Tuesday, October 13, 2009

මතකයක් පමණක් වු අතීතයට...........




ආදරේ වෙලාවකට හුගාක් සුන්දරයි.... තව වෙලාවක හිතට මහා බරක් වගේම දුක හිතෙන කාරණයක් වෙනවා.... මම කිව්ව දේ හරිද කියල කියන්න මම දන්නෙ නැ........විරහවත් ඒ වගෙ.... සමහරු කියනවා ආදරේට වඩා විරහව සුන්දරයි කියලා........... විඳින්න පුලුවන් කියලා....... එකේ ඈත්තක් වගෙම නැත්තකුත් තියනවා.... ඒ මොනව වුනත් ජිවිතේ කියන්නෙ විඳින්න ඕන දෙයක් මිස විඳවන්න ඕන දෙයක් නම් නෙමෙයි..............

මේ ආදරණීය සටහනට ගැබ් වෙලා තියෙන්නේ මගෙ අත්දැකීමක්ද කියල මේ ජිවිතේට හුගාක් ලගින් ඉන්න කෙනෙක් මගෙන් ඈහුවා.......... ඒත් මේ නම් මගේ අත්දැකීමක් නම් නෙමෙයි..... මගේ යාලුවෙක්ගේ අත්දැකීමක් තමයි මේ නිසදැසට ගැබ් වෙලා තියෙන්නේ......


හිරි පොද වැස්සට තෙමි තෙමි
එක කුඩයක් යටට වෙලා
හීතලට නුඹට තුරුල් වෙලා
නුඹේ ඔය හිනාවත් එක්ක
නොපෙනෙන අනාගතයක් ගැන
හීන මව මවා 
කෙලවරක් නොපෙනෙන වීදියක් දිගේ
විසල් තුරු යටින් 
ගිය ඒ සුන්දර දවස්
හිරු දුටු පිණි බිඳුවක් සේ
බොදව ගියත් 
ඒ ආදරණීය අතීතයට
තාමත් ආදරෙයි මම
මගෙන් වෙන්ව ගියත්.............

4 comments:

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

ලස්සනයි
අලියා මේ බ්ලොග් එක සින්ඩියට දාපන්.
www.feedburner.com වලින් feeds හදපන්.
www.blogs.sinhalabloggers.com/add-blog/ ගිහින් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයට එකතු වෙයන්.

The blue sky-නිල් අහස said...
This comment has been removed by the author.
The blue sky-නිල් අහස said...

මහා ලොකු කාලයක් ජීවත් නොවුනත් මේ ගෙවපු ටික කාලයට මම තෙරුම් ගත්තා ජීවිතේ තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි..ආදරයත් ඒ වගේ..

Anonymous said...

Samaharu kianawa balaporoththu apiwa jiwath karanawa kiala.Eth godak welawata ewa kada unama hithata danenne dukak withary.adareth welawakta e wage thama.eka hinayak itu nounama thawath hinayak passe yanawa.. samaharu ra watuna wale dawal watenwa.. eth hama mohothema api lan wenne ape hithata hugak adre karana ape hagim walta garu karana kenekta. wen wenna wenne api adaddith ahaka balana kenekgen.samahara welawata me e kenamada kiala hithagannath ba.