Skip to main content

උඹව මට බරක් නෙමේ මගේ පුතේ.....


ජීවිතේ මටත් හීන තිබුණා
මාත් හීන මැව්වා
ඒ උඹේ අම්මත් එක්ක......
පුංචි කුඩුවක් හැදුවා
ලස්සනට හිටියා
ඒ උඹේ අම්මත් එක්ක......
මම චිත්‍රකාරයෙක්
මහා ලොකු සල්ලි නොතිබුණාට
උඹේ අම්මව සතුටින් තිව්වා
එත්..
එකිට තිබ්බේ
මගේ වගේ පුංචි පුංචි හීන නෙමෙයි
එකිට උඹව හොඳ මදි වුණා
මාව හොඳ මදි වුණා
මගේ හිතේ හීන මැව්ව උඹේ අම්මා
ඒ හීන ඔක්කොම හීන
මගේ ඉස්සරහම බොද කරල දැම්මේ
උඹ ගැනවත් නොහිතා
උඹේ වරදක් නෑ මගේ පුතේ...
හිනාවෙයන් හයියෙන් හිනා වෙයන්
උඹේ අම්මට ඇහෙන්න
එකිට දුක හිතෙන්න
හිනාවෙයන් පුතේ ......
උඹේ ඔය හිනාව එකිගේ ඇහැට කඳුළක් වේවි..
මොනව වුණත් ඒ උඹේ අම්මා...
එකිට බරක් වුණාට
මට උඹව බරක් නෙමේ මගේ පුතේ.....

Comments

දිල් said…
හරිම සංවේදි නිර්මාණයක් ක්‍රිශාන්.... පින්තූරය නිර්මාණයට හොඳට ගැලපෙනවා
Dinesh said…
හිතට වදින විදිහට ලියලා තියෙනවා යාළුවා.. හරිම ලස්සනයි...
Anonymous said…
මාරම ගති....
කවදා හරි අම්මා...ඒවි. මම නැතත් උඹව හොයාගෙන. එදාට දෙපාරක් හිතන්නේ නැතිව..එයාට සමාව දෙන්න ..මගේ පුතේ....