Skip to main content

කපුටා සහ මොණරා



අපේ ජීවිත ගැන අපි කොහොමද හිතන් ඉන්නේ.. කවුරු හරි ඇවිත් ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද කියලා ඔබේ පිළිතුර බොහෝ වෙලාවට " නෑ " යන වචනය නේද? නැත්නම් "ඔව්. එත්..."

 මම ඇහුවොත් ඒ ඇයි කියලා ඔබේ පිළිතුර මම දන්නවා. හුගක් දෙනාගේ පිළිතුර වෙන්නේ යම් දෙයක් ඔබට නැති කම නැත්නම් වෙන කාගේ හරි ලග තියන දෙයක් ඔබේ ගාව නැති කම. 

මේක හුගක් දෙනා අතර ජනප්‍රිය සංකල්පයක්. ඒ තමයි 
"මට නෑ සංකල්පය" ඒ සංකල්පය ඇති අය හැම විටම තමන් ගැන අඩු තක්සේරුවෙන්මයි සලකන්නේ.

  • අරය වගේ මට සල්ලි නෑනේ .. 
  • මම එච්චර දක්ෂ නෑ.. 
  • අපිට හරි ගියොත් ඉර අනිත් පැත්තෙන් පායයි. 
  • අපි දුප්පත්. අපිට උදව් කරන්න කවුරුත් නෑ..

මේ හේතු හින්දා ඔබ ඔබ ගැනම දුක් වෙනවා. අතිශය ශ්‍රේෂ්ට උත්තමයන් හැරෙන්නට මෙලොව වසන හුගක් මනුස්සයෝ යම් දෙයකින් තෘප්තිමත් කරන්න අමාරුයි.ගැහුණු පාර්ශවයේ මේ ගතිය පිරිමි පාර්ශවයට වඩා වැඩියි. ඔබ අද යම් තත්වයක ඉන්නවා නම් ඔබ බලන්නේ ඊට වඩා දෙයක් ලබා ගන්න. නැත්නම් වෙන කවුරු හරි ගාව තියන දෙයක් ගැන හිතලා හුල්ලන්න. තමන් ගැන , තමන් ඉන්න තත්වය, තමන්ට අයිති දේවල් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ඔබේ ජීවිතය දැන් තියනවට වඩා සුන්දර වේවි,සරල වේවි

 හුගක් අය දන්නා මෙන්න මේ පුංචි කතාවත් මම මුලින් කිව්වා දේට ගැලපෙනවා.. , 

 ඔන්න එකමත් එක රටක තිබුණු ලොකු කැලේක හිටියා කපුටෙක්. ඔව් අපි දන්න සාමාන්‍ය කපුටෙක් තමයි. දවසක් මේ කපුටා දැක්ක ඒ කැළේ අසල තිබුණු විලක ඉන්නවා හංසයෙක්.. සුදු ලස්සන හංසයෙක්... මේ හංසයා දැක්ක ගමන් කපුටට මෙහෙම හිතුනා .. 

අර හංසයා හරිම සුදුයි,, හරිම ලස්සනය.. එකට මම කළුම කළු පාටයි.. ඒ හංසයා වෙන්න ඇති සතුටුම කුරුල්ලා.. අනේ මටත් හංසයෙක් වෙන්න තිබුන නම්.. 

මෙහෙම හිතපු ඒ කළු කපුටා හංසයා ගාවට ගිහින් තමන් හිතපු දේ ඒ හංසයාට කිව්වා..

 නෑ යාළුවා මම සුදුයි තමයි. එත් බලන්න අර ගිරවා.. ගිරවට අපි වගේ එක පාටක් නෙමෙයි පාට දෙකක්ම තියනවා, එනිසා මම හිතන්නේ ගිරවා තමයි සතුටින්ම ඉන්නේ. 

හංසයාගේ පිළිතුරත් එක්ක කපුටාගේ සිතුවිලි වෙනස් වුනා.. ඌ ට දැන් ඕනේ ගිරවෙක් වගේ වෙන්න. ඊට පස්සේ කපුටා ගියා ගිරවා හොයාගෙන. කලින් හංසයාට කිව්වා වගේ ගිරවටත් කිව්වා තමන්ගේ අදහස.. ඒ ඔක්කොම සාවදානව අහන හිටිය ගිරවා කිව්වා 

යාලුවේ මට පාට දෙකක් තියන එක ඇත්ත. ඒත් මොණරා දිහා බලන්න.. කොච්චර පාට තියනවද.. අපි වගේද මොණරා.. කොච්චර සතුටින්ද ඇත්තේ.. ගිරවා කිව්ව කතාව ඇත්ත කියලා කපුටට හිතුනා. මොනරට වඩා පාට තියන කුරුල්ලෝ කොහෙද.. මොනරා තමයි සතුටුම කුරුල්ලා.. ඉතින් කපුටා මොනර හොයා ගෙන පියඹුවා. ඒ කැලේ මොනරු හිටිය නැති නිසා ඒ කාලය අසල වූ සත්තු වත්තක ඉන්න මොනරෙක් දුටු කපුටා හෙමින් මොනරා ගාවට කිට්ටු කළා ..

 ඔබ හරිම ලස්සනයි. ඔබේ ශරීරයේ නේක විද වර්ණ .. මිනිසුන් දහස් ගණනක් පැමිණ ඔබ බලා යනවා. එකට මට .. මාව දකින කොට ෂෝ ෂෝ ගාල එලවල දන්නවා.. බලන්න ඔබ කොතරම් වාසනාවන්තද කියල මම හිතන්නේ ඔබ තමයි හුගක්ම සතුටින් ඉන්න කුරුල්ලා .. කපුටා මෙහෙම මොනරාට කිව්වා. 

එත් කපුටටා ලැබුණු පිළිතුර කුමක්ද කියා ඔබ දන්නවද 

කපුටු යාලුවේ .. ඔබ පැවසු දෙය ඇත්ත. මගේ ශරීරයේ හුගක් වර්ණ තියනවා තමයි. ඒවගේම මම හරිම ලස්සනයි කියලත් දන්නවා. මිනිස්සුත් මගේ ලස්සන වර්නන කරනවා . එත් මම ඉන්නේ මේ කුඩුවේ හිර වෙලා මටත් ආසයි ඔබ වගේ ඈත අහසේ පියාබන්න. එත් මට කොහෙද ඒකට වාසනාවක්. මිනිස්සු කවදාවත් ඔබව කුඩුවකට නම් දාන එකක් නෑ. ඒ අතින් බලනකොට හුගක්ම නිදහසක් තියෙන්නේ ඔබට. මට නොවෙයි . මම නම් හිතන්නේ සතුටින්ම ඉන්න ඕනේ කුරුල්ලා ඔබයි මම නොවෙයි..

තමන් ගැන මෙච්චර වෙලා අවතක්සේරුවෙන් හිටිය කපුටා, මොනරා මෙහෙම කිව්වට පස්සේ හුගාක් සතුටු වුනා, ආයෙත් කවදාවත්ම තමන් කාත් එක්කවත් සංසන්දනය කරන්න ගියේ නෑ..


Comments

vicharaka said…
අපේ හිතත් අර මොනරා ඉන්න කූඩුව වගේ. අපි හිරවෙලා ඉන්නේ අපේ හිත ඇතුළෙමයි. සිත සියල්ලටම ප්‍රධානයි කියා එදා බුදුන් වහන්සේ දේශනා කලේ ඒ නිසා වන්නට ඇති.
Anonymous said…
ආපි තෘප්තිමත් වෙන්නෙ අපිට තියන දේවල් අනුව නෙවෙයි අපි හිතන විදිය අනුව​. පොඩි කාලෙ ඉදලම මට නම් තිබිනෙ ගොඩක් ලෙකු බලාපොරොත්තු (බස් එකේ යන්න සල්ලි නැතිව හෝල්ට් එකේ ඉන්නකොට මට ඕන උනේ brand new prado එකක් ගන්න​... කුලී ගෙදරක හිටපු මට ඕන උනේ පිට රටක ලොකු ගෙයක් හදාගන්න​... අම්මෝ ඔයවගේ තව ගොඩක් තියනවා.) ටිකක් ලොකු වෙනකොට ඒ දේවල් ලබගන්න උත්සාහකලා. කාලයත් එක්ක මම ගොඩක් දේවල් ලබගත්තා. සමහර දේවල් ලබාගන්න බැහැ කියලා තේරුම් ගත්තා. අවුරුදු 35 ක ජීවිතේ ගැන මම නම් තෘප්තිමත්. මම පොඩි කාලෙ ඉදලම තේරුම ගත්ත දෙයක් තමයි අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා කියන එක​. මට කවුරු නැතත් මම වෙනුවෙන් මම ඉන්න නිසා මම සතුටින් ජීවත්වෙනවා.
Dinesh said…
හුඟක් වෙලාවට අපි අපේ ලග තියෙන දේට වඩා අනික් දේවල් වලටනේ ආස කරන්නේ.

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක...

පුලුවන් නම් S-3ක් දාලා පෙන්නනවා.....

පාසල් කාලේ කියන්නේ ජීවිතේ සුන්දරම කාලේ කියලයි මට හිතෙන්නේ.... පාසල් කාලෙ සිදුවුනු සමහර සිදුවීම් අදටත් හරිම රසවත්..... මගේ මතකයේ රැදුනු එක සුන්දර සිදුවීමක් බ්ලොග් සටහනක ලියන්න මට හිතුනේ පහුගිය දවස ගෙදර ගිය වෙලාවෙ මට මගේ පාසල් කලේ CHEMISTRY පොතක් අහුවුනු නිසා...  A/Lවලට MATHSකලේ හිතෙ කාලයක් තිස්සේ තිබුනු ආසාවට...ඒ ආසව කොච්චරද කියලා කියනවා නම් O/Lවිභාගේ ඉවර වෙලා සති දෙකට පස්සේ A/Lවලට පන්ති ගියා.. මුලින්ම ගියෙ CHEMISTRY පන්තියකට... ඒ සර් පටන් ගත්තෙ CHEMISTRY වල දෙවනි පාඩම... පලවෙනි පාඩම පස්සෙ කරනවා කිව්වෙ ඒ පාඩම දිග වැඩි නිසා... ඒ සර් ඒ පාඩම දන්නෙ නැත්ද මන්ද.... තාම අපි ඒ පාඩම කරනකන් බලන් ඉන්නවා ... එත් දෙවනි පාඩම නම් මිනිහා සිරාවටම කලා ... ඒ දවස් වල මගේ ප්‍රියතම විශය තමයි CHEMISTRY... කොහොම කොහොම හරි RESULT ආවා... දෙයියන්ගෙ පිහිටෙන් හොදට විභාගේ ගොඩ දාල තිබුනු නිසා කොහොම හරි ජාමේ බේරා ගත්තා.... නැත්නම් මල නොන්ඩියයි නේ...ටික දවසකින් ස්කොලේ A/L පන්ති පටන් ගත්තා... මුල් දවස් ටිකෙ නම් ආසාවෙන් ස්කොලේ ගියාට සති දෙකක් විතර යනකොට මට ස්කොලෙ උගන්නන එවා සිරාවටම මොලේට ධාරනය වෙන්න ගත්තා.....

වසන්තයේ කතාවක්.......

ගිම්හානය ඉවර වෙලා වස්සානය අවේ ඉක්මනට වගේ....... කර්කශව ඉරි තැලී ගිය උගේ ජිවිතේ මේ වස් සා නෙත් එක්ක වෙනස් වෙයි කියලා ඌ හිතුවා..... ඉඩෝර බිම නිවාලන පිනි පොද වැස්සක් වගේ ඒ සුන්දර වස්සානෙදි ඒකි ආවා ඌ ඉන්න ඉසව්වට..... එත් ඒ ඌ හොයාගෙන නෙමෙයි... ඒකිගේ අනාගතේ වෙනුවෙන්... ඒකි ආපු දවස් වල ඒකි ඒකිගේ පාඩුවේ හිටියා ඌ උගේ පාඩුවේ හිටියා.... එත් කාලෙ මේ හැමදෙම වෙනස් කලා.... ටික දවසක් යද්දි ඌට එකි ගැන ටික ටික හිතෙන්න ගත්ත... ඌ හිතත් එක්ක රන්ඩුවුනා... තරහා වෙලා හිටියා... ඒත් ඌට බැරි උනා හිත පරද්දන්න... අන්තිමට හිත කිව්ව දේ ඌ පිලිගත්තා.... ඒ ඌ එකිට කැමතියි කියලා හිත හිරි වට්ටන තරහින් පුපුරන ඒකිගේ පුංචි ඇස් වලට ඌ හුඟාක් අදරේ කලා.... ඒත්....... මේ කිසිම දෙයක් එකි දැන ගෙන හිටියේ නැහැ... හිත ඉස්සරහ පැරදුනු දවසෙ ඉදන් ඌ ලෝකෙට හොරාට හීන මැව්ව... එත්... හැමදමත් ලෝකෙට හොරෙන් හීන මවන්න ඌට බැරි උනා... ඌ කියන්න කලින් ලෝකයා උගෙන් හැම දේම දැන ගත්තා.... හැමදාම ඌ එකි දිහ බලන් හුගක් දේ කිව්ව... ඒ හිතින්... කවදවත් ඒවා වචන වුනේ    නෑ  .... සමහර දෙවල් කියන්න ඔන වුනාට ඌට කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ... ඒ ...