෙයක් දන්නව
ඌටත් කවදා හරි දවසක
උගේ හීන මල් පිපෙන වස්සානය එන වග..
එදාට උගේ හිතේ පූදින සිනා මල් කැකුල
ඒකිටවත් හිතා ගන්න බැරි වෙන වග...
එදාට සමහාර විට ඒකි දුක් වේවි...
ඒත් එදාට ඒකි වගේම ඌත් යන්නම යන්න ගිහින්...