Skip to main content

කඳුලු එක්ක නුඹ විතරක් මට ඇති මගෙ ආදරේ..




ජීවිතයට සිසිලස දෙන
නුඹ මං ලඟ නැති වුනාම
ඉඩෝරයේ රලු පරලුව 
වියලී ගිය කතරක් සේ 

නුඹ නැති මේ ජීවිතයම 
ඉරි තැලිලා ගියාවේ... 

ලඟින් ඉඳන් හුරතල් වෙන 
නුඹ මං ලඟ නැති වුනාම 
ලොවම පතන සැනසුම් සුව 
සතුටු සිනහා සිතිවිලි බිඳි 
හිරු දුටු පිනි වියලෙන සේ 
මගෙන් දුරුව ගියාවේ... 

නුඹ නැති කල මගේ ලොවට
සිනහා මල් දම් කුමටද
කඳුලු එක්ක නුඹ විතරක්
මට ඇති මගෙ ආදරේ..

Comments

Unknown said…
ආදරේ කියන්නෙ දානයක්
පිරිසිඳු හිතින් දීපන්
මුකුත් බලාපොරොත්තු නොවී
ආපහු යමක් ලැබීම නොලැබීම
දෙකම වෙන්න පුළුවන්
තමන් දුන් දේ ගැන හිතල සතුටු වෙයන්
@ susitha
මුල ඉදලම උඹ දාන කමෙන්ටු හිතට හරියට වදිනවා... ස්තුතියි හුගාක්
හිමි උනත් නොවුනත් හිතේ උපදින ආදරය සදාකාලික නම්....එය තමයි වටින්නේ ...යාලුවා.
පද පෙල ලස්සනයි.
batti said…
ලස්සනයි
batti said…
ලස්සනයි
බට්ටි said…
ලස්සනයි
batti said…
ලස්සනයි
Anonymous said…
mulu hadawathinma twa kenekta karana adarekata denna puluwn hodama arthaya tma kawadawath nolabima... (sema denatama nowa,namuth bahutharayakata)
Anonymous said…
http://www.youtube.com/watch?v=-7ZMhXoaKbI

හද රැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
කාලය කොතරම් නපුරුද