Thursday, October 15, 2009

ඉටු ( නො )වේද මේ ආදරණීය පැතුම.......



අහිංසක සිනහවත්
කාන්තිමත් නෙත් සඟලත්
අතර අතරමං වෙලා
නෙතින් නෙත බලා
සිතින් දොඩමලු වෙලා
හිරු සයුර සිප ගනිද්දී 
නුඹේ ළය මඩලට තුරුල් වෙලා
උනුසුම් හාදුවකින්
නුඹේ ඔය සියුමැලි කම්මුල් තෙමන 
සොඳුරු වස්සානය හීනයක්ම පමනක් වේද මට.......


5 comments:

Thushara said...

කවුරු මොනව කියුවත් කමක් නෑ නේද පුන්චි නෝනා...
අපි අපේ වෙනවනං...

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

මේ හීන අපිව ජීවත් කරවනව.
ඒ වගේම අපේ ජීවිත තව ගැඹුරු කරවනව.
ඒ අතරින් ඉටු නොවෙන හීන අපිව වෙදනා දෙනව.
ඒකයි ජීවිතය....

The blue sky-නිල් අහස said...

පපුව තාම ගැහෙනවා..බයට නෙමෙයි..හිතේ නොපෙනෙන්න හිර කරගෙන ඉන්න හීන විනිවිද දකිනවා වගේ read කලාම හිතට එන්නේ දරාගන්න බැරි තරම් හැඟීමක්..කියන්න දෙයක් හිතා ගන්න බැහැ..කවියක් මතක් වුනා..ඒක ගැලපුනත් නැතත් මට ඒක ලියන්නම හිතෙනවා..
ජිවිතේ කවියක්
ආදරය එහි සොඳුරුතම වදනක්
හසරැලි පොදක්
කඳුලැලි බිඳක්
එකට එක් වූ විට නැගේ
පෙර නොවිඳි රසයක්
(ගජමන් නෝනා-තේමා ගීතය )

හීන මවන තරම් ඉක්මනට ඉටු නොවුනට මෙ හීනය හැබෑවක් වෙයි..
හුඟක් හිත රිදවගෙන හිටපු වෙලාවක කෙනෙක් කියපු දෙයක් මතක් වුනා...
"හීන මවන්න..ඒ හීන තමයි බලාපොරොත්තු වෙන්නේ..හිතේ විස්වාසය තියෙනවනම් ඒ බලාපොරොත්තු ඉටුවෙනවමයි......"

Krishan said...

@ තුශාර:
ඇත්තටම එහෙම වෙනවා නම් කොච්චර දෙයක් ද මචං

@ රවින්ද:
උඹ හරියටම හරි ලොක්කා...........

@නිල් අහස:
දැනෙන්න කවි ලියන්න මට පුළුවන්ද කියලා මම දන්නෙ නැ.... ඒත් ඔය comment එක නම් මේ ජීවිතේට හුඟක් වටිනවා

Anonymous said...

i