Skip to main content

නොගැයු කවිය නුඹ.....



තුන් සිතම සතපවන
ගීතයේ පද අතර
එකම එක තනුව වී
මා නැලවුනු කලෙක
අස්වැසිල්ලක් වූ සබඳ,
නැත මා අබියස......
අරුත් බර පද අතර
මිමිනු සුමුදු ජිවිතය
පදරුත් සුන් වු විලස
තනිව වැලපෙයි නිබඳ.....
හැඩ වැඩ දමා
වත්තම් කර ගත්කවි පද
ගයන්නට මොහොතකට පෙර
උදුරා ගත් නිසාම
නොගැයු ඒ ගීතයම
සිහිනයක් වුනා මට
හැමදාම....

Comments

Unknown said…
අතීතයට යන්න දීපන්. අනාගතය පිළිගනින්
@සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
එය සැබෑවකි.... ඒ අතීතය අමතක කරලන්නට උත්සහ කරමි...නමුදු තවම එය මට කල නොහැක.....
Unknown said…
නිර්මාණයක් විදියට සැලකුවොත් ගොඩාක් ලස්සනයි...ඒත් මට දැනෙන විදියට මේ ඔක්කෝ ම උඹේ හිතේ ගැඹුරු ම තැනකින් එන දේවල්..ඒවාට එන්න දීපන්..ඒත් ඒ මත්තෙ නැහෙන්න එපා.. "ප්‍රේමතෝ ජායතී සෝකෝ..."මේ හැම දෙයක ම කෙළවර ඒ වගේ තමා..
ජයවේවා!!!
@sampathjt
ස්තුති වේවා.... " ඒත් මට දැනෙන විදියට මේ ඔක්කෝ ම උඹේ හිතේ ගැඹුරු ම තැනකින් එන දේවල්..ඒවාට එන්න දීපන්..ඒත් ඒ මත්තෙ නැහෙන්න එපා...." සැබවින්ම එය සත්‍යකි...

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක...

සිරිදාස ගැන මට දුකය

මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ??  ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි..  නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්..  විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම  කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි.  එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා..  ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත.  මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත.  සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි   රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...

පුලුවන් නම් S-3ක් දාලා පෙන්නනවා.....

පාසල් කාලේ කියන්නේ ජීවිතේ සුන්දරම කාලේ කියලයි මට හිතෙන්නේ.... පාසල් කාලෙ සිදුවුනු සමහර සිදුවීම් අදටත් හරිම රසවත්..... මගේ මතකයේ රැදුනු එක සුන්දර සිදුවීමක් බ්ලොග් සටහනක ලියන්න මට හිතුනේ පහුගිය දවස ගෙදර ගිය වෙලාවෙ මට මගේ පාසල් කලේ CHEMISTRY පොතක් අහුවුනු නිසා...  A/Lවලට MATHSකලේ හිතෙ කාලයක් තිස්සේ තිබුනු ආසාවට...ඒ ආසව කොච්චරද කියලා කියනවා නම් O/Lවිභාගේ ඉවර වෙලා සති දෙකට පස්සේ A/Lවලට පන්ති ගියා.. මුලින්ම ගියෙ CHEMISTRY පන්තියකට... ඒ සර් පටන් ගත්තෙ CHEMISTRY වල දෙවනි පාඩම... පලවෙනි පාඩම පස්සෙ කරනවා කිව්වෙ ඒ පාඩම දිග වැඩි නිසා... ඒ සර් ඒ පාඩම දන්නෙ නැත්ද මන්ද.... තාම අපි ඒ පාඩම කරනකන් බලන් ඉන්නවා ... එත් දෙවනි පාඩම නම් මිනිහා සිරාවටම කලා ... ඒ දවස් වල මගේ ප්‍රියතම විශය තමයි CHEMISTRY... කොහොම කොහොම හරි RESULT ආවා... දෙයියන්ගෙ පිහිටෙන් හොදට විභාගේ ගොඩ දාල තිබුනු නිසා කොහොම හරි ජාමේ බේරා ගත්තා.... නැත්නම් මල නොන්ඩියයි නේ...ටික දවසකින් ස්කොලේ A/L පන්ති පටන් ගත්තා... මුල් දවස් ටිකෙ නම් ආසාවෙන් ස්කොලේ ගියාට සති දෙකක් විතර යනකොට මට ස්කොලෙ උගන්නන එවා සිරාවටම මොලේට ධාරනය වෙන්න ගත්තා.....