අපේ ජීවිත ගැන අපි කොහොමද හිතන් ඉන්නේ.. කවුරු හරි ඇවිත් ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද කියලා ඔබේ පිළිතුර බොහෝ වෙලාවට " නෑ " යන වචනය නේද? නැත්නම් "ඔව්. එත්..." මම ඇහුවොත් ඒ ඇයි කියලා ඔබේ පිළිතුර මම දන්නවා. හුගක් දෙනාගේ පිළිතුර වෙන්නේ යම් දෙයක් ඔබට නැති කම නැත්නම් වෙන කාගේ හරි ලග තියන දෙයක් ඔබේ ගාව නැති කම. මේක හුගක් දෙනා අතර ජනප්‍රිය සංකල්පයක්. ඒ තමයි "මට නෑ සංකල්පය" ඒ සංකල්පය ඇති අය හැම විටම තමන් ගැන අඩු තක්සේරුවෙන්මයි සලකන්නේ. අරය වගේ මට සල්ලි නෑනේ .. මම එච්චර දක්ෂ නෑ.. අපිට හරි ගියොත් ඉර අනිත් පැත්තෙන් පායයි. අපි දුප්පත්. අපිට උදව් කරන්න කවුරුත් නෑ.. මේ හේතු හින්දා ඔබ ඔබ ගැනම දුක් වෙනවා. අතිශය ශ්‍රේෂ්ට උත්තමයන් හැරෙන්නට මෙලොව වසන හුගක් මනුස්සයෝ යම් දෙයකින් තෘප්තිමත් කරන්න අමාරුයි.ගැහුණු පාර්ශවයේ මේ ගතිය පිරිමි පාර්ශවයට වඩා වැඩියි. ඔබ අද යම් තත්වයක ඉන්නවා නම් ඔබ බලන්නේ ඊට වඩා දෙයක් ලබා ගන්න. නැත්නම් වෙන කවුරු හරි ගාව තියන දෙයක් ගැන හිතලා හුල්ලන්න. තමන් ගැන , තමන් ඉන්න තත්වය, තමන්ට අයිති දේවල් ගැන හිතලා සතුටු වෙන්න ප...
Comments
පිරිසිඳු හිතින් දීපන්
මුකුත් බලාපොරොත්තු නොවී
ආපහු යමක් ලැබීම නොලැබීම
දෙකම වෙන්න පුළුවන්
තමන් දුන් දේ ගැන හිතල සතුටු වෙයන්
මුල ඉදලම උඹ දාන කමෙන්ටු හිතට හරියට වදිනවා... ස්තුතියි හුගාක්
පද පෙල ලස්සනයි.
හද රැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
කාලය කොතරම් නපුරුද