මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ?? ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි.. නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්.. විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි. එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා.. ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත. මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත. සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...
Comments
ආදරේ කරනකොට මෙහෙමයි....
ආදරේ වෙනුවෙන් පන දෙනකොටත් ඒහෙමයි
සැකයක් ඇවිත් හොල්මන් කලොත් මෙහෙමයි
ගව් ගනනක් උඩින් ඉන්න
අවසානයේ සිද්ද උනේ
මල් පොකුරක එකක් වෙන්න
ඔයා කිව්ව කතාව සහතික ඇත්ත.... අපේ දුක සතුට අපි දැනෙන ආදර අපි විඳින විරහව තමයි කවි වලින් පිට වෙන්නේ... මාත් හුගාක් වෙලාවට දුක තුනී කර ගන්නේ හිත්ට එන දේ ලියලා.. ඒක ලස්සන නම් බ්ලොග් එකට දානවා... සැකේ කියන දේ ආදරේට ඔනෙම නෑ... සැකේ හිතේ තියන්වා නම් ඒ දෙන්න අතරේ විශ්වාසේ පොඩ්ඩක් වත් නෑ... එහෙම ආදරයක් වැඩකුත් නෑ.. ඊට වඩා හොදයි දෙන්න කතා කරලා වෙන් වෙනවා නම්... ස්තුතියි ඔයාගේ කමෙන්ටුවට
සහතික ඇත්ත මචං
මට මොන කවි පද ලීවත්
මාත් එක්ක රණ්ඩු උනත්
මගේ තරහක් නෑ
මාත් එක්ක උඹ හිටියත්
මගේ කතා උඹ ඈහුවත්
උඹේ හිතේ සෑකේටනම්
මම කෑමතිම නෑ