Skip to main content

ආයෙත් කෝල් කරාවිද..?නොහොත් දුරකතන ප්‍රේමය



දැන් නම් ඉතින් ඉවසුව හොදටම ඇති.....
ඕන මගුලක් වෙන්න කියලා මම ෆෝන් එක ගත්තා... හිතේ තාමත් දෙගිඩියාව....
කමක් නෑ.. අද කතා කරනවා මයි...හැමදාම කියල මෙහෙම විදවන්න පුලුවන්ද? එත් බයයි...
"හැගීම් වලට වහල් වෙන්න එපා පුතේ..." එක සැරයක් අම්මා කිව්ව මතකයි මට...
එත් කමක් නෑ..අද කෝල් කරනවා මයි... අංකය ඩයල් කලා...
ෆෝන් එකේ රින්ග්ස් යනවා... මොනවා අහන්නද හෙලෝ කිව්වම?මටත් පිස්සු..
මොනවා හරි අහනවා...
"හෙලෝ" එහා පැත්තෙන් ඇහුනා..
හරිම ස්වීට් කට හඩක්...
ආයෙත් සැරයක් හෙලෝ කිව්වා...තවත් සැරයක් නම් හෙලෝ නෑ කට් ම තමා....
"නෙත්මි ඉන්නවද" මම ඇහුවා...
එත් මම දන්න නෙත්මි කෙනෙක් නෑ... මොනව හරි අහන්න එපැයි...
"නෑ... ඔය නුවර නෙමෙයිද... නෑ" හැමදේටම නෑ..
ඉතින් මමත් අහන්නෙ බොරුනෙ..
"සොරි වැරදීමක්" මම ෆෝන් එක තිව්වා...
"ඇයි බන් උඹ නෙත්මි කෙනෙක් ගැන ඇහුවේ..." මම මගෙන්ම අහගත්තා...
ඒත් ඉතින් වෙන මොනවා කියලා අහන්නද?... කමක් නෑ කට හඬවත් අහගත්තනේ...
ඊලඟ දවසේ දවල් දොලහට විතර කෝල් එකක් ඇවිත්.. අර අංකෙන්...
කරුමෙක මහත කියන්නෙ මම ඒ වෙලවෙ හිටියේ කැම ගේන්න කඩේට ගිහින්...
ෆෝන් එක දාල ගිහින් බෝඩිමෙ...
කරුමේ කරුමේ...
මම කෑම අරන් එනකොට අපේ එවුන් ටික උඩ පැන පැන ඉන්නවා..
ඇයි? මම අහුවා...
"පාටිය දීපන්...
මොන පාටිද...
අතේ සතේ නැතුව ඉන්න වෙලාවේ...
ඉස්සරහට කොහොමත් අතේ සතේ නැතිවෙයි මල්ලි...
ඒ මොකෝ ...
උඹට දැන් කෝල් එකක් ආවා.. කෙල්ලෙක් කතා කලේ...
ක්‍රිශාන් ඉන්නවද කියලා ඇහුවා ..
අපි නෑ කිව්ව... කමක් නෑ කියල තිව්වා...
මම හිතන්නේ පුතේ උඹේ සිහින දෙව් දුව වෙන්න ඇති..."
ඒ කතාව අහලා මට නිකන් මංඤං වගේ...
කොහොම හරි අපේ එකෙක් ආපු කෝල් එකට උත්තර දීල...
"කෝ දීපන් ෆෝන් එක.." මම ෆෝන් එක උදුරලා ගත්තා. ලෝක පුදුම අංක නමය...
ඊයෙ මම කෝල් කල නම්බර් එකෙන් තමයි කෝල් එක ඇවිත් තියෙන්නේ....
දෙන දෙවියො ටොකු ඇන ඇන දෙනවා කියන්නෙ මේකට තමයි....
"දැන් ඉතින් වෙන කුමක් කරන්නද... කෝල් කරනු මිස..." එහෙම සින්දුවක් තිබුනා වගේ මතකයි මට....
අදාල අංකයට කෝල් එකක් ගත්තා...
අදත් කතා කලේ ඊයේ කතා කල කෙනා මයි...
" මම ක්‍රිශාන් කතා කරන්නේ,මේ නම්බර් එකෙන් මට කෝල් එකක් ඇවිත් තිබුනා ,
කවුද කතා කරන්නේ... " මම වීරයා වගේ අහුවා..
හ්ම්ම්ම්... සද්දයක් නෑ...මම ආයෙත් පාරක් අහුවා ඒත් නෑ...
කවුද කතා කරන්නේ කියලා මම දන්න නිසා "අමායා නේද මේ කතා කරන්නේ " මම ඇහුවා...
ඒත් සද්දයක් නෑ .. මට වැරදුනා වත්ද?.. මට වරදින්න නම් විදියක් නෑ...
"මම දන්නවා අමායා තමයි කතා කරන්නේ කියලා.. අමයා නේද කතා කරන්නේ..."
අන්න එතකොට හීනියට ඔව් කියනව ඇහුනා...
අම්මෝ මට තිබුනු සතුට.......
"මම හිතුවේ නෑ ඔයා මට කෝල් කරයි කියලා...මම ඇසුවෙමි..
ඊයේ කතා කලේ ඔයා නේද.."
මම නිරුත්තර විය..
කොහොමද දැන ගත්තේ මම කියලා.. මම ඇසුවෙමි..
මට දැනුනා ඔයා වෙන්න ඇති කතා කරන්නේ කියලා.. එසේ අපගේ කතාව ආරම්භ වුනි...
එත් මම වචන දහයක් කිව්වොත් එහා පැත්තෙන් වචන එකයි...
මම කියවනව කියවනව.හරියට වන් මෑන් ෂෝ එකක් වගේ..
එහා පැත්ත නෝ කතා..
අනේ වරදක් කියන්න බෑ මගේ කටින් හොදට මෙ වෙලාවෙ වචන ගලනවා...
මම හිතුවා මම කියවන දේ එපා වෙලාද වත් කියලා...
අනේ නෑ..
"ඔයා කතා කරනවා අහන් ඉන්න මම හරි ආසයි...."
එහා පැත්තෙන් උත්තර දුන්නා..
පුදුමෙ පුදුමයි...
මම කොච්චර ලස්සනට කතා කරනවද?
කොහොමහරි පැයක් විතර කතා කලා..
මම කියන වචන වලින් 1/10ක් වත් එයා කතා කලේ නෑ...
කියන්න ඕන ටික මම කිව්වා..
හැබැයි මම මොනව කිව්වද කියලා මටවත් මතක නෑ..
ෆෝන් එක තියන්න කලින් නම් කිව්වා ආයෙත් කෝල් එකෙක් දෙනව කියලා..
මමත් මේ බලන් ඉන්නේ අයෙත් කෝල් කරනකම් තමයි........
එදාට මගේ ප්‍රශ්න ගොඩකට උත්තරත් ලැබෙයි...

Comments

KAS said…
එල එල ඔහොම යං. හැබැයි පුතෝ වැඩිය කතා කරලා කට වරද්දා ගන්න නම් එපා. බ්රේක් එකට කකුල තියාගෙන කතා කරපං.

අපිටනං පාටියක් නැතත් වෙන්නේ මොකක්ද කියලා වත් පෝස්ට් දාපං
Mandy said…
ඉතිං ඊට පස්සෙ....
Unknown said…
hee hee aliya echcharada???? ithuru tika danne kawadda.........
Unknown said…
නොහඳුනන දුරකතන අංකයකින් නාඳුනන කට හඬක් අමතද්දිත්..ඒ ආදරණීය බැඳීම හඳුනා ගත හැකි තරමට තිබුනු හුරුපුරුදු බව හරිම පුදුමාකාරයි...

සංසාරික ප්‍රේමය
නාඳුනන නෙතු බැල්ම
හුරුපුරුදු සේ දැනෙන..
පෙර නොඇසු නුඹේ හඬ
හුරුපුරුදු සේ දැනෙන..
සිත විඳින නුඹෙ සුවඳ
හුරුපුරුදු සේ දැනෙන..
සංසාරික ප්‍රේමය නුඹ
මගේ ලොව සොඳුරු කල....
නැත ලොවේ අන් රසදුනා..ආදරය සේ සුව දෙනා...

ඔහොම යාං....යාං
දසුන් said…
මේක නම් maxxa හොදේ...
බොහොම ස්තුතියි හැමොටම ...

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක...

ආදරයත් ජීවිතය වගේ.....

ආදරය ත්  ජීවිතය වගේ..... හැම වෙලාවෙම පහසුත් නෑ.... හැම වෙලාවෙම සතුට ගේන්නෙත් නෑ...... නමුත් අපි ජීවිතය නතර කරන්නෙත් නෑ.... ඉතින් ආදරය නතර කරන්නේ කොහොමද?....ජිවිතෙදි කවදාවත් ආදරය සැලසුම් කරන්න බෑ.....හේතුවක් නිසා ආදරය ඇතිවෙන්නෙත් නැහැ....ඒත් ආදරය හෑබෑවක් වුනාම එක තමයි ජීවිතයේ සැලැස්ම..... මේ පුංචි සටහනත් එක්ක එක්තරා හැන්දැවක වුනු සිදුවීමක් ලියන්න මට හිතුනා ..... එදා බ්‍රහස්පතින්දා දවසක් වගෙ තමයි මට මතක..... අපේ කැන්ටිමට වෙලා මම පාර දිහා බලන් හිටියේ නිකමට වගේ..... හවසට සරසවි භූමිය කියන්නේ පෙම්වතුන්ගේ තෝතැන්නක්... එහෙම කිව්වට වරදවා හිතන්න එපා.... දකිහිප දෙනෙක් පිට්ටනිය ගාව තියන බංකුවකට වෙලා ඈත ක්ෂිතිය දිහා බලන් පෙම් බස් මුමුනද්දී තවත් පෙම්වතුන් අත් පටලාගෙන බස් නැවතුම් පොලට ඇදුනෙ නවාතැන් බලා යන්න වෙන්න ඇති.... ඔහොම ඉන්න කොට ඔය පෙම්වතුන් අතරින් එක්තරා විශේෂ දෙන්නෙක් දෙසට මගෙ ඇහ ගියෙ නිකමට වගේ... ඇත්තටම ඒ දෙදෙනා හුගාක් විශේෂිතයි.... මොකද ඒ ඔවුන් දෙදෙනාම අන්ධයි....ඈතට උන් දෙන්න අන්ධයි කියල පේන්නේ නෑ..මළ හිරු බැස යන යාමයක් වුනත් ටිකක් විතර අව්ව තිබුනා... කුඩය...

සිරිදාස ගැන මට දුකය

මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ??  ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි..  නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්..  විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම  කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි.  එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා..  ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත.  මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත.  සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි   රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...