Skip to main content

උඹ තාමත් එතනමයි මචං ......





අපිත් එක්ක
එකට වල ගහපු,ගජේ දාපු,
එක බත් පත බෙදාගෙන කාපු,
එකතු වෙලා අඩියක් ගහලා දුමක් දාපු
උඹ.....
එකට පන්ති ගියපු,රස්තේ ගහපු
එක පේලියේ ඉදන්
එකට ආතල් ගත්තු
හොදට බැනුම් අහපු
උඹ......
එකට විභාගේ ලියපු
එකට පාස් වුනු
අපි ගමෙන් යද්දි
ඒ දිහා බලන් ඉදපු
උඹ......
අවුරුදු ගානකට පස්සේ
ආපහු ගෙදර එද්දි
අපිව පිලිගත්තු
උඹ......
තාමත් එතනමයි  මචං.....
අදත් උඹ එනවා
ඉස්සර වගේම
අපිත් එක්ක යන්න.....
ඒත් මචං,
එහෙම ආවත්
පුලුවන් කමක් තියෙද්දිත්
උඹ
උඹටම බරක් නේද කියල
ඇයි දැන්වත් හිතෙන්නේ නැත්තේ.........????

Comments

දුකා said…
අපිට එහෙම හිතුනට ඌට එහෙමට බරක් දැනෙන්නේ නැතුව ඇති . . . මේ ජාතියේ පොරවල් ඉන්නවා අප්පා
ඔකම මාත් එකෙකුට කියනවා කාළයක් තිස්සේ....
Thushara said…
අනේ ඌව හදන්න එපා, එක එකාට ඕනි විදිහට නොහැදුන ඌ දිහා බලලා අපිට හැදෙන්න ඉඩ තියපන්...
KBW said…
ඌත් එක්ක එකටම වල බැහැලා
ඒ වලේම වැටිලා ඉඳලා
කොහෙදෝ තිබුනු පෙර පිනකට ගොඩට ඇවිත්
දැන් පොර ටෝක් දෙනවද මංදා ;) ;)

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක...

පුලුවන් නම් S-3ක් දාලා පෙන්නනවා.....

පාසල් කාලේ කියන්නේ ජීවිතේ සුන්දරම කාලේ කියලයි මට හිතෙන්නේ.... පාසල් කාලෙ සිදුවුනු සමහර සිදුවීම් අදටත් හරිම රසවත්..... මගේ මතකයේ රැදුනු එක සුන්දර සිදුවීමක් බ්ලොග් සටහනක ලියන්න මට හිතුනේ පහුගිය දවස ගෙදර ගිය වෙලාවෙ මට මගේ පාසල් කලේ CHEMISTRY පොතක් අහුවුනු නිසා...  A/Lවලට MATHSකලේ හිතෙ කාලයක් තිස්සේ තිබුනු ආසාවට...ඒ ආසව කොච්චරද කියලා කියනවා නම් O/Lවිභාගේ ඉවර වෙලා සති දෙකට පස්සේ A/Lවලට පන්ති ගියා.. මුලින්ම ගියෙ CHEMISTRY පන්තියකට... ඒ සර් පටන් ගත්තෙ CHEMISTRY වල දෙවනි පාඩම... පලවෙනි පාඩම පස්සෙ කරනවා කිව්වෙ ඒ පාඩම දිග වැඩි නිසා... ඒ සර් ඒ පාඩම දන්නෙ නැත්ද මන්ද.... තාම අපි ඒ පාඩම කරනකන් බලන් ඉන්නවා ... එත් දෙවනි පාඩම නම් මිනිහා සිරාවටම කලා ... ඒ දවස් වල මගේ ප්‍රියතම විශය තමයි CHEMISTRY... කොහොම කොහොම හරි RESULT ආවා... දෙයියන්ගෙ පිහිටෙන් හොදට විභාගේ ගොඩ දාල තිබුනු නිසා කොහොම හරි ජාමේ බේරා ගත්තා.... නැත්නම් මල නොන්ඩියයි නේ...ටික දවසකින් ස්කොලේ A/L පන්ති පටන් ගත්තා... මුල් දවස් ටිකෙ නම් ආසාවෙන් ස්කොලේ ගියාට සති දෙකක් විතර යනකොට මට ස්කොලෙ උගන්නන එවා සිරාවටම මොලේට ධාරනය වෙන්න ගත්තා.....

වසන්තයේ කතාවක්.......

ගිම්හානය ඉවර වෙලා වස්සානය අවේ ඉක්මනට වගේ....... කර්කශව ඉරි තැලී ගිය උගේ ජිවිතේ මේ වස් සා නෙත් එක්ක වෙනස් වෙයි කියලා ඌ හිතුවා..... ඉඩෝර බිම නිවාලන පිනි පොද වැස්සක් වගේ ඒ සුන්දර වස්සානෙදි ඒකි ආවා ඌ ඉන්න ඉසව්වට..... එත් ඒ ඌ හොයාගෙන නෙමෙයි... ඒකිගේ අනාගතේ වෙනුවෙන්... ඒකි ආපු දවස් වල ඒකි ඒකිගේ පාඩුවේ හිටියා ඌ උගේ පාඩුවේ හිටියා.... එත් කාලෙ මේ හැමදෙම වෙනස් කලා.... ටික දවසක් යද්දි ඌට එකි ගැන ටික ටික හිතෙන්න ගත්ත... ඌ හිතත් එක්ක රන්ඩුවුනා... තරහා වෙලා හිටියා... ඒත් ඌට බැරි උනා හිත පරද්දන්න... අන්තිමට හිත කිව්ව දේ ඌ පිලිගත්තා.... ඒ ඌ එකිට කැමතියි කියලා හිත හිරි වට්ටන තරහින් පුපුරන ඒකිගේ පුංචි ඇස් වලට ඌ හුඟාක් අදරේ කලා.... ඒත්....... මේ කිසිම දෙයක් එකි දැන ගෙන හිටියේ නැහැ... හිත ඉස්සරහ පැරදුනු දවසෙ ඉදන් ඌ ලෝකෙට හොරාට හීන මැව්ව... එත්... හැමදමත් ලෝකෙට හොරෙන් හීන මවන්න ඌට බැරි උනා... ඌ කියන්න කලින් ලෝකයා උගෙන් හැම දේම දැන ගත්තා.... හැමදාම ඌ එකි දිහ බලන් හුගක් දේ කිව්ව... ඒ හිතින්... කවදවත් ඒවා වචන වුනේ    නෑ  .... සමහර දෙවල් කියන්න ඔන වුනාට ඌට කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ... ඒ ...