Skip to main content

කපුටා සහ මොණරා



අපේ ජීවිත ගැන අපි කොහොමද හිතන් ඉන්නේ.. කවුරු හරි ඇවිත් ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද කියලා ඔබේ පිළිතුර බොහෝ වෙලාවට " නෑ " යන වචනය නේද? නැත්නම් "ඔව්. එත්..."

 මම ඇහුවොත් ඒ ඇයි කියලා ඔබේ පිළිතුර මම දන්නවා. හුගක් දෙනාගේ පිළිතුර වෙන්නේ යම් දෙයක් ඔබට නැති කම නැත්නම් වෙන කාගේ හරි ලග තියන දෙයක් ඔබේ ගාව නැති කම. 

මේක හුගක් දෙනා අතර ජනප්‍රිය සංකල්පයක්. ඒ තමයි 
"මට නෑ සංකල්පය" ඒ සංකල්පය ඇති අය හැම විටම තමන් ගැන අඩු තක්සේරුවෙන්මයි සලකන්නේ.

  • අරය වගේ මට සල්ලි නෑනේ .. 
  • මම එච්චර දක්ෂ නෑ.. 
  • අපිට හරි ගියොත් ඉර අනිත් පැත්තෙන් පායයි. 
  • අපි දුප්පත්. අපිට උදව් කරන්න කවුරුත් නෑ..

මේ හේතු හින්දා ඔබ ඔබ ගැනම දුක් වෙනවා. අතිශය ශ්‍රේෂ්ට උත්තමයන් හැරෙන්නට මෙලොව වසන හුගක් මනුස්සයෝ යම් දෙයකින් තෘප්තිමත් කරන්න අමාරුයි.ගැහුණු පාර්ශවයේ මේ ගතිය පිරිමි පාර්ශවයට වඩා වැඩියි. ඔබ අද යම් තත්වයක ඉන්නවා නම් ඔබ බලන්නේ ඊට වඩා දෙයක් ලබා ගන්න. නැත්නම් වෙන කවුරු හරි ගාව තියන දෙයක් ගැන හිතලා හුල්ලන්න. තමන් ගැන , තමන් ඉන්න තත්වය, තමන්ට අයිති දේවල් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ඔබේ ජීවිතය දැන් තියනවට වඩා සුන්දර වේවි,සරල වේවි

 හුගක් අය දන්නා මෙන්න මේ පුංචි කතාවත් මම මුලින් කිව්වා දේට ගැලපෙනවා.. , 

 ඔන්න එකමත් එක රටක තිබුණු ලොකු කැලේක හිටියා කපුටෙක්. ඔව් අපි දන්න සාමාන්‍ය කපුටෙක් තමයි. දවසක් මේ කපුටා දැක්ක ඒ කැළේ අසල තිබුණු විලක ඉන්නවා හංසයෙක්.. සුදු ලස්සන හංසයෙක්... මේ හංසයා දැක්ක ගමන් කපුටට මෙහෙම හිතුනා .. 

අර හංසයා හරිම සුදුයි,, හරිම ලස්සනය.. එකට මම කළුම කළු පාටයි.. ඒ හංසයා වෙන්න ඇති සතුටුම කුරුල්ලා.. අනේ මටත් හංසයෙක් වෙන්න තිබුන නම්.. 

මෙහෙම හිතපු ඒ කළු කපුටා හංසයා ගාවට ගිහින් තමන් හිතපු දේ ඒ හංසයාට කිව්වා..

 නෑ යාළුවා මම සුදුයි තමයි. එත් බලන්න අර ගිරවා.. ගිරවට අපි වගේ එක පාටක් නෙමෙයි පාට දෙකක්ම තියනවා, එනිසා මම හිතන්නේ ගිරවා තමයි සතුටින්ම ඉන්නේ. 

හංසයාගේ පිළිතුරත් එක්ක කපුටාගේ සිතුවිලි වෙනස් වුනා.. ඌ ට දැන් ඕනේ ගිරවෙක් වගේ වෙන්න. ඊට පස්සේ කපුටා ගියා ගිරවා හොයාගෙන. කලින් හංසයාට කිව්වා වගේ ගිරවටත් කිව්වා තමන්ගේ අදහස.. ඒ ඔක්කොම සාවදානව අහන හිටිය ගිරවා කිව්වා 

යාලුවේ මට පාට දෙකක් තියන එක ඇත්ත. ඒත් මොණරා දිහා බලන්න.. කොච්චර පාට තියනවද.. අපි වගේද මොණරා.. කොච්චර සතුටින්ද ඇත්තේ.. ගිරවා කිව්ව කතාව ඇත්ත කියලා කපුටට හිතුනා. මොනරට වඩා පාට තියන කුරුල්ලෝ කොහෙද.. මොනරා තමයි සතුටුම කුරුල්ලා.. ඉතින් කපුටා මොනර හොයා ගෙන පියඹුවා. ඒ කැලේ මොනරු හිටිය නැති නිසා ඒ කාලය අසල වූ සත්තු වත්තක ඉන්න මොනරෙක් දුටු කපුටා හෙමින් මොනරා ගාවට කිට්ටු කළා ..

 ඔබ හරිම ලස්සනයි. ඔබේ ශරීරයේ නේක විද වර්ණ .. මිනිසුන් දහස් ගණනක් පැමිණ ඔබ බලා යනවා. එකට මට .. මාව දකින කොට ෂෝ ෂෝ ගාල එලවල දන්නවා.. බලන්න ඔබ කොතරම් වාසනාවන්තද කියල මම හිතන්නේ ඔබ තමයි හුගක්ම සතුටින් ඉන්න කුරුල්ලා .. කපුටා මෙහෙම මොනරාට කිව්වා. 

එත් කපුටටා ලැබුණු පිළිතුර කුමක්ද කියා ඔබ දන්නවද 

කපුටු යාලුවේ .. ඔබ පැවසු දෙය ඇත්ත. මගේ ශරීරයේ හුගක් වර්ණ තියනවා තමයි. ඒවගේම මම හරිම ලස්සනයි කියලත් දන්නවා. මිනිස්සුත් මගේ ලස්සන වර්නන කරනවා . එත් මම ඉන්නේ මේ කුඩුවේ හිර වෙලා මටත් ආසයි ඔබ වගේ ඈත අහසේ පියාබන්න. එත් මට කොහෙද ඒකට වාසනාවක්. මිනිස්සු කවදාවත් ඔබව කුඩුවකට නම් දාන එකක් නෑ. ඒ අතින් බලනකොට හුගක්ම නිදහසක් තියෙන්නේ ඔබට. මට නොවෙයි . මම නම් හිතන්නේ සතුටින්ම ඉන්න ඕනේ කුරුල්ලා ඔබයි මම නොවෙයි..

තමන් ගැන මෙච්චර වෙලා අවතක්සේරුවෙන් හිටිය කපුටා, මොනරා මෙහෙම කිව්වට පස්සේ හුගාක් සතුටු වුනා, ආයෙත් කවදාවත්ම තමන් කාත් එක්කවත් සංසන්දනය කරන්න ගියේ නෑ..


Comments

vicharaka said…
අපේ හිතත් අර මොනරා ඉන්න කූඩුව වගේ. අපි හිරවෙලා ඉන්නේ අපේ හිත ඇතුළෙමයි. සිත සියල්ලටම ප්‍රධානයි කියා එදා බුදුන් වහන්සේ දේශනා කලේ ඒ නිසා වන්නට ඇති.
Anonymous said…
ආපි තෘප්තිමත් වෙන්නෙ අපිට තියන දේවල් අනුව නෙවෙයි අපි හිතන විදිය අනුව​. පොඩි කාලෙ ඉදලම මට නම් තිබිනෙ ගොඩක් ලෙකු බලාපොරොත්තු (බස් එකේ යන්න සල්ලි නැතිව හෝල්ට් එකේ ඉන්නකොට මට ඕන උනේ brand new prado එකක් ගන්න​... කුලී ගෙදරක හිටපු මට ඕන උනේ පිට රටක ලොකු ගෙයක් හදාගන්න​... අම්මෝ ඔයවගේ තව ගොඩක් තියනවා.) ටිකක් ලොකු වෙනකොට ඒ දේවල් ලබගන්න උත්සාහකලා. කාලයත් එක්ක මම ගොඩක් දේවල් ලබගත්තා. සමහර දේවල් ලබාගන්න බැහැ කියලා තේරුම් ගත්තා. අවුරුදු 35 ක ජීවිතේ ගැන මම නම් තෘප්තිමත්. මම පොඩි කාලෙ ඉදලම තේරුම ගත්ත දෙයක් තමයි අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා කියන එක​. මට කවුරු නැතත් මම වෙනුවෙන් මම ඉන්න නිසා මම සතුටින් ජීවත්වෙනවා.
Dinesh said…
හුඟක් වෙලාවට අපි අපේ ලග තියෙන දේට වඩා අනික් දේවල් වලටනේ ආස කරන්නේ.

Popular posts from this blog

හොංකොං ඩොලර් එකක් කීයද සර් ....?

එදින කලබලකාරී බදාදාවකි. වැඩ රාජකාරි බොහොමයක් තිබුණු දවසකි. වෙනදාට වඩා  වේලාසනින් නිවසින් පිටත් වූ මම සුපුරුදු ලෙසම පිත්තල හන්දියෙන් බැස ගතිමි. වැඩ රාජකාරි අධික දවසක් වූ නිසාත් ඉක්මනින් කාර්යාලය වෙත යා යුතු වූ නිසාත් එතැන් සිට නවම් මාවතේ පිහිට තිබු මාගේ කාර්යාලයට ත්‍රීරෝද රියකින් ගමන් කිරීමට ඉටා ගතිමි. කහ ඉරෙන් පාර මාරු වූ විගසම මගීන් රහිත ත්‍රීරෝද රියක් හමුවන්නේ වාසනාවකටය. එදින මට එම වාසනාගුණය තිබු අතර මුලින්ම පැමිණි ත්‍රීරෝද රියට මා ගොඩ වුයේ නවම් මාවතට යමු යනුවෙන් පවසමිනි.   "මට සර් ව දැකල පුරුදුයි. සර් සම්පත් බැංකුවේ ද වැඩ කරන්නේ.." මගේ ගමන ආරම්භ කොට ස්වල්ප දුරක් ගිය විට ත්‍රීරෝද රථ රියදුරා මගෙන් විමසුවේය.. සම්පත් බැංකු මුලස්ථානය ඇත්තේ නවම් මාවතේ ඇති බැවින්ද ඔහු එසේ විමසුවා විය හැක.  නෑ .. මම කෙටි පිළිතුරක් දුනිමි.   "මම සම්පත් බැංකුවේ වැඩ කළා. කාඩ් සෙන්ටර් එකේ හිටියේ.."  "කොයි කාලේද සම්පත් බැංකුවෙන් අයින් වුනේ.." මම පෙරලා ඇසුවෙමි " 2012 විතර සර් .. එකේ හිටිය ඇති සර් . එකෙන් අයින් වෙලා තමයි මම මේ ත්‍රීවීල්

නව ඇරඹුමකට... නෑ... හමු වීමටත් පෙර වෙන්වීමකට...

සිනාසුනත්, කතා කළත් අපි, දැනෙනවා අසම්පූර්ණ හැඟුමක් නුඹද නොපවසන මමද නොහඟවන කවදා කෙළෙසින් දකිමුද නිමාවක් බලාපොරොත්තුවෙහි......? නව ඇරඹුමකට... නෑ... හමු වීමටත් පෙර වෙන්වීමකට හැකිනම් නොසිතන්න නුඹ ගැන.... කිම නොහැකි සිත ගන්න නුඹෙන් ඉවතට... සැනසුමක් අඩුම තරමින් හැකියි නුඹට මගෙ හිත කියවන්න ඉඩ නොදෙන්න..