Skip to main content

තවත් එක් IT ප්‍රදර්ශනයක් නොවන ඓතිහාසික ComputerScience/ICT ප්‍රදර්ශනයක් - ifo++





හතු පිපින්න වගේ දැන් හැමතැනම ප්‍රදර්ශන ප්‍රදර්ශන...දැන් සතියකට අඩුමතරමින් එකක්වත් ප්‍රදර්ශනයක් තියනව... මේ ප්‍රදර්ශන අතර සමහර ප්‍රදර්ශන වලට ලැබෙන්නේ සුවිශේෂි තැනක්... අන්න එවන් ඓතිහසික ප්‍රදර්ශනයක් ගැනයි මේ ආරංචිය... මෙච්චර කාලෙකට ලංකාවෙ තිබුණේ එකම ආරක IT ප්‍රදර්ශන.. ඒත් ComputerScience සහ ICT ගැන එක ප්‍රදර්ශනයක් වත් ලංකාවේ තිබුණේ නෑ.. ලංකාවේවලට IT තියන ඉල්ලුමත් එක්ක මේ වගේ ප්‍රදර්ශනයක් ඇත්තටම කාලීන අවශ්‍යතාවයක්.. අන්න අඩුව පුරවමින් කොළඹ විශ්වවිද්‍යාලීයපරිගණක අධ්‍යයනාතනය මගින් ප්‍රථම වරට ඉදිරිපත් කරන තොරතුරු තාක්ෂණ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය ifo++(Idea Free & Open) මේ මස 28,29,30 යන දිනයන් තුන පුර උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා කොළඹ විශ්වවිද්‍යලීය පරිගණක අධ්‍යයනාතනය භුමියේ පැවැත්වෙන වග කියන්නෙ හද පිරිසතුටකින්...


ඇයි මේ වගේප්‍රදර්ශනයක් කරන්න අපි හිතුවේ කියල කෙටියෙන් කිව්වොත් කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයනාතනයේ පරිගණකඅධ්‍යාපනයට වසර 25ක් සපිරීම(1985-2010) නිමිත්තෙනුයි මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ.වසර 25ක් කියන්නේ සුළුපටු කාලයක් නම්නෙමෙයි... මේ කාලය තුළ පරිගණක ක්ෂේත්‍රයේ කොපමණ වෙනස් වීම් සිදුවෙලා තියනවද.? 1985දී සංඛ්‍යාන හා පරිගණක විද්‍යාදෙපාර්තමේන්තුව විදිහට අපේ පරිගණක අධ්‍යාපනය ආරම්භ වුණේ එවකට විද්‍යා පීඨයේ පීඨාධිපතිවූ විද්‍යාජෝති වී.කේ. සමරනායකමැතිතුමාගේ මැදිහත් වීමෙන්. ඉන් අනතුරුව 2002 වර්ෂයේදී ආරම්භ වූ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය පළමුඅධ්‍යක්ෂකවරයා වන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා වන මහාචාර්ය සමරනායක මැතිතුමායි.කොළඹ විශ්වවිද්‍යාලීයපරිගණක අධ්‍යයනාතනය ආරම්භ වෙලා තවම වෙන්නේ වසර 8ක් ගත වුණත් එමගින් මේවනවිට පරිගණක අධ්‍යපනයට කල සේවය අතිමහත්... එවන් වූ අභිමානනීය ඉතිහාසයකට උරුමකම් කියන පළමුවෙන් පරිගණක අධ්‍යාපනය ආරම්භ කල ආයතනය ලෙසින් ගතවු වසර 25 ඉතිහාසය අනුස්මරණය කිරීම සහ තොරතුරු තාක්ෂණයේ අතිතය වත්මන හා අනාගතය යන තුන් කාලයම ශ්‍රී ලාංකික ජනතාවටපෙන්වා දීම අප අරමුණයි.


දැනටමත් හුගක් දෙන සමහර IT ප්‍රදර්ශන වලට ගිහින් ඇති... IT ප්‍රදර්ශනයි ifo++ අතර වෙනස අහසට පොළව වගෙ කියල මට විශ්වාසෙන් කියන්න පුළුවන්.... මොකද එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහි වුණු දැවැන්තම IT ප්‍රදර්ශනය තමයි ..IT කිව්වට IT විතරක්ම නෙමේ.. තව හෝ දේවල් තියන්ව..
ඉන්නකෝ කියන්කන්...එදාට අපේ ප්‍රදර්ශන භුමිය තුළදි ඔයාලට මෙන්න මේවා බලන්න පුළුවන්

Research Projects

UCSC
සිව්වන වසර විශේෂ උපාධිය හැදෑරෑ අපේම අයියලා අක්කලා විසින් කරන ලද පර්යේෂණ ව්‍යාපෘති ඔබට දැක බලා ගත හැකියි.

Innovative Projects

UCSC
තුළ දැනට ඉගෙනුම ලබන අපේම සහෝදර සහෝදරියන් විසින් නිර්මාණය කල Virtual Reality, Augmented Reality, Mobile Computing, Image processing සහ තවත් ක්ෂේත්‍ර වලට අදාළ ව්‍යාපෘති මේ යටතේ ප්‍රදර්ශනය වෙනවා.

ICT Education Zone

කවදාහරි දවසක System Unit එකක් අතුළේ ඇවිදලා තියනවද... අතපත ගාල තිබුණට ඇවිදල නෑනේ.. එදාට ඔයාලට System Unit එකක්අතුළේ ඇවිදින්න ලැබෙනවා.. ඒක ජීවිතේ ලැබෙන දුර්ලභ අවස්ථාවක් නෙමේද? ICT Education Zone යටතේ පරිගණකජාලකරණය(Networking), අන්තර්ජාලය ආශ්‍රිත සිදුවන අපරාධ(Cyber crime) අලුත්ම Gaming Technologies,VR (Virtual Reality)/AR (Augmented Reality) and Image Processing, සහ තවත් බොහොදේ ගැන ඔබට ඉගෙන ගන්න පුළුවන්.. පාසල් යන නංගිලා මල්ලිලගේවගේම හා අනෙක් අයගේ පරිගණක ආශ්‍රිත දැනුම ඉහළ දැමීම සඳහාම විශේෂයෙන් නිර්මාණය මෙම කලාපය ඔබගේ සිත් ගත් කලාපයක්වනවා නොවනු මානයි .

Computer Museum

Punch card machines
දැකලා තියනවද සමහර විට සමහර අය අධම වෙන්න ඇති වගේ උපකරණයක් ගැන අහන්න ඇත්තේ.1960 ගණන්වල ගෙනාපු Facit electro mechanical calculator වගේම ලකාවේ පළමු mini computer එක දැකල තියනවද.. හුගාක් දෙනා දැකලා නැතුවඇති...විද්‍යාජෝති වී.කේ. සමරනායක මැතිතුමාමෙරටට ගෙන පළමු පර්ගණකයේ සිට UCSC සතුව ඇති අතිශ්‍ය දුර්ලභ පරිගණකසමග ඔබට දැකගත හැකියි.

Robotics Room

IT
කිව්ව්වට IT විතරක්ම නොවෙන්න එක් හේතුවක් තමයි මේ.. එක එක ප්‍රමාණයේ මෙන්ම විවිධ අරමුණු සදහා නිර්මාණය කල හා යම් යම්පර්යේෂණ වලට අදාළ වූ කාර්යන් සදහා භාවිත කල හැකි අලුත්ම ජාතියේ රොබෝවරු කිහිප දෙනෙක් මේ යටතේ ඔබට දැක බලා ගතහැකියි.වගේම පාසල් සිසුන් සදහා PIC programming වැඩමුළුවකුත් ඉදිරිපත් කරනවා

ICT seminar series (
පාසල් සිසුන් ගුරුවරුන් සඳහා)

සෑම දිනකම උදේ 9 සිට සවස 5 තෙක් පාසල් සිසුන් ගුරුවරුන් සඳහා පාසල් ICT විෂය මාලාව ආශ්‍රය කරගෙන වැඩමුළු සුදානම් කරලා තියෙන නිසා
හෙට ලොව ජය ගන්න ඉන්න අපේම ආදරණීය නංගිලා මල්ලිලාට වගේම දැනුම ලබාදෙන ගුරුබවතුන්ටත් මේ වැඩමුළු මාලාව ලොකුපිටිවහලක් වේවි කියල අපි කියල අපි හිතනවා

Advanced Computer Science seminars

Computer
ගැන ලොකු උනන්දුවක් තියන අය වගේම සමහර Computer related Subjects/technologies ගැන ගැඹුරට දැන ගන්න උනන්දුවක්ඇති අයට විශේෂයෙන් සැකසු වැඩමුළු මාලවකුත් තියනවා

Game Zone & Lots of other entertainment activities.....

කවුද ඉතින් Game ගහන්න අකමැති ? xbox ක්‍රීඩා කරල තියනවද ?එදාට ඔයලට පුළුවන් හිතේ හැටියට Game ගහන්න එන්න.... විතරක් නෙමෙයි IT quiz සහ Y FM DJ සමග තවත් දේ IT කිව්ව්වට IT ම විතරක්ම නොවෙන්න හේතු තමයි



තව දවස් කිහිපයයි තියෙන්නේ... ජිවිතේ කවදවත් දකින්නට නොලබෙන ඇත්දැකීම් රාශියක් වගේම ඔබ නොදත් බොහො දේවල් එදාටඔබ දැන ගන්නව අනිවාර්යයි... ඉඩක් ලැබුණොත් ඇවිත් යන්න නෙමේ අනිවාර්යෙන්ම එන්න... සැබවින්ම ඔබට හුගාක් දේවල් දැනගන්න ලැබෙනව අනිවාර්යයි.. Dont Miss this opportunity.....!!

නවතම තොරතුරු සඳහා සම්බන්ධ වන්න

අපේ Facebook fan page එක සමග.
අපේ Youtube
චැනලය
අපේ twitter ගිණුම.
ifo++ නිල වෙබ් අඩවිය www.ifo.ucsc.lk

Comments

ඔබ සැමට ජය!!!
__ said…
හොඳා හොඳා ඉතින් 29 දාට අපිත් ඒ පැත්තට ඇවිත් යන්න බලන්නම්කෝ..
මා පිය අවසර සමග මූල්‍යමය ආධාර ලැබුනොත් මමත් අනිවාරෙන්ම එනවා.

මම ආවත් නාවත් ඒව අපිටත් බලන්න youtube එකේ එහෙමත් දාන්න අමතක කරන්න එපා හොඳේ.
@Kaniskha Dilshan
ස්තුතියි කනිෂ්ක... ඇවිත් යන්න එන්න ඕනේ
@කැළණිතිස්සඅනිවාර්යෙන්ම 29 ඇවිත් යන්න එන්න ඕනේ
@Dodger
මා පිය අවසරය ලැබුනොත් අනිවා එන්න... අනිවාර්යෙන්ම අපි අපේ චැනලයේ ප්‍රදර්ශනයේ වැදගත් දේවල් දානවා.. එහෙම කියලා නෑවිත් ඉන්න එප හොඳේ
Unknown said…
එන්නම බැරි උනොත් යන්න www.ucsc.tv වලට දවස් තුනේම live video streaming එකක් ඒකෙ යනවා.
Anonymous said…
අනිවාර්යයෙන් එනවා දවස් තුනෙන් එකක.
සියලු දෙනාටම ජය........

රංග

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක

අමාවක විජිතයේ සිට....

අඳුරේ යන්නෙමි නොපෙනෙන දුර ඈත නුඹ නැතිදා පටන් මා අඳුරේ බව නුඹ දනීද...? එලිය නිවලා නුඹ ගියත් අමාවක විජිතයේ ඉදන් මම නෙතු අයා හිඳිමි නුඹේ සඳ එලිය ආයෙමත් වටෙන තුරු මගේ ලොවට...

සිහිනය....

ලස්සනට ලියන්නට මට පුලුවන්ද කියල දන්නෙ නැති වුනත් මගෙ හිතේ පුංචි හීනයක් තිබුනා හුගාක් කාලෙක ඉදන්.එක ඉටු කරගන්න මම කල උත්සහය මම විතරයි දන්නෙ .කොහොම කොහොම හරි අන්තිමට මගෙ ඒ පුංචි හීනේ අද ඉටු වුනා.ඒ පුංචි හීනේ තමයි මගෙම කියලා බ්ලොග් එකක් ලියන එක.හුගාක් සතුටුයි අද මට. ඒ සතුටත් එක්ක මම පලවෙනි බ්ලොග් එක ලියන්න යනකොට,මට අතිතයේ දවස සිදුවුන පුංචි දෙයක් මතක් වුනා.ඒක මගෙ පලමු බ්ලොග් එක විදියට එක ලියන්න මම හිතුවා.කැම්පස් එන්න ටික දවසකට කලින් මම මගෙ කාමරෙ අස් කරකොට පොඩිවුනකොලයක් මගෙ ඇද පල්ලෙ තිබිලා හමුවුනා එකේ තිබුන පුංචි නිසදැසක් මෙන්න මෙහෙම ''පෙණ පිඩු නංවමින් ගලා යන ජීවිත ගංඟාවේ එක්තරා ගිම්හාන ඍතුවක එක නිමේෂයක ඔබ මම හමුවුනි..... ගහ කොල මලානිකව සුසුම් හෙලද්දී ......... බොල් පොලව කර්කෂව ඉරිතැලී යද්දී ඔබ තුහින මල් වැස්සක් වී මගේ ජීවිත ගංඟාවට වැටුනා නොවෙද......... ඔබේම වු ආදරයේ ස්නේහයේ තුහින මල් වැස්සෙන් වේලී හිදී යමින් තිබු මගේ ජීවිතය පිරි ඉතිරී පිටර ගැලු බව ඔබට මතකද.......... ඒ වසත් සමය අපේම නොවෙද ගෙවී ගිය ඒ වසත් සමය වෙනුවෙන් මෙසේ පවසමි......... ඔබෙන් ලද