Skip to main content

වසන්තයේ කතාවක්....... II


වසන්තය ඉවර උණා...
පොළොව ආයෙත් කර්කශව ඉරි තැළුණා...
හීන පිපෙන වසන්තයේදි නාවට,
ඉරි තැලුණු ගිම්හානයේදි
වැටෙන වැහි බින්දුවක වගේ
ඒකි එයි කියලා
ඌ බලන් හිටියා
හුගාක් ආදරයෙන් ආසාවෙන්
හිරිමල් තාරුණ්‍යයේ හිතට දැනෙන
ඒ ආදරණීය හැගීම යටපත් කරගෙන
ඒකිගේ ප්‍රශ්නෙට උත්තර හෙව්ව
ඒකි ඒවි කියල හිතාගෙන....
අනෝරා වැහි ඇද වෙටෙද්දීත්
චන්ඩ හිරු දාහයෙන් සියොලගම දවා හලුකර යද්දීත්
අකම්පිතව ඒ සියල්ල විද දරා ගන්න
ඌට පුලුවන් උනේ උගේ හිතේ ඒකි ගැන
තිබුනු සුපෙම්බර හැගීම නිසා...
ඒකි මේ කිසිම දෙයක් දැනන් හිටියද... ඌ දන්නේ නෑ
ඇතමෙක් උත්සහ කරද්දීත්
ලංවන්නට උගේ හිතට
ඌ ජිවත් උනේ එකම එක ආදරනීය
හැගීමක් සිතේ තියා ගෙන...
ලං වෙන්නට බැරිඋනාට ඈත දුරක ඉදන්
ඒ පුපුරන ඇස් වලට පෙම් කල තරම දන්නේ ඌ විතරයි...
ඒකිට මේ කිසිම දෙයක් ගැන හැගීමක් තිබුනද..
ඌ ගැන හිතුවද...
ඌ දැනන හිටියේ නෑ...
ටිකෙන් ටික උත්තරේට ලංවුනා...
පරවෙලා ගිය සතුටු මල් නැවත දලු දැම්මා...
ඒත්..
කාලෙත් එක්ක සමහර එවුන් එක එක කතා කිව්වා..
උන් ගැන... ඒකි ගැන..
වටේ එවුන් කියන දේ පිලි ගන්න ඌ කැමති උනේ නෑ..
රන්ඩු කලා හිතත් එක්ක..
භාගේට හොයපු උත්තරෙත් අරගෙන
ඌ ගියා ඒකි ඉන්න ඉසව්වට...
ඒත්...
ඒකි යන්න ගිහින්...
යන්නම යන්න ගිහින්....
ඌ තනිවුනා ...
ඒත් ඒකි තනි උනේ නෑ...
ඌට ඒකිගේ හෙවනැල්ල පෙනුනේ නෑ...
ඒ වෙනුවට ඌ දැක්කේ
ඒ හෙවනැල්ල වැහෙන්න වෙන එකීක් ඒකි ගාව ඉන්න එක විතරඉ...
දරදඩු පිරිමි හිත
රිදෙන්න ගත්තා...
දෙකොපුල් දිගේ ඌටත් නොදැනීම
හිනියට කදුලු කැට දෙක තුනක් කඩන් වැටුනා
ඒත් ඌ ඒවා ලොකෙට හැංගුවා..
හැමදාම ප්‍රශ්න ඉතිරි කලා වගේ
ඒකිගේ මෙ ගමනත් ඌට ප්‍රශ්න ගොඩක් ඉතිරි කලා...
ඒත් ඌ හිත හදා ගත්තා
ඌ ඒකිව දකිනව...
ඒකිගේ හෙවනැල්ලත් එක්ක..
රිදෙනව ඌට
ඒකි දන්නේ නැති උනාට
ඉවසනවා හැමදේම ඌ
උගේ අනාගතේ වෙනුවෙන්
වෙනස් වෙලා ඌ දැන් ඒකි වගේම
ඒත් එකිගේ විදියට නම් නෙමේ...
ඒකිත් ඌ නොදනව උනාට මං එක දෙයක් දන්නව
ඌටත් කවදා හරි දවසක
උගේ හීන මල් පිපෙන වස්සානය එන වග..
එදාට උගේ හිතේ පූදින සිනා මල් කැකුල
ඒකිටවත් හිතා ගන්න බැරි වෙන වග...
එදාට සමහාර විට ඒකි දුක් වේවි...
ඒත් එදාට ඒකි වගේම ඌත් යන්නම යන්න ගිහින්...

Comments

Unknown said…
අනේ මන්දා බං..
ජීවිතෙ හැටි එහෙම තමා..මොනා උනත් අපේ ගමන අපි යමු..
ජයවේවා!!!
@සම්පත් / jt
දුක සතුට කදුල සිනහව මේ හැමදේම අඩු නැතිව අපේ ජීවිත වල තියනවා..ස්තුතියි මචං කමෙන්ටුවට....
ජීවිතේ ගොඩක් දේවල් අපි හිතන පතන විදියටම වෙන්නේ නෑ යාළු... සමහර විට අපි දුක් වෙන දේවල් වෙන්නේ අපේ හොදට වෙන්නත් පුළුවන්....
ලස්සන නිර්මාණයක්
Thushara said…
ඌ ඒකිව ප්‍රාර්ථනා කළා
ඒකිගේ ආදරය ප්‍රාර්ථනා කළා
ඒ බව එකි දැනගෙන හිටියා
අනික් හැමදෙනා වගේම...
ඒත් කවුරුත් නොදන්න දෙයක් ඌ ප්‍රාර්ථනා කළා

ඒකිගේ මුව පුරා පිපෙන හිනාව
හිතේ සතුට නිසා
ඒකිගෙ මුව පුරා පිපෙන හිනාව..

ඌ හැමදාම හෙව්වා
ඒකිව හිනාවෙන් සරහන විදිහක්
අවසානයෙදි ඌ හොයා ගත්තා
ඌ සෙවූ දේ ඌ සොයා ගත්තා

ඒකිගේ හිනාවේ රහස...

"ඌ කිසි දිනක නොආ යුතු බව ඒකිගෙ ජීවිතයට..."
@Thushara
මේ කමෙන්ට් එක නම් මේ ලිපියට මාර විඩියට ගැලපෙනව මචං.. මේ කමෙන්ට් එක කියෙව්වම හිතුනේ එක දෙයයි මේ කමෙන්ටුවත් මේ බ්ලොග් සටහනේ අන්තිමට තිබුනා නම් කොච්ච්cර ලස්සනද කියලා.. ඒ කොහොම වුනත් ලස්සනයි මචං කමෙන්ටුව...
@අනේ මන්දා..??
පතන දේවල් ඒ විදියටම වෙනවා නම් ජිවිතේ කොච්චර ලස්සනද චතු...
Unknown said…
ඌ ඒකිට ආදරේ කළා
එත් ඒකී ඌට ඊටත් වැඩියෙන් ආදරේ කළා
ඌ ඒක දන්නේ නෑ
දන්නවද දන්නේ නෑ නෙවෙයි
ඌ ඒක කොහොමටවත් දන්නේ නෑ
හැමදාම උදේට ඒකී දුවගෙන ගියා
උගේ මූණ දකින්න ආසාවෙන්
උගේ කටහඩ අහන්න ඒකී ආසා කළා
අනිත් එවුන් වගේම ආදරේ විදින්න ඒකී ආස කළා
ඒත් ටික දවසක් යනකොට ඒකී තේරුම් ගත්තා
ඒකී තනි වෙලා බව
ඒකිව බලාගන්න කවුරුත් නැති බව
උගේ ආදරේ blog එකක් විතරක්ම බව
උගේ ආදරේ ඌට කවියක්ම
ඒකිට කදුලක්ම විතරක්ම බව
උගේ කටින් ලෝකෙට සේවයක් සාධාරණයක්
වෙනවා දකින්න ඒකී ආසා කළා
ඒකී උගෙන් බලාපොරොත්තු වුනේ ඒක බව
ඌ දැනගෙන හිටියේ නෑ
ඒකී බලාගෙන හිටිය ඌ ඒකිව තේරුම් ගන්නකම්
ඒත් අදටත් ඌට ඒකිව තේරෙන්නේ නෑ
ඌට කරන්න පුළුවන් වුනේ එක දෙයයි
ඒකී ආදරේ කරපු එවුන්ගේ ජීවිත
තිරිසනෙක් වගේ මරල දාන එක
ඌ හිතන්නේ ඌ ඉවසුවා කියලා
ඒකී ඉවසපු තරම් ඌ දන්නේ නෑ
ඒත් ඒකී හැමදාමත් වගේම
ගත්තේ පොඩි එකාගේ පැත්ත
ඒකී ඉස්සරහටත් එහෙමයි
ඌට ඒකිව නවත්තන්න බෑ
ඒ බව ඌ දන්නේ නෑ
ඊලගට ඌ ඒකිට කියනවා
ඒකී ආත්මාර්තකාමිලු
ඒකිට දුකක් දැනෙන්නේ නෑලු
ඌ ඒකී ගැන දන්නා තරම තමයි ඒ
උගේ හීන මල් පිපෙන වස්සානය ආවම
ඒකී පසුතැවෙයි කියල ඌ හිතනවා
එදාට ඒකී ඌටත් වඩා සතුටු වෙන බව ඌ දන්නේ නෑ
Anonymous said…
@ බොරුකාරි

උඹේ නම උඹට හොදටම ගැලපෙනවා...
සිරාවටම ලස්සනයි මචන්. වචනෙන්ම කියනවනම් බොක්කටම වදිනව. මොකද මමත් ඒකි එනකම් බලන් ඉන්න එකෙක් තමයි.

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක

අමාවක විජිතයේ සිට....

අඳුරේ යන්නෙමි නොපෙනෙන දුර ඈත නුඹ නැතිදා පටන් මා අඳුරේ බව නුඹ දනීද...? එලිය නිවලා නුඹ ගියත් අමාවක විජිතයේ ඉදන් මම නෙතු අයා හිඳිමි නුඹේ සඳ එලිය ආයෙමත් වටෙන තුරු මගේ ලොවට...

සිහිනය....

ලස්සනට ලියන්නට මට පුලුවන්ද කියල දන්නෙ නැති වුනත් මගෙ හිතේ පුංචි හීනයක් තිබුනා හුගාක් කාලෙක ඉදන්.එක ඉටු කරගන්න මම කල උත්සහය මම විතරයි දන්නෙ .කොහොම කොහොම හරි අන්තිමට මගෙ ඒ පුංචි හීනේ අද ඉටු වුනා.ඒ පුංචි හීනේ තමයි මගෙම කියලා බ්ලොග් එකක් ලියන එක.හුගාක් සතුටුයි අද මට. ඒ සතුටත් එක්ක මම පලවෙනි බ්ලොග් එක ලියන්න යනකොට,මට අතිතයේ දවස සිදුවුන පුංචි දෙයක් මතක් වුනා.ඒක මගෙ පලමු බ්ලොග් එක විදියට එක ලියන්න මම හිතුවා.කැම්පස් එන්න ටික දවසකට කලින් මම මගෙ කාමරෙ අස් කරකොට පොඩිවුනකොලයක් මගෙ ඇද පල්ලෙ තිබිලා හමුවුනා එකේ තිබුන පුංචි නිසදැසක් මෙන්න මෙහෙම ''පෙණ පිඩු නංවමින් ගලා යන ජීවිත ගංඟාවේ එක්තරා ගිම්හාන ඍතුවක එක නිමේෂයක ඔබ මම හමුවුනි..... ගහ කොල මලානිකව සුසුම් හෙලද්දී ......... බොල් පොලව කර්කෂව ඉරිතැලී යද්දී ඔබ තුහින මල් වැස්සක් වී මගේ ජීවිත ගංඟාවට වැටුනා නොවෙද......... ඔබේම වු ආදරයේ ස්නේහයේ තුහින මල් වැස්සෙන් වේලී හිදී යමින් තිබු මගේ ජීවිතය පිරි ඉතිරී පිටර ගැලු බව ඔබට මතකද.......... ඒ වසත් සමය අපේම නොවෙද ගෙවී ගිය ඒ වසත් සමය වෙනුවෙන් මෙසේ පවසමි......... ඔබෙන් ලද