Skip to main content

නොගැයු කවිය නුඹ.....



තුන් සිතම සතපවන
ගීතයේ පද අතර
එකම එක තනුව වී
මා නැලවුනු කලෙක
අස්වැසිල්ලක් වූ සබඳ,
නැත මා අබියස......
අරුත් බර පද අතර
මිමිනු සුමුදු ජිවිතය
පදරුත් සුන් වු විලස
තනිව වැලපෙයි නිබඳ.....
හැඩ වැඩ දමා
වත්තම් කර ගත්කවි පද
ගයන්නට මොහොතකට පෙර
උදුරා ගත් නිසාම
නොගැයු ඒ ගීතයම
සිහිනයක් වුනා මට
හැමදාම....

Comments

Unknown said…
අතීතයට යන්න දීපන්. අනාගතය පිළිගනින්
@සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
එය සැබෑවකි.... ඒ අතීතය අමතක කරලන්නට උත්සහ කරමි...නමුදු තවම එය මට කල නොහැක.....
Unknown said…
නිර්මාණයක් විදියට සැලකුවොත් ගොඩාක් ලස්සනයි...ඒත් මට දැනෙන විදියට මේ ඔක්කෝ ම උඹේ හිතේ ගැඹුරු ම තැනකින් එන දේවල්..ඒවාට එන්න දීපන්..ඒත් ඒ මත්තෙ නැහෙන්න එපා.. "ප්‍රේමතෝ ජායතී සෝකෝ..."මේ හැම දෙයක ම කෙළවර ඒ වගේ තමා..
ජයවේවා!!!
@sampathjt
ස්තුති වේවා.... " ඒත් මට දැනෙන විදියට මේ ඔක්කෝ ම උඹේ හිතේ ගැඹුරු ම තැනකින් එන දේවල්..ඒවාට එන්න දීපන්..ඒත් ඒ මත්තෙ නැහෙන්න එපා...." සැබවින්ම එය සත්‍යකි...