තුන් සිතම සතපවන ගීතයේ පද අතර එකම එක තනුව වී මා නැලවුනු කලෙක අස්වැසිල්ලක් වූ සබඳ, නැත මා අබියස...... අරුත් බර පද අතර මිමිනු සුමුදු ජිවිතය පදරුත් සුන් වු විලස තනිව වැලපෙයි නිබඳ..... හැඩ වැඩ දමා වත්තම් කර ගත්කවි පද ගයන්නට මොහොතකට පෙර උදුරා ගත් නිසාම නොගැයු ඒ ගීතයම සිහිනයක් වුනා මට හැමදාම....