Skip to main content

ඇයි අරයා එයාවම බැන්දේ..


ඔන්න මම පුංචි කතාවක් කියන්න යන්නේ...කට්ටිය අහගන්න ඕනි..
මේ කතාව මට ලියන්න සිත් වුනේ අපේ ඥාති අයිය කෙනෙක් නිසා.
අපේ ඥාති අයියට උපහාර පිනිස තමයි මේ කතාව ලියන්නේ..
ඒ අයියට වුනු දේ පස්සේ කියන්නම්.. ඉස්සෙල්ල කතාව අහ ගන්නකෝ...

ඔන්න තරුන කඩවසම කොල්ලෙක් හිටියා අපේ ඥාති අයියා වගේ....
කඩවසම් උනාට මුට තාම කෙල්ලෙක් නෑ..
ඒ උනාට අපේ එකාට නම් හිත ගිය තැන මාලිගා...
ඒත් ඉතින් කල වයස හරි යාගෙන එනකොට ගෙදරින් කෑ ගහන්න ගත්තා ඉක්මනට පිලිවෙලක් වෙන්න කියලා..
ඉතින් අම්මලා තාත්තලාගෙ හිත් සතුටු කරන්න ඕනි නිසා අම්මාලටම කිව්ව මෙයාට සහකාරියක් හොයල දෙන්න කියලා..
අන්තිමටම අම්මලා හොද යොජනා තුනක් ගෙනාවා..
ඔන්න ඉතින් හා හා පුරා කියලා පලවෙනි යොජනාව බලන්න ගියා ඒ ගෑනු ලමයා රජයේ ලිපිකාරිනියක්.. රුපෙත් හොදයි.. ගොඩින්ද මඩින්ද කිසිම අඩුවක් නෑ.. ඒත් මිනිහා නෙමෙයි කැමති උනේ..
අම්මලට පුදුමයි.. ඒත් පුතන්ඩියාගේ කැමත්ත නිසා ඒ යොජනාව අත් ඇරලා දැම්ම..
ඊට පස්සේ දෙවනි යොජනාවට ගියා..
ඒ ගෑනු දරුවා නම් ඉටි රුපේ වගේ... හරි ලස්සනයි.. ගති ගුනත් හොදයි වගේ.. ඒ කෙල්ල හෙදියක්..
එත් මේකටත් කලින් බණේම තමයි මේකටත් කැමති උනේ නෑ..
අම්මල බැන බැන තමයි ගෙදර ආවෙ..
ඔන්න තුන් වෙනි යොජනාව බලන්න ගියා..
එයා ස්කෝලෙ ටීචර් කෙනෙක්.. ටිකක් මහත පුංචි වපරයක් තියන කෙනෙක්..
එත් මු උඩින්ම කැමති උනේ ඒ කෙල්ලව බඳින්න.. අම්මලා හරියට පුදුම උනා..
ඇයි අච්චර ලස්සන කෙල්ලො දෙන්නෙක් අත් අරල මේ වගෙ කෙල්ලෙක්ට කැමති උනේ කියලා.
එත් එයාගෙ ජිවිතේට හොදයි කියනවා නම් අපිටත් කමක් නෑ කියලා එයාල හිතුවා..
ඔන්න ටිකක් කාලෙකට පස්සේ ඒ කොල්ලෙගේ හොදම යාලුවෙක් රට ඉදලා අවා..
කාලෙකින් මුන ගැහුනු නිසා දෙන්න ගියා බාර් එකක් පැත්තේ ටිකක් රත් වෙන්න කියලා..
ඔන්න කෝප්ප එක දෙක හිස් වෙනකොට යාලුවා අර කොල්ලගේ මෙහෙම අහුව..
"ඇයි මචන් උබ අර ලස්සන කෙල්ලො දෙන්නෙක් අත් ඇරල අර වගේ කෙල්ල බැද ගත්තේ.. මොකද ඒකි අරුන්ට හොදයි ?...
එතකොට අපේ තරුන හාදයා කියනවා..
"පිස්සුද බං.. එකිගේ අති හොදක් නෑ.."
" ඇයි එහෙනම් උබ එකි බැන්දේ.." ආයෙත් යාලුවා අහනවා..
"මෙකයි මචං... දැන් බලපන්..
පලවෙනි කෙල්ල ක්ලාක් කෙනෙක්..
මොකක්ද ඒකිගේ කටේ හැම වෙලාව්වෙම තියෙන්නේ..
ඔක හරි අමාරු වැඩක්.. අනේ අද බෑ හෙට බලමු.. තරහා වෙන්න එපා කියලනේ...
දෙවනි කෙල්ල නර්ස් කෙනෙක්..
එකි කියන්නේ මොකක්ද... මොකද ඔය කන්කෙඳිරි ගාන්නෙ.. අනිත් පැත හැරිලා නිදා ගන්නවකො වද නොදී කියලා නේ..
ඒත් බලපන් තුන් වෙනි කෙල්ල කොච්චර ශෝක්ද?
ඒකිගේ කටේම තියෙන්නේ අපි ඒයේ නවත්තපු තැනින් පටන් ගමු කියලා නේ...කියලා අපේ තරුන මිත්‍රයා කිව්වා..

සමහරුන්ට හොදටම තේරිලා ඇති...මේ කතාව සමහර අයට තෙරෙන්නෙ නැතුව ඇති..
ඒත් දවසක නොතෙරුනු අයගේ ටියුබ් ලයිට් පත්තු වෙලා එයාලටත් තෙරෙවි..
ඔන්න එදාට නම් මට බනින්න එපෝ...
මම මේ කතාව ලියන්න හිතුනේ අපේ අයියා ලගදි කසාද බැන්ද ..
බැන්දේ ටීචර් කෙනෙක්...ඒ අක්කා නම් ලස්සනයි..
ඒත් එයත් ඒ අක්කව බැන්දේ මේ කතාව දැන ගෙනද දන්නේ නෑ...

Comments

`~Deshapriya~` said…
අනේ මන්දා............
එලම කතාවක්. මම ඔය කතාව අහලා තියෙනවා. ඒකට තව දොස්තර නෝනා කෙනෙකුයි, නීතීඥ නෝනා කෙනෙකුයි, රූපවාහිනී නිවේදිකාවකුයි එකතු වෙනවා.
දසුන් said…
හ්ම් හ්ම්...
ස්තුතියි හැමෝටම... ආයෙත් කථාවකින් හමුවෙමු....හික්ස්

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක...

ආදරයත් ජීවිතය වගේ.....

ආදරය ත්  ජීවිතය වගේ..... හැම වෙලාවෙම පහසුත් නෑ.... හැම වෙලාවෙම සතුට ගේන්නෙත් නෑ...... නමුත් අපි ජීවිතය නතර කරන්නෙත් නෑ.... ඉතින් ආදරය නතර කරන්නේ කොහොමද?....ජිවිතෙදි කවදාවත් ආදරය සැලසුම් කරන්න බෑ.....හේතුවක් නිසා ආදරය ඇතිවෙන්නෙත් නැහැ....ඒත් ආදරය හෑබෑවක් වුනාම එක තමයි ජීවිතයේ සැලැස්ම..... මේ පුංචි සටහනත් එක්ක එක්තරා හැන්දැවක වුනු සිදුවීමක් ලියන්න මට හිතුනා ..... එදා බ්‍රහස්පතින්දා දවසක් වගෙ තමයි මට මතක..... අපේ කැන්ටිමට වෙලා මම පාර දිහා බලන් හිටියේ නිකමට වගේ..... හවසට සරසවි භූමිය කියන්නේ පෙම්වතුන්ගේ තෝතැන්නක්... එහෙම කිව්වට වරදවා හිතන්න එපා.... දකිහිප දෙනෙක් පිට්ටනිය ගාව තියන බංකුවකට වෙලා ඈත ක්ෂිතිය දිහා බලන් පෙම් බස් මුමුනද්දී තවත් පෙම්වතුන් අත් පටලාගෙන බස් නැවතුම් පොලට ඇදුනෙ නවාතැන් බලා යන්න වෙන්න ඇති.... ඔහොම ඉන්න කොට ඔය පෙම්වතුන් අතරින් එක්තරා විශේෂ දෙන්නෙක් දෙසට මගෙ ඇහ ගියෙ නිකමට වගේ... ඇත්තටම ඒ දෙදෙනා හුගාක් විශේෂිතයි.... මොකද ඒ ඔවුන් දෙදෙනාම අන්ධයි....ඈතට උන් දෙන්න අන්ධයි කියල පේන්නේ නෑ..මළ හිරු බැස යන යාමයක් වුනත් ටිකක් විතර අව්ව තිබුනා... කුඩය...

සිරිදාස ගැන මට දුකය

මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ??  ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි..  නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්..  විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම  කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි.  එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා..  ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත.  මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත.  සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි   රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...