Skip to main content

අන්න එදාට තමයි.......



ඉර නොපෑව්වත්
සඳ නොබැබළුණත්
තරුකඩා නොවැටුණත්
ලොකේ නැති වුණත්
කල්පයක් ගියත්
කවුරු මොනව කිව්වත්
එක එක ජාතියේ කෙල්ලෝ හිටියත්
උන් මගේ කරේ එල්ලෙන්න හැදුවත්
මං උන්ට (අ )කැමැති නැතිවුණත් වුණත්
ඔයා මට කොච්චර බැන්නත්
මගේ තෑගි විසි කරලා දැම්මත්..
මගේ Call, Answer නොකළත්
චුට්ටක්වත් මට ආදරේ නැති වුණත්
ඒක ලෝකෙට පෙන්න කෑගහල කිව්වත්
මං ඔයාට හුගාක් Love....
ඔයා දන්නේ නැති වුණත්
ඒත්...
වෙන එකෙක් එක්ක යාළුවෙලා
ඌත් එක්ක ජෝඩු දාල මට පෙන්න ගිහින්
අන්තිමේදි ඌව කසාද බැදලා
ළමයි දෙතුන් දෙනෙක් හදා ගෙන
උන් මට මාමා කිව්වොත්
අන්න එදාට තමයි.......

Comments

ඇයි උඹ මට මක් කොරන්නද...?
ඇයි උඹ මට මක් කොරන්නද...?
මාතලන්:
එදාට ඉතින් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑනේ...
Anonymous said…
ආදරයේ රුචිරාණෙනියේ ලියලනවා තව තව සෝකේ, වැලපෙනවා මා අද හිර ගේ..............

අපේ නෑනේ ඔය විරහවට ඇඩිලි, කෙල්ල අකමැති නම් කෙල්ලගෙ නංගි, ඒකිත් අකමැති නම් ඉන්න පට්ටම යාලුවා...........

මුහුදෙ ඉන්නෙ එක මාළුවද මල්ලී?????
KBW said…
ඒ තරම් අවාසනාවන්ත නොවේවා...!
Anonymous said…
කෙල්ලොන්ට වැඩේමයි කරේ එල්ලෙන්න... :(
Even without knowing weather u like or not is it fair to call like this???? aaa..

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක...

සිරිදාස ගැන මට දුකය

මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ??  ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි..  නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්..  විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම  කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි.  එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා..  ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත.  මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත.  සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි   රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...

කපුටා සහ මොණරා

අපේ ජීවිත ගැන අපි කොහොමද හිතන් ඉන්නේ.. කවුරු හරි ඇවිත් ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද කියලා ඔබේ පිළිතුර බොහෝ වෙලාවට " නෑ " යන වචනය නේද? නැත්නම් "ඔව්. එත්..."  මම ඇහුවොත් ඒ ඇයි කියලා ඔබේ පිළිතුර මම දන්නවා. හුගක් දෙනාගේ පිළිතුර වෙන්නේ යම් දෙයක් ඔබට නැති කම නැත්නම් වෙන කාගේ හරි ලග තියන දෙයක් ඔබේ ගාව නැති කම.  මේක හුගක් දෙනා අතර ජනප්‍රිය සංකල්පයක්. ඒ තමයි  "මට නෑ සංකල්පය" ඒ සංකල්පය ඇති අය හැම විටම තමන් ගැන අඩු තක්සේරුවෙන්මයි සලකන්නේ. අරය වගේ මට සල්ලි නෑනේ ..  මම එච්චර දක්ෂ නෑ..  අපිට හරි ගියොත් ඉර අනිත් පැත්තෙන් පායයි.  අපි දුප්පත්. අපිට උදව් කරන්න කවුරුත් නෑ.. මේ හේතු හින්දා ඔබ ඔබ ගැනම දුක් වෙනවා. අතිශය ශ්‍රේෂ්ට උත්තමයන් හැරෙන්නට මෙලොව වසන හුගක් මනුස්සයෝ යම් දෙයකින් තෘප්තිමත් කරන්න අමාරුයි.ගැහුණු පාර්ශවයේ මේ ගතිය පිරිමි පාර්ශවයට වඩා වැඩියි. ඔබ අද යම් තත්වයක ඉන්නවා නම් ඔබ බලන්නේ ඊට වඩා දෙයක් ලබා ගන්න. නැත්නම් වෙන කවුරු හරි ගාව තියන දෙයක් ගැන හිතලා හුල්ලන්න. තමන් ගැන , තමන් ඉන්න තත්වය, තමන්ට අයිති දේවල් ගැන හිතලා සතුටු වෙන්න ප...