Thursday, October 29, 2009

ආදරයත් ජීවිතය වගේ.....


ආදරයත් ජීවිතය වගේ..... හැම වෙලාවෙම පහසුත් නෑ.... හැම වෙලාවෙම සතුට ගේන්නෙත් නෑ...... නමුත් අපි ජීවිතය නතර කරන්නෙත් නෑ....
ඉතින් ආදරය නතර කරන්නේ කොහොමද?....ජිවිතෙදි කවදාවත් ආදරය සැලසුම් කරන්න බෑ.....හේතුවක් නිසා ආදරය ඇතිවෙන්නෙත් නැහැ....ඒත් ආදරය හෑබෑවක් වුනාම එක තමයි ජීවිතයේ සැලැස්ම.....
මේ පුංචි සටහනත් එක්ක එක්තරා හැන්දැවක වුනු සිදුවීමක් ලියන්න මට හිතුනා ..... එදා බ්‍රහස්පතින්දා දවසක් වගෙ තමයි මට මතක..... අපේ කැන්ටිමට වෙලා මම පාර දිහා බලන් හිටියේ නිකමට වගේ..... හවසට සරසවි භූමිය කියන්නේ පෙම්වතුන්ගේ තෝතැන්නක්... එහෙම කිව්වට වරදවා හිතන්න එපා.... දකිහිප දෙනෙක් පිට්ටනිය ගාව තියන බංකුවකට වෙලා ඈත ක්ෂිතිය දිහා බලන් පෙම් බස් මුමුනද්දී තවත් පෙම්වතුන් අත් පටලාගෙන බස් නැවතුම් පොලට ඇදුනෙ නවාතැන් බලා යන්න වෙන්න ඇති.... ඔහොම ඉන්න කොට ඔය පෙම්වතුන් අතරින් එක්තරා විශේෂ දෙන්නෙක් දෙසට මගෙ ඇහ ගියෙ නිකමට වගේ... ඇත්තටම ඒ දෙදෙනා හුගාක් විශේෂිතයි.... මොකද ඒ ඔවුන් දෙදෙනාම අන්ධයි....ඈතට උන් දෙන්න අන්ධයි කියල පේන්නේ නෑ..මළ හිරු බැස යන යාමයක් වුනත් ටිකක් විතර අව්ව තිබුනා... කුඩයක් ඉහලගෙන ඒ දෙන්න අවෙ අපේ කැන්ටිමට... ඒ කොල්ලට කෙල්ලට වඩා ටිකක් පේනවද නැත්නම් ඒ කොල්ල මීට කලින් අපේ කැන්ටිමට ඇවිත් තියනවද කියලා මට හිතුනේ ඒ ගෑනු ලමයගෙ අතින් අල්ලගෙන එක්කාගෙන UCSC ගැන විස්තර කිය කිය ආවේ පිරිමි ලමයා නිසා.... උන් දෙන්නට නොපෙනුනාට ඇත්තටම උන් දෙන්න හොදට ගැලපෙනවා... ඒත් දෙවියො කාටවත් හැමදේම දීල නෑ... මොකක් හරි අඩුවක් කරලා තියනවා කියලා මට හොදටම තේරුනේ උන් දෙන්නා දකිද්දී....කොහොම කොහොම හරි උන් දෙන්න ඇවිත් ඉවෙන් වගේ කවුරුවත් නැති මේසයක් හොයා ගත්තා... ඒ ලඟ තිබුනු පුටුවක තමන්ගේ අහිංසක පෙම්වතිය වාඩි කල ඒ අන්ධ පෙම්වතා ඊ ලගට කැන්ටිමෙන් බනිස් ගෙඩියකුයි සිසිල් බීම බෝතලකුයි ගෙනාවෙ බොහොම සතුටින් වගේ.... එක බනිස් ගෙඩිය දෙකට කඩන් කන ගමන් උන් දෙන්න මොන මොනවදො කුටු කුටු ගෑවා... හීනියට හිනා වුනා... සමහර විට ඒ උන් දෙන්නගෙ හීනයක් ගැන වෙන්න ඇති.....කොල්ලා මොනවදො කෙල්ලගේ කණට ලං කරලා කිව්වා..කෙල්ල ලැජ්ජාවෙන් වගේ කොල්ලගෙ දකුණු අතට හීමිට පාරක් ගැහුවා..කොල්ලා මොකක් හරි නොහොබිනා විහිලුව්ක් කරන්න ඇති... හැබැයි ඒ තරහට නම් නෙමෙයි... ආදරේට... බීම එකත් බීල ඉවර වෙලා උන් දෙන්න උන්ගේ පාඩුවේ බස් නැවතුම වෙත ඇදුනෙ තමන්ගෙ නවාතැන් වෙත යන්න වෙන්න ඇති....
උන් දෙන්න නොපෙනී යන තුරුම මම උන් දෙන්න දිහා බලන් හිටියේ බොහොම ආසවෙන්....උන් දෙන්න වෙන කාටවත් විශෙෂ දෙන්නෙක් නොවුනත් මට උන් දෙන්න විශේෂ වුනේ ඇයි කියල මම දන්නේ නෑ... එත් එක දෙයක් නම් මට හිතුනා... ලෝකෙම පේන්නෙ නැති වුනත් උන් දෙන්න කොච්චර සතුටින් ඉන්නවද...උන් දෙන්න කැමති වෙලා තියෙන්නෙ උන්දෙන්නගෙ රුපවලට නෙමෙයි.. උන් ගෙ අහිංසක හිත් වලට උන්ගෙ අහිංසක බලාපොරොත්තුවලට.... එකයි හෑබෑ ආදරය කියලා මට හිතුනා... කොල්ලෙක් කෙල්ලෙක් ගැන හරි කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හරි මුලින්ම හැගීමක් අති වෙන්නේ උන්ගෙ රුපේ දැකලා... පස්සේ තමයි ඒක එක එක ඒවාට විහිදිලා යන්නේ...
මම කොච්චර දුරට හරිද කියන්න මම දන්නෙ නෑ... ඒත් මට හිතෙන්නෙ එහෙමයි.... ඒත් උන් දෙන්න කවදාවත් උන් දෙන්න දැකලා නැතුව ඇති... ඒත් උන් උන්ගේ අහිංසක හිත් දැකලා ඇති...
එහෙම ඇති වුනු ආදරයක් කවදවත් නැතිවෙන්නේ නෑ කියලා මට හිතුනා.... රුපෙට ආදරයක් ඇති වුනා නම් ඒ ආදරෙ කවදා හරි දවසක නැතිවෙන්න පුලුවන්... එත් අදහස් වලට ගතිගුණ වලට ඇතිවෙන ආදරය නම් කවදවත් නැතිවෙන්නේ නැති නිසා.....

දෙනෙත් අඳ වුවද
දකිමි මා ඔබව
හිත් මල තුලින් මගේ......
හඳුනා ගත හැකිය නුඹව මාහට
නැහැයට දැනෙනා ඒ ආත්මීය සුවඳින්......
දැනෙයි මේ හිත්මලට
නුඹෙ සිතේ ඇති අහිංසක පැතුම් පොඳ......
හිඳින්නම් මා හෙවනැල්ලක් වී
නුඹ ලගින්ම සසර වසන තුරුම .......

16 comments:

.::පිස්සා::. said...

ඔව් .. ඒක සංවේදී දෙයක් තමයි..
ඦ'පුරේ අන්ධ ගොඩාක් දෙනෙක් ඒ කාලේ නම් හිටියා..
ඉස්සර මාත් උන් දිහා බලාගෙන ඉන්නවා..

Supun Budhajeewa said...

හරිම සංවේදී සිද්ධියක්.

Krishan said...

@ පිස්සා
@ සුපුන්

සිරාවටම මචෝ තාමත් මම උන් දිහා බලන් ඉන්නවා... අන්ධ වුනත් ඒ ලෝක හුගාක් සුන්දරයි....

දිනුෂි said...

"උන් දෙන්න කැමති වෙලා තියෙන්නෙ උන්දෙන්නගෙ රුපවලට නෙමෙයි.. උන් ගෙ අහිංසක හිත් වලට උන්ගෙ අහිංසක බලාපොරොත්තුවලට.... එකයි හෑබෑ ආදරය කියලා මට හිතුනා...

ඒත් උන් දෙන්න කවදාවත් උන් දෙන්න දැකලා නැතුව ඇති... ඒත් උන් උන්ගේ අහිංසක හිත් දැකලා ඇති...

එහෙම ඇති වුනු ආදරයක් කවදවත් නැතිවෙන්නේ නෑ කියලා මට හිතුනා...."

මටත් ළඟදි ඔය විදියට හිතුනා.... ඒ ඇස් දෙකම හොඳට පේන කෙනෙක්ට ආදරේ කරපු වැරැද්දට මුළු ජීවිතේම එපාවෙලා විඳවද්දි....

Maduranga said...

එල මචං එල, උබ නම් නියම ආදරවන්තයෙක් බව පේනවා.

Anonymous said...

@ maduranga
ou eka aththa.....

oyage sadaadaraniiya punchi nonawa ikmanatama oyata labenna kiyala mama prarthana karanawa.... eth eya aye aday kiyalanam hithanna epa.... mokada oya eyawa godak adaren balaganiwi... Ahasa tharam adare karawi.... mokada kohe giyath oyata ihalin idagena ahasa hama welawema oya diha balan inna nisa....

Krishan said...

@ anonymous:
කව්රු වුනත් කියපු දේ හරි...... එත් එක දෙයක් කියන්න ඔන.... කොහොමද ඔය තරම් මගේ හිත ගැන දන්නේ.....

Anonymous said...

@ krishan
oyage hithagena hodatama danna kee denek me loke innawada???? ein ekkenek mama.... ahasa gena kii denekta kiuwada????? e ekkenek mama.....

Anonymous said...

උබේ හිත හරිම සංවේදි කියල මම ස්කෝල යන කාලෙ ඉදන්ම දන්නව.
උබේ හිතට ඵන අදහස් මගේ හිතට ඵන ඵ්ව වගෙම තමයි.හැබයි උබ ඵ්ක ප්‍රකාශ කරන විදිය හරිම ලස්සනයි.ඵ්කට උබට හොඳ හැකියවක් තියනවා.ඵ්කට ආරම්භය අපේ සංකල්ප පත්තරය කියල මම හිතනව.මම උබට සුබ පතනව.මිනිස්සු හිතන්නෙ කම්පියුටර් වලින් වැඩ කරන්නෙ මැෂින් කියල.ආදරේදිත් ඵ්ව ගාව ගන්නව.අපේ අදහස් අපේ හිත් කියවන්න මිනිස්සුන්ට හරි අමරුයි,


අනුෂ්ක උදාර

Krishan said...

@ උදාර
බොහොම ස්තුතිය ...

piu liyanage said...

නියම කථාවක් ලස්සනයි වගෙම දුකයි

අනේ මන්දා..?? said...

"උන් දෙන්න කැමති වෙලා තියෙන්නෙ උන්දෙන්නගෙ රුපවලට නෙමෙයි.. උන් ගෙ අහිංසක හිත් වලට උන්ගෙ අහිංසක බලාපොරොත්තුවලට.... එකයි හෑබෑ ආදරය කියලා මට හිතුනා..


ඔව් ඈත්තටම ඒක තමයි සෑබෑ ආදරය

kumara janaka said...

හරිම සංවේදී සිද්ධියක්.....

ගාල්ලේ කොල්ලා said...

ඈත්ත. ආදරය කියන්නෙ හිත් වල තියෙන සුවදට ඉව කරන මහ පුදුම ජීවිතේ උතුම් හෑගීමක්ම තමයි එක සුවදක් ඈත්ත.

ගාල්ලේ කොල්ලා said...

ඈත්ත. ආදරය කියන්නෙ හිත් වල තියෙන සුවදට ඉව කරන මහ පුදුම ජීවිතේ උතුම් හෑගීමක්ම තමයි එක සුවදක් ඈත්ත.

ගාල්ලේ කොල්ලා said...

ඈත්ත එක තමයි