Skip to main content

Posts

කපුටා සහ මොණරා

අපේ ජීවිත ගැන අපි කොහොමද හිතන් ඉන්නේ.. කවුරු හරි ඇවිත් ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද කියලා ඔබේ පිළිතුර බොහෝ වෙලාවට " නෑ " යන වචනය නේද? නැත්නම් "ඔව්. එත්..."  මම ඇහුවොත් ඒ ඇයි කියලා ඔබේ පිළිතුර මම දන්නවා. හුගක් දෙනාගේ පිළිතුර වෙන්නේ යම් දෙයක් ඔබට නැති කම නැත්නම් වෙන කාගේ හරි ලග තියන දෙයක් ඔබේ ගාව නැති කම.  මේක හුගක් දෙනා අතර ජනප්‍රිය සංකල්පයක්. ඒ තමයි  "මට නෑ සංකල්පය" ඒ සංකල්පය ඇති අය හැම විටම තමන් ගැන අඩු තක්සේරුවෙන්මයි සලකන්නේ. අරය වගේ මට සල්ලි නෑනේ ..  මම එච්චර දක්ෂ නෑ..  අපිට හරි ගියොත් ඉර අනිත් පැත්තෙන් පායයි.  අපි දුප්පත්. අපිට උදව් කරන්න කවුරුත් නෑ.. මේ හේතු හින්දා ඔබ ඔබ ගැනම දුක් වෙනවා. අතිශය ශ්‍රේෂ්ට උත්තමයන් හැරෙන්නට මෙලොව වසන හුගක් මනුස්සයෝ යම් දෙයකින් තෘප්තිමත් කරන්න අමාරුයි.ගැහුණු පාර්ශවයේ මේ ගතිය පිරිමි පාර්ශවයට වඩා වැඩියි. ඔබ අද යම් තත්වයක ඉන්නවා නම් ඔබ බලන්නේ ඊට වඩා දෙයක් ලබා ගන්න. නැත්නම් වෙන කවුරු හරි ගාව තියන දෙයක් ගැන හිතලා හුල්ලන්න. තමන් ගැන , තමන් ඉන්න තත්වය, තමන්ට අයිති දේවල් ගැන හිතලා සතුටු වෙන්න ප
Recent posts

හොංකොං ඩොලර් එකක් කීයද සර් ....?

එදින කලබලකාරී බදාදාවකි. වැඩ රාජකාරි බොහොමයක් තිබුණු දවසකි. වෙනදාට වඩා  වේලාසනින් නිවසින් පිටත් වූ මම සුපුරුදු ලෙසම පිත්තල හන්දියෙන් බැස ගතිමි. වැඩ රාජකාරි අධික දවසක් වූ නිසාත් ඉක්මනින් කාර්යාලය වෙත යා යුතු වූ නිසාත් එතැන් සිට නවම් මාවතේ පිහිට තිබු මාගේ කාර්යාලයට ත්‍රීරෝද රියකින් ගමන් කිරීමට ඉටා ගතිමි. කහ ඉරෙන් පාර මාරු වූ විගසම මගීන් රහිත ත්‍රීරෝද රියක් හමුවන්නේ වාසනාවකටය. එදින මට එම වාසනාගුණය තිබු අතර මුලින්ම පැමිණි ත්‍රීරෝද රියට මා ගොඩ වුයේ නවම් මාවතට යමු යනුවෙන් පවසමිනි.   "මට සර් ව දැකල පුරුදුයි. සර් සම්පත් බැංකුවේ ද වැඩ කරන්නේ.." මගේ ගමන ආරම්භ කොට ස්වල්ප දුරක් ගිය විට ත්‍රීරෝද රථ රියදුරා මගෙන් විමසුවේය.. සම්පත් බැංකු මුලස්ථානය ඇත්තේ නවම් මාවතේ ඇති බැවින්ද ඔහු එසේ විමසුවා විය හැක.  නෑ .. මම කෙටි පිළිතුරක් දුනිමි.   "මම සම්පත් බැංකුවේ වැඩ කළා. කාඩ් සෙන්ටර් එකේ හිටියේ.."  "කොයි කාලේද සම්පත් බැංකුවෙන් අයින් වුනේ.." මම පෙරලා ඇසුවෙමි " 2012 විතර සර් .. එකේ හිටිය ඇති සර් . එකෙන් අයින් වෙලා තමයි මම මේ ත්‍රීවීල්

සිරිදාස ගැන මට දුකය

මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ??  ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි..  නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්..  විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම  කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි.  එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා..  ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත.  මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත.  සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි   රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද මතක ඇතැයි විශ්වස කල නොහැක. වයස අවුරුදු පනහ පැන නැතයි

එදා සහ අද නුඹ සහ මම..

ඉස්සර මං දාහක් දේ කියද්දි ඒ සියල්ල නිහඩවම අහන් හිටපු නුඹ අද තොරතොංචියක් නැතුව කියවද්දි කනට දැනෙන සිසිලස  නුඹටත් දැනෙන්න ඇති මට වගේම.... ඉස්සර පුංචි දේටත්  මං සැර කළාම  ලොකු කඳුළු කැට වලින්  ඔය පුංචි ඇස් දෙක පුරවන් හිටිය නුඹ අද හැම දේම  හිනාවෙල භාර ගන්න අපුරු ව ... ජීවිතේ හැම දුකක්ම  හැම සතුටක්ම  සමසේ විඳගමින් අදටත්  මට නුඹවත්  නුඹට මාවත් එපා නොවී බොහොම සෙනෙහසින්  ඉන්න එක ගැන හිතද්දි හිතට දැනෙන සැනසුම නම්  කියල නිම කරන්න බෑ  මම දන්නව  මටත් වඩා නුඹ  ඒ ගැන දන්නව කියල...

සසර වසන තුරුම නුඹ මගේම වන්න......

මුලු දිවියම ඝන අන්ධකාරයෙන්  වෙලී ගිය කලෙක සුපුන් සඳක් වී පායාවිත් ජීවිතයම එලිය කල  නුඹ..... අරමුනක් නොමැතිව  ඉබාගාතේ ගිය ජීවිතයට නියත අරමුනක් දුන්  නුඹ..... නිමක් නොවු  පිවිතුරු ආදර මල් වරුසාවෙන් ඉඩෝර බිමක් වූ  මගේ දිවියම නැහැවූ  නුඹ..... අද මගේම වෙලා..... සුපෙම් හැගුමකින්  මුලු හිතම හිරි වට්ටන නුඹට, කොච්චර මේ පුංචි හිත  ආදරේ කරනවද කියා නුඹවත්  දන්නේ නැතුව ඇති.... අවසන  පතමි එක් පැතුමක් මුලු හඳින්ම, එනම්.. සසර වසන තුරුම  නුඹ මගේම වන්නට  කියා... 

සඳ මම ( ද )ඔබේ

සඳ ගැන කවියක් කීවා මතකයි පෙර දින නුඹ මට හැන්දෑවේ... ඒ සඳ කවුදැයි ඇහුවා මතකයි දින ගනනක් මම හැම වේලේ...  පිලිතුරු නැත අද නුඹ ගොළුවී ඇත  හෙව්වා හේතුව හැම කාලේ...  ඒ සඳ මම බව තේරුම් ගත් විට  නුඹ නැත මම ලඟ පෙර වාගේ... 

පලමු කව නුඹ හට ලියු.....

නුඹේ සිත ලඟ නැවතෙමින්... නුඹේ ලඟ මම හිනහෙමින්.... නුඹේ ආදරේ විඳගමින්.... හිඳින්නම් පෙම් දම් පුරමින්... සිතේ පූදින හැම හැඟුම් නුඹත් එක්කම විඳගමින්... තවත් නුඹ හට ලං වෙමින්... නුඹේ පෙම මම රැක ගනිම්.....