Skip to main content

කඳුලු බිඳුව නොහොත් අවසන් කව.....


ලසොවින් බර නුවන් අගින්
දඟකාර ලෙස ගලනා
කඳුලු බිඳුවේ...
නුඹවත් කියාපන් මට...
"ජීවිතය නම් කිමැයි කියා"
මගේ සුසුමට පණ පොවන
මගේ තනියට තනි මකන
දගකාර ලෙස ගලනා
කඳුලු බිඳුවේ.......
ජීවිතය නම් වු වන්නි වනාන්තරයේ
තනිවු මොහොතක
නුඹම නොවෙද
රූරා වැටුනේ මගේ දෙකොපුලට....
හෙමිහිට කණට කොඳුරා කී
ඒ රහස දිරියක් වුනා යන්නට ඉදිරියට...
දගකාර ලෙස ගලනා
කඳුලු බිඳුවේ....
නුඹවත් කියාපන් මට
ජිවිතය හමුවේ මා තනිවී නොමැති බව....
රෑ සීත යාමයේ
ඔච්චමට හිනාවෙන තරුකැට අතර...
හිත පාරාගෙන මා අතරමං වු බව
නුඹට හැඟුනාද....
හද කොනෙක නුඹ සිටි නිසාම
දෙනෙතින් ගලා විත් මා සිප ගත් නුඹ
හැමදාම මා ලගින් ඉන්නවා නේද...
කියාපන් මට....
නුඹ මා හදවතේම රදවා ගන්නවා මිස
කුමක් කරම්ද...
මගේම දයාබර කදුලු බිඳුවේ
කියාපන් මට....

Comments

මෝඩයා said…
කඳුල......දුකේදීත් සැපේදීත් නොවෙනස්ව අප හා ඉන්නා සුමිතුරා.....
Unknown said…
ඔව් මචං අපි ආදරේ ඉල්ල ගන්නෙ ඒත් විරහව නොමිලේම ලැබෙනවා.
@සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
සැබවි.... අමාරුවෙන් අපි ආදරේ ලබා ගත්තට ඒ ආදරෙ පිටි පස්සෙ විරහව තියනව කියලා අපි දන්නෙ නෑ...
@Shadow/හේමලයාදුකෙදීත් සැපේදීත් අපෙ තනිමකන කලණ මිතුරා කඳුල තමයි