Skip to main content

පශ්චාත් තාපය






හැරී බැලුවෙමි නැවත වරක් ජිවිතය දෙස

ආ ගමන් මඟ දෙස...
දුටුවේ නැත කිසිවක් මා අත්පත් කර ගත් 
ඇත්තේ හිස් බවක් පමනි......
ගෙවු අතිතය අදුරු නම්
ගෙවන වත්මන නීරස නම්
අනාගතය නොපෙනේ නම්
ජීවිතයෙන් ඇති පල කුමක්ද?
සිතුනි මට සිය දහස් වරක්... 
සෙව්වෙමි වැරදී ඇත්තේ කොතනද කියා
වෙන කිසිවෙකුට වරද පැටවිය නොහැක...
වරද ඇත්තේ මා තුලමය...
කල හැකි දෙයක් වේද?
සෙව්වෙමි මඟක් එය නිවරදි කර ගැනුමට
"දැන් පරක්කු වැඩියි"...

යමෙකු කෑ ගැසීය..

ඒ වෙන කිසිවකු නොව
මාගේ සිතමය...
සිතට වහල් වී හිස් කර ගත් ජිවිතය 
නැවත ගොඩ නගා ගත යුතුය... 
කල යුතුය යමක් හෙට දිනය වෙනුවෙන්..
හැඬීමට නොව සිනාසීමටය....
නමුදු සිත තුල ඇති 
මේ පසු තැවිල්ල එයට 
ඉඩ දේ දැයි සැක සහිතය....


Comments

Anonymous said…
හිතට වහල් වී හිස් කරගත් ජීවිතය?????
සමහර දේවල් පටන් ගන්නකොටනම් ඔය වගේ දෙයක් හිතුනෙවත් නැහැ නේද..ජීවිතේ සුන්දරම දෙයක් මිස..
ඒ දේවල් දිහා ආපහු අසුන්දරව බලන්න එපා..එතකොට අසුන්දර වෙන්නේ තමන්ගෙම හිත..
කල දේවල් ගැන..ගත්ත තීරන ගැන කවදාවත් පසු තැවෙන්න එපා.අපි ඒ වෙලාවෙ කලේ කරන්න තියෙන හොඳම දේ කියලා හිතන්න..ජීවිතේ ඔය තරම් වැටෙන්න ඒ දේවල් හේතුවක් නෙමෙයි..
ඒ ජීවිතේ සුන්දරම කාලයක්..පුලුවන්නම් හැමදාටම ඒ ලස්සන රැක ගන්න.මොන ප්‍රශ්නයක් ආවත්..