Skip to main content

කඳුලු බිඳුව නොහොත් අවසන් කව.....


ලසොවින් බර නුවන් අගින්
දඟකාර ලෙස ගලනා
කඳුලු බිඳුවේ...
නුඹවත් කියාපන් මට...
"ජීවිතය නම් කිමැයි කියා"
මගේ සුසුමට පණ පොවන
මගේ තනියට තනි මකන
දගකාර ලෙස ගලනා
කඳුලු බිඳුවේ.......
ජීවිතය නම් වු වන්නි වනාන්තරයේ
තනිවු මොහොතක
නුඹම නොවෙද
රූරා වැටුනේ මගේ දෙකොපුලට....
හෙමිහිට කණට කොඳුරා කී
ඒ රහස දිරියක් වුනා යන්නට ඉදිරියට...
දගකාර ලෙස ගලනා
කඳුලු බිඳුවේ....
නුඹවත් කියාපන් මට
ජිවිතය හමුවේ මා තනිවී නොමැති බව....
රෑ සීත යාමයේ
ඔච්චමට හිනාවෙන තරුකැට අතර...
හිත පාරාගෙන මා අතරමං වු බව
නුඹට හැඟුනාද....
හද කොනෙක නුඹ සිටි නිසාම
දෙනෙතින් ගලා විත් මා සිප ගත් නුඹ
හැමදාම මා ලගින් ඉන්නවා නේද...
කියාපන් මට....
නුඹ මා හදවතේම රදවා ගන්නවා මිස
කුමක් කරම්ද...
මගේම දයාබර කදුලු බිඳුවේ
කියාපන් මට....

Comments

මෝඩයා said…
කඳුල......දුකේදීත් සැපේදීත් නොවෙනස්ව අප හා ඉන්නා සුමිතුරා.....
Unknown said…
ඔව් මචං අපි ආදරේ ඉල්ල ගන්නෙ ඒත් විරහව නොමිලේම ලැබෙනවා.
@සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
සැබවි.... අමාරුවෙන් අපි ආදරේ ලබා ගත්තට ඒ ආදරෙ පිටි පස්සෙ විරහව තියනව කියලා අපි දන්නෙ නෑ...
@Shadow/හේමලයාදුකෙදීත් සැපේදීත් අපෙ තනිමකන කලණ මිතුරා කඳුල තමයි

Popular posts from this blog

සිරිදාස ගැන මට දුකය

මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ??  ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි..  නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්..  විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම  කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි.  එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා..  ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත.  මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත.  සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි   රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක...

කපුටා සහ මොණරා

අපේ ජීවිත ගැන අපි කොහොමද හිතන් ඉන්නේ.. කවුරු හරි ඇවිත් ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද කියලා ඔබේ පිළිතුර බොහෝ වෙලාවට " නෑ " යන වචනය නේද? නැත්නම් "ඔව්. එත්..."  මම ඇහුවොත් ඒ ඇයි කියලා ඔබේ පිළිතුර මම දන්නවා. හුගක් දෙනාගේ පිළිතුර වෙන්නේ යම් දෙයක් ඔබට නැති කම නැත්නම් වෙන කාගේ හරි ලග තියන දෙයක් ඔබේ ගාව නැති කම.  මේක හුගක් දෙනා අතර ජනප්‍රිය සංකල්පයක්. ඒ තමයි  "මට නෑ සංකල්පය" ඒ සංකල්පය ඇති අය හැම විටම තමන් ගැන අඩු තක්සේරුවෙන්මයි සලකන්නේ. අරය වගේ මට සල්ලි නෑනේ ..  මම එච්චර දක්ෂ නෑ..  අපිට හරි ගියොත් ඉර අනිත් පැත්තෙන් පායයි.  අපි දුප්පත්. අපිට උදව් කරන්න කවුරුත් නෑ.. මේ හේතු හින්දා ඔබ ඔබ ගැනම දුක් වෙනවා. අතිශය ශ්‍රේෂ්ට උත්තමයන් හැරෙන්නට මෙලොව වසන හුගක් මනුස්සයෝ යම් දෙයකින් තෘප්තිමත් කරන්න අමාරුයි.ගැහුණු පාර්ශවයේ මේ ගතිය පිරිමි පාර්ශවයට වඩා වැඩියි. ඔබ අද යම් තත්වයක ඉන්නවා නම් ඔබ බලන්නේ ඊට වඩා දෙයක් ලබා ගන්න. නැත්නම් වෙන කවුරු හරි ගාව තියන දෙයක් ගැන හිතලා හුල්ලන්න. තමන් ගැන , තමන් ඉන්න තත්වය, තමන්ට අයිති දේවල් ගැන හිතලා සතුටු වෙන්න ප...