ඔන්න මම පුංචි කතාවක් කියන්න යන්නේ...කට්ටිය අහගන්න ඕනි.. මේ කතාව මට ලියන්න සිත් වුනේ අපේ ඥාති අයිය කෙනෙක් නිසා. අපේ ඥාති අයියට උපහාර පිනිස තමයි මේ කතාව ලියන්නේ.. ඒ අයියට වුනු දේ පස්සේ කියන්නම්.. ඉස්සෙල්ල කතාව අහ ගන්නකෝ... ඔන්න තරුන කඩවසම කොල්ලෙක් හිටියා අපේ ඥාති අයියා වගේ.... කඩවසම් උනාට මුට තාම කෙල්ලෙක් නෑ.. ඒ උනාට අපේ එකාට නම් හිත ගිය තැන මාලිගා... ඒත් ඉතින් කල වයස හරි යාගෙන එනකොට ගෙදරින් කෑ ගහන්න ගත්තා ඉක්මනට පිලිවෙලක් වෙන්න කියලා.. ඉතින් අම්මලා තාත්තලාගෙ හිත් සතුටු කරන්න ඕනි නිසා අම්මාලටම කිව්ව මෙයාට සහකාරියක් හොයල දෙන්න කියලා.. අන්තිමටම අම්මලා හොද යොජනා තුනක් ගෙනාවා.. ඔන්න ඉතින් හා හා පුරා කියලා පලවෙනි යොජනාව බලන්න ගියා ඒ ගෑනු ලමයා රජයේ ලිපිකාරිනියක්.. රුපෙත් හොදයි.. ගොඩින්ද මඩින්ද කිසිම අඩුවක් නෑ.. ඒත් මිනිහා නෙමෙයි කැමති උනේ.. අම්මලට පුදුමයි.. ඒත් පුතන්ඩියාගේ කැමත්ත නිසා ඒ යොජනාව අත් ඇරලා දැම්ම.. ඊට පස්සේ දෙවනි යොජනාවට ගියා.. ඒ ගෑනු දරුවා නම් ඉටි රුපේ වගේ... හරි ලස්සනයි.. ගති ගුනත් හොදයි වගේ.. ඒ කෙල්ල හෙදියක්.. එත් මේකටත් කලින් බණේම තමයි මේකටත් කැමති උනේ නෑ.. අම්මල බැන බැන...
සොදුරු අතීත මතක ආවර්ජනය.........