Wednesday, August 21, 2013

සඳ මම ( ද )ඔබේ




සඳ ගැන කවියක් කීවා මතකයි
පෙර දින නුඹ මට හැන්දෑවේ...
ඒ සඳ කවුදැයි ඇහුවා මතකයි
දින ගනනක් මම හැම වේලේ... 
පිලිතුරු නැත අද නුඹ ගොළුවී ඇත 
හෙව්වා හේතුව හැම කාලේ... 
ඒ සඳ මම බව තේරුම් ගත් විට 
නුඹ නැත මම ලඟ පෙර වාගේ... 



3 comments:

සම්පත් / jt said...

හ්ම්ම්...සමහර දේවල් තේරුම්ගන්න කලක් යනව මචං..
දිගට ම ලියපන්..
ජයවේවා..!!

Anonymous said...

http://www.youtube.com/watch?v=_V7tXJhreWs

එදා මට ඔබ සරා සඳ විය
කවි ඇසින් දුටු සොඳුරු පියකරු
මෙදා මට ඔබ සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු...

sachi said...

තුරුලිය මල්ගොමු දිය සීරාවෙන්
සැරසුනු මිහිලිය මත ලද ජීවෙන්
සැනහෙන මිනිසුන් නොමද ව ආලෙන්
මහ දුර සඳු ව ම පතයි නිබන්දෙන්...

දින දින සොමි ගුණ සම ව නොලද්දත්
සුසුම් අහර පැන් දියත පිදූවත්
සඳමයි සිසිලස කියයි සියල් සත්
නොලද නියාවෙන් මෙදියත සුවපත්...

අදටත් මහපොළොව ම බර උසුළත්
මිනිසුන් නිතැතින් සඳට ආවඩත්
නෙරපූවොත් උන් පොළොවෙන් කළෙකත්
සඳ නැත, අඳුරෙම පාවී මිය යත්...