හතු පිපින්න වගේ දැන් හැමතැනම ප්‍රදර්ශන ප්‍රදර්ශන ... දැන් සතියකට අඩුමතරමින් එකක්වත් ප්‍රදර්ශනයක් තියනව ... මේ ප්‍රදර්ශන අතර සමහර ප්‍රදර්ශන වලට ලැබෙන්නේ සුවිශේෂි තැනක් ... අන්න එවන් ඓතිහසික ප්‍රදර්ශනයක් ගැනයි මේ ආරංචිය ... මෙච්චර කාලෙකට ලංකාවෙ තිබුණේ එකම ආරක IT ප්‍රදර්ශන .. ඒත් ComputerScience සහ ICT ගැන එක ප්‍රදර්ශනයක් වත් ලංකාවේ තිබුණේ නෑ .. ලංකාවේ වලට IT තියන ඉල්ලුමත් එක්ක මේ වගේ ප්‍රදර්ශනයක් ඇත්තටම කාලීන අවශ්‍යතාවයක් .. අන්න ඒ අඩුව පුරවමින් කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයනාතනය මගින් ප්‍රථම වරට ඉදිරිපත් කරන තොරතුරු තාක්ෂණ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය ifo++(Idea Free & Open) මේ මස 28,29,30 යන දිනයන් තුන පුර උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා කොළඹ විශ්වවිද්‍යලීය පරිගණක අධ්‍යයනාතනය භුමියේ පැවැත්වෙන වග කියන්නෙ හද පිරි සතුටකින් ... ඇයි මේ වගේප්‍රදර්ශනයක් කරන්න අපි හිතුවේ කියල කෙටියෙන් කිව්වොත් කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයනාතනයේ පරිගණක අධ්‍යාපනයට වසර 25 ක් සපිරීම (1985-2010) නිමිත්තෙනුයි මේ ප්...