Sunday, November 3, 2013

සසර වසන තුරුම නුඹ මගේම වන්න......

මුලු දිවියම ඝන අන්ධකාරයෙන් 
වෙලී ගිය කලෙක
සුපුන් සඳක් වී පායාවිත්
ජීවිතයම එලිය කල 
නුඹ.....

අරමුනක් නොමැතිව 
ඉබාගාතේ ගිය ජීවිතයට
නියත අරමුනක් දුන් 
නුඹ.....

නිමක් නොවු 
පිවිතුරු ආදර මල් වරුසාවෙන්
ඉඩෝර බිමක් වූ 
මගේ දිවියම නැහැවූ 
නුඹ.....

අද මගේම වෙලා.....

සුපෙම් හැගුමකින් 
මුලු හිතම හිරි වට්ටන
නුඹට,
කොච්චර මේ පුංචි හිත 
ආදරේ කරනවද කියා
නුඹවත් 
දන්නේ නැතුව ඇති....

අවසන 
පතමි එක් පැතුමක්
මුලු හඳින්ම,
එනම්..
සසර වසන තුරුම 
නුඹ මගේම වන්නට 
කියා... 

4 comments:

මධුරංග said...

නියම කවි සිතුවිල්ලක් !

Dinesh said...

ලස්සනයි..

සම්පත් / jt said...

ලස්සනයි...සුභ පැතුම් මචං..
ජයවේවා...!!!

sachi said...

නුඹමයි මගේ වසන්තය
මගෙ පැතුම
උපදින හැම භවයකම...