
දැන් නම් ඉතින් ඉවසුව හොදටම ඇති.....
ඕන මගුලක් වෙන්න කියලා මම ෆෝන් එක ගත්තා... හිතේ තාමත් දෙගිඩියාව....
කමක් නෑ.. අද කතා කරනවා මයි...හැමදාම කියල මෙහෙම විදවන්න පුලුවන්ද? එත් බයයි...
"හැගීම් වලට වහල් වෙන්න එපා පුතේ..." එක සැරයක් අම්මා කිව්ව මතකයි මට...
එත් කමක් නෑ..අද කෝල් කරනවා මයි... අංකය ඩයල් කලා...
ෆෝන් එකේ රින්ග්ස් යනවා... මොනවා අහන්නද හෙලෝ කිව්වම?මටත් පිස්සු..
මොනවා හරි අහනවා...
"හෙලෝ" එහා පැත්තෙන් ඇහුනා..
හරිම ස්වීට් කට හඩක්...
ආයෙත් සැරයක් හෙලෝ කිව්වා...තවත් සැරයක් නම් හෙලෝ නෑ කට් ම තමා....
"නෙත්මි ඉන්නවද" මම ඇහුවා...
එත් මම දන්න නෙත්මි කෙනෙක් නෑ... මොනව හරි අහන්න එපැයි...
"නෑ... ඔය නුවර නෙමෙයිද... නෑ" හැමදේටම නෑ..
ඉතින් මමත් අහන්නෙ බොරුනෙ..
"සොරි වැරදීමක්" මම ෆෝන් එක තිව්වා...
"ඇයි බන් උඹ නෙත්මි කෙනෙක් ගැන ඇහුවේ..." මම මගෙන්ම අහගත්තා...
ඒත් ඉතින් වෙන මොනවා කියලා අහන්නද?... කමක් නෑ කට හඬවත් අහගත්තනේ...
ඊලඟ දවසේ දවල් දොලහට විතර කෝල් එකක් ඇවිත්.. අර අංකෙන්...
කරුමෙක මහත කියන්නෙ මම ඒ වෙලවෙ හිටියේ කැම ගේන්න කඩේට ගිහින්...
ෆෝන් එක දාල ගිහින් බෝඩිමෙ...
කරුමේ කරුමේ...
මම කෑම අරන් එනකොට අපේ එවුන් ටික උඩ පැන පැන ඉන්නවා..
ඇයි? මම අහුවා...
"පාටිය දීපන්...
මොන පාටිද...
අතේ සතේ නැතුව ඉන්න වෙලාවේ...
ඉස්සරහට කොහොමත් අතේ සතේ නැතිවෙයි මල්ලි...
ඒ මොකෝ ...
උඹට දැන් කෝල් එකක් ආවා.. කෙල්ලෙක් කතා කලේ...
ක්‍රිශාන් ඉන්නවද කියලා ඇහුවා ..
අපි නෑ කිව්ව... කමක් නෑ කියල තිව්වා...
මම හිතන්නේ පුතේ උඹේ සිහින දෙව් දුව වෙන්න ඇති..."
ඒ කතාව අහලා මට නිකන් මංඤං වගේ...
කොහොම හරි අපේ එකෙක් ආපු කෝල් එකට උත්තර දීල...
"කෝ දීපන් ෆෝන් එක.." මම ෆෝන් එක උදුරලා ගත්තා. ලෝක පුදුම අංක නමය...
ඊයෙ මම කෝල් කල නම්බර් එකෙන් තමයි කෝල් එක ඇවිත් තියෙන්නේ....
දෙන දෙවියො ටොකු ඇන ඇන දෙනවා කියන්නෙ මේකට තමයි....
"දැන් ඉතින් වෙන කුමක් කරන්නද... කෝල් කරනු මිස..." එහෙම සින්දුවක් තිබුනා වගේ මතකයි මට....
අදාල අංකයට කෝල් එකක් ගත්තා...
අදත් කතා කලේ ඊයේ කතා කල කෙනා මයි...
" මම ක්‍රිශාන් කතා කරන්නේ,මේ නම්බර් එකෙන් මට කෝල් එකක් ඇවිත් තිබුනා ,
කවුද කතා කරන්නේ... " මම වීරයා වගේ අහුවා..
හ්ම්ම්ම්... සද්දයක් නෑ...මම ආයෙත් පාරක් අහුවා ඒත් නෑ...
කවුද කතා කරන්නේ කියලා මම දන්න නිසා "අමායා නේද මේ කතා කරන්නේ " මම ඇහුවා...
ඒත් සද්දයක් නෑ .. මට වැරදුනා වත්ද?.. මට වරදින්න නම් විදියක් නෑ...
"මම දන්නවා අමායා තමයි කතා කරන්නේ කියලා.. අමයා නේද කතා කරන්නේ..."
අන්න එතකොට හීනියට ඔව් කියනව ඇහුනා...
අම්මෝ මට තිබුනු සතුට.......
"මම හිතුවේ නෑ ඔයා මට කෝල් කරයි කියලා...මම ඇසුවෙමි..
ඊයේ කතා කලේ ඔයා නේද.."
මම නිරුත්තර විය..
කොහොමද දැන ගත්තේ මම කියලා.. මම ඇසුවෙමි..
මට දැනුනා ඔයා වෙන්න ඇති කතා කරන්නේ කියලා.. එසේ අපගේ කතාව ආරම්භ වුනි...
එත් මම වචන දහයක් කිව්වොත් එහා පැත්තෙන් වචන එකයි...
මම කියවනව කියවනව.හරියට වන් මෑන් ෂෝ එකක් වගේ..
එහා පැත්ත නෝ කතා..
අනේ වරදක් කියන්න බෑ මගේ කටින් හොදට මෙ වෙලාවෙ වචන ගලනවා...
මම හිතුවා මම කියවන දේ එපා වෙලාද වත් කියලා...
අනේ නෑ..
"ඔයා කතා කරනවා අහන් ඉන්න මම හරි ආසයි...."
එහා පැත්තෙන් උත්තර දුන්නා..
පුදුමෙ පුදුමයි...
මම කොච්චර ලස්සනට කතා කරනවද?
කොහොමහරි පැයක් විතර කතා කලා..
මම කියන වචන වලින් 1/10ක් වත් එයා කතා කලේ නෑ...
කියන්න ඕන ටික මම කිව්වා..
හැබැයි මම මොනව කිව්වද කියලා මටවත් මතක නෑ..
ෆෝන් එක තියන්න කලින් නම් කිව්වා ආයෙත් කෝල් එකෙක් දෙනව කියලා..
මමත් මේ බලන් ඉන්නේ අයෙත් කෝල් කරනකම් තමයි........
එදාට මගේ ප්‍රශ්න ගොඩකට උත්තරත් ලැබෙයි...
Comments
අපිටනං පාටියක් නැතත් වෙන්නේ මොකක්ද කියලා වත් පෝස්ට් දාපං
සංසාරික ප්‍රේමය
නාඳුනන නෙතු බැල්ම
හුරුපුරුදු සේ දැනෙන..
පෙර නොඇසු නුඹේ හඬ
හුරුපුරුදු සේ දැනෙන..
සිත විඳින නුඹෙ සුවඳ
හුරුපුරුදු සේ දැනෙන..
සංසාරික ප්‍රේමය නුඹ
මගේ ලොව සොඳුරු කල....
ඔහොම යාං....යාං