Skip to main content

ඇය නමින්...

මෙ ලිපිය මගේ නෙත් ගැටුනේ අහම්බයකින් නම් නෙමෙයි... හැමදාමත් මම ආසාවෙන් කියවන එක තීරු ලිපියක් තමයි "එක් හැන්දැවක්" කියන්නේ... මේ තිරු ලිපිය ලියන්නේ රසික ජයකොඩි කියලා තරුණ මාධ්‍ය වේදියෙක්...ඔහු ලියන ඒ තිරුලිපි පෙල හදවතට හුගාක් සමීපයි..සරලව කිව්වොත් ඒ ලිපි කියවද්දි හුගාක් දැනෙනව.. අද මම ඔහුගේ එක ලිපියක් තොරා ගත්තා.. ඒ වෙන මොනවත් හින්ද නෙමෙයි 2010/02/21 රිවි සරසි පත්තරේ පල වුනු මේ ලිපිය මට හුගාක් සමීපයි වගේ මගේ හිතට හුගාක් දැනුනු නිසා..ඇය නමින් මාගේ ආදරනීය ගෘෂා නමින් මේ සටහන ලියන්න හිතුනු නිසා...


(කියවන්න අමාරු නම් ෆොටෝ එක උඩ ක්ලික් කරන්න)


හෙන්රි ජයසේනයන්ට වගේ මටත් මනමේ කුමරියක් හිටියා.. පෙම් බැන්දා... ඒත් ඒ අදරය චංචලයි වෙනස්වෙනවා කියලා මට දනුනා...ආදරය වෙනස් වෙන හැටි මම වින්දා...
ඒත්....
ගෘෂා ගේ ආදරය වගේ කවදාවත් වෙනස් වුනේ නෑ ඇගේ ආදරයත්...
චංචල ආදරයේ වේදනාව අමතක කර වන්න ඒ ආදරණීය ගෘෂාට පුලුවන් වුනේ ඒ ආදරය හුගාක් නිර්මල නිසයි..
"ඒ ආදරය විසල් අහසක් තරමට අචලයි.. ගිරි සිරසක් තරමට නිසලයි...."
හිතේ තිබුනට ලියා ගන්න ඕන දේ ලියවෙන්නේ නෑ.. ඇයි කියලා මම දන්නේත් නෑ..
ඒත්.....
කොච්චර දේවල් වුනත් සදාකල්හිම ඇගේ ආදරය ආත්මීය බැඳීමක් සේ නොවෙනස්ව ඒ හිතේ ලැගුම් ගෙන තියනවා...

"පාට පාට දේදුන්නක් වෙලා
හොරෙන්ම
නුඹ මගේ ලොකේ ලස්සන කරනකොට..
මං බයේ හිටියේ
වැහි කෝඩෙත් එක්ක
නුඹ මැකිලා යාවි කියලා ..
එත් මං දැන් දන්නවා
නුඹ මගේ ලෝකයේ
දොලොස්මහේ පහන වෙලා
ජීවිත කාලෙම
ලඟින් ඉන්නවා කියලා ..

මගේ ලොකයේ වටිනාම වස්තුව..
හිත ඇතුලේ පරිස්සමට තියාගෙන
පන වගේ රකින
නුඹේ ආදරය ..
මාව ජීවත් කරවන උනුහුම වෙලා...

මම නුඹට හුඟාක් ආදරෙයි... හුඟාක්..."

Comments

Unknown said…
හ්ම්................
හ්ම්... හ්ම්....
ආදරය පූජනීයයි.........

ඔබට ජය..!
Dinuk Wijeratne said…
හරිම ලස්සනයි ක්‍රිශාන් අයියේ ........
Anonymous said…
බලපන් මල්ලී මෙයාද කියලා

http://maadakinasihina.blogspot.com/
ම්ම්ම්....අනේ මන්දා..ක්‍රිඝාන්, ගෘඝලා දැන් ඉන්නවද කියලත්.
එහෙම කෙනෙක් ඔයාට ලැබුනා කියන්නේ, ඔයා හරීම වාසනාවන්තයෙක් කියන එකයි.

ජය වේවා.............
@චමිල අයියා..
මම හිතන්නේ ඒ රසික ජයකොඩිගෙ බ්ලොග් එක තමයි.. බොහොම ස්තුතියි අයියේ...
@ others
ස්තුතියි සියලු දෙනාටම
``` Outsider``` said…
නියම කතාවක්..
@ Outsider:
ස්තුතියි මචං....