Skip to main content

හොංකොං ඩොලර් එකක් කීයද සර් ....?



එදින කලබලකාරී බදාදාවකි. වැඩ රාජකාරි බොහොමයක් තිබුණු දවසකි. වෙනදාට වඩා  වේලාසනින් නිවසින් පිටත් වූ මම සුපුරුදු ලෙසම පිත්තල හන්දියෙන් බැස ගතිමි. වැඩ රාජකාරි අධික දවසක් වූ නිසාත් ඉක්මනින් කාර්යාලය වෙත යා යුතු වූ නිසාත් එතැන් සිට නවම් මාවතේ පිහිට තිබු මාගේ කාර්යාලයට ත්‍රීරෝද රියකින් ගමන් කිරීමට ඉටා ගතිමි.

කහ ඉරෙන් පාර මාරු වූ විගසම මගීන් රහිත ත්‍රීරෝද රියක් හමුවන්නේ වාසනාවකටය. එදින මට එම වාසනාගුණය තිබු අතර මුලින්ම පැමිණි ත්‍රීරෝද රියට මා ගොඩ වුයේ නවම් මාවතට යමු යනුවෙන් පවසමිනි.

 "මට සර් ව දැකල පුරුදුයි. සර් සම්පත් බැංකුවේ ද වැඩ කරන්නේ.."

මගේ ගමන ආරම්භ කොට ස්වල්ප දුරක් ගිය විට ත්‍රීරෝද රථ රියදුරා මගෙන් විමසුවේය.. සම්පත් බැංකු මුලස්ථානය ඇත්තේ නවම් මාවතේ ඇති බැවින්ද ඔහු එසේ විමසුවා විය හැක.

 නෑ .. මම කෙටි පිළිතුරක් දුනිමි.

 "මම සම්පත් බැංකුවේ වැඩ කළා. කාඩ් සෙන්ටර් එකේ හිටියේ.."

 "කොයි කාලේද සම්පත් බැංකුවෙන් අයින් වුනේ.." මම පෙරලා ඇසුවෙමි

" 2012 විතර සර් .. එකේ හිටිය ඇති සර් . එකෙන් අයින් වෙලා තමයි මම මේ ත්‍රීවීල් එක ගත්තේ.."

 "සමහර විට  මාව දැකල ඇති. මම සම්පත් බැංකුවේ මාස 6ක් විතර වැඩ කළා.. ඒ 2011 විතර."

 "එකනේ මට සර්ව හොදට හුරු පුරුදුයි."

 වසර හතරක පමණ අතීතයේ මා සමග වචනයක් වත් කතා නොකළ පුද්ගලයෙකුට මා දැක ඇති කීම මා සිත තුල විශ්මයක් සමග කුකුසක් ඇති කිරීමට සමත් විය. නවම් මාවතට හැරෙනවත් සමග ඔහු ඇසුවේ අමුතු පැනයකි.

 "හොංකොං ඩොලර් එකක් කීයක් විතර වෙයිද සර්.."

ඇමරිකන් ඩොලර් එකද රුපියල් 140 -145 ක පමණ පමණ වේ යයි මගේ සිත තුල අදහසක් තිබු මුත් හොංකොං ඩොලරයක අගය නම් සැබවින්ම මා නොදැන සිටියෙමි

 "හ්ම්ම්... ඒක ගැන නම් මට අදහසක් නෑ .."

 "රුපියල් දහයක් විතර වෙයි නේද සර්..."

 "ඇයි හොංකොං ඩොලර් එකක ගාන ඇහුවේ..."

නෑ නිකන් යන පිළිතුර බලාපොරොත්තුවෙන් මම ඔහුගෙන් ඒ ප්‍රශ්නය විමසුවෙමි

" නෑ සර්. සර් කලින් ආපු මහත්තයා දෙහිවලින් නැග්ගේ කොල්ලුපිටියට එනකම් ආව . මගේ අද දවසේ උදේම හයර් එක ඉතින් එනකොට මම නිකන් කතා කර කර ආවා. මගේ පොඩි දුව ලෙඩින් ඉන්නේ සර්. මට එකත් ඒ මහත්තයා එක්ක කියවුනා. ඒ මහත්තයා ඊයේ හොංකොං වල ඉදල ඇවිත් තියෙන්නේ. අද මේ යාලුවෙක් මුණ ගැහෙන්න කොල්ලුපිටියට ඇවිත්. බහින වෙලාවේ ඩොලර් 150ක් දීල කිව්වා දුවගේ ඉතිරි බෙහෙත් ටික මේකෙන් ගන්න කියල හයර් එකේ ඉතිරි සල්ලිත් ගත්තේ නෑ .. එකයි මම ඇහුවේ"

 කාර්යාලය අසලට පැමිණ ඇති බැවින් මා ත්‍රීවීලයෙන් බසින විට මා දුටුවේ සාමාන්‍යයෙන් ත්‍රීරෝද රියදුරන් තම දුරකථනය රැදවීමට යොදා ගන්න ත්‍රීවීල් රථයේ සුක්කානම ඉදිරියේ ඇති පුංචි පියනක් රහිත පෙට්ටියේ විදේශීය මුදල් නෝට්ටු කිහිපයක් තිබෙන බවයි.

 "මේ තියෙන්නේ මේවා තමයි සර් අර මම කියපු මහත්තය දුන්නේ.."

 මම ඒ ගැන ඇසීමටත් පෙර වැඩි වටිනාකම් නොවේ යයි ඔහු සිතු මුදල් නෝට්ටු ඔහු මා වෙත ගෙන හැර පෑවේය. එහි ඩොලර් 100 නෝට්ටුවක් 20 නෝට්ටු 2ක් හා ඩොලර් 5 නෝට්ටු 2ක් විය එම විදේශීය මුදල් ඩොලර් වූ නමුදු ඒවා හොංකොං ඩොලර් නොවිණි. වර්තමානයේ ලංකාවේ පාවෙන අගයක් සහිත ඇමරිකානු ඩොලර් නෝට්ටු විය. ඇමරිකන් ඩොලර් 150ක් ලංකාවේ මුදලින් නම් රුපියල් 20000 ක් පමණ මුදල් ප්‍රමාණයක්.. එවැනි මුදල් ප්‍රමාණයක් ඔහුගේ නොදැනුවත් කමින් ඔහු තබාගෙන සිටි ස්ථානය ..

"මේවා හොංකොං ඩොලර් නෙමෙයි .. මේ ඇමරිකන් ඩොලර් මෙතන රුපියල් 20000ක් විතර තියනවා. මේක පරිස්සම් කරලා තියා ගන්න.. ඔහොම ඉක්මනට මේක මාරු කර ගන්න.. මේකෙන් දුවගේ අසනීපෙට බෙහෙත් ගන්න පුළුවන් වෙයි.. "
 මම ඔහුට පැවසුවෙමි.

 එය කියූ සැනින් තම පසුම්බියේ රහස් සාකුවක එම මුදල සගවා ගත් ඔහුගේ මුහුණේ තිබු සතුට මට ඔබට විස්තර කල නොහැක..

 "බොහොම ස්තුතියි සර්.. සර් හිටිය හින්ද හොදයි. මම හිතුවේ ඒ මහත්තයා හොංකොං වල ඉදලා ආපු නිසා ඒවා හොංකොං ඩොලර් කියල. මම දැන් ගෙදර යනවා සර්.. මං ඉක්මනට සල්ලි ටික මාරු කර ගන්නම්.. ඔව් සර් මම බෙහෙත් ගන්නවා.. ස්තුතියි සර් .."

 "අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න එපා මේ සල්ලි .."

 නෑ සර් මම අරක්කු සිගරට් බොන්නේ නෑ සර්.. හැමදාම දෙයියන්ට බුදුන්ට මල් පහන් තියලා ඉල්ලුවේ පොඩි කෙල්ල ඉක්මනට සනීප කරලා දෙන්න කියල. දැන් ඒක මට ඉක්මනට කර ගන්න පුළුවන් සර්.. කියා ඔහු නික්මී ගියේ මා එපා කියද්දීත් මීටරයේ සදහන් වූ මුදලට වඩා අඩු මුදලක්ද ලබා ගනිමිනි ..

 දෙමාපියන් බලුකුඩු වලට දමන, දරුවන් මහා මග දමා යන, දරුවන් පැහැරගෙන ගොස් දුෂණය කරන දේපල, මුදල් වෙනුවෙන් තම දෙමාපියන් සහෝදරයන් මරා ගන්නා යුගයක රුපියල් 20000ක් තමන් නොදන්නා පුද්ගලයෙකුගේ දරුවකුගේ අසනීපයක් වෙනුවෙන් දීමට ඔහු සංවේදී වූ ආකාරය අදටද මට සිත ගත නොහැක. ශ්‍රී ලාංකාව තුල තවමත් අතිශය සංවේදී හදවත් ඇත්තවුන් මනුස්සකමේ ගුණ සුවද හදුනන මිනිසුන් සිටින බව මෙම සිද්ධිය නැවත මට මතක් කළේය.

Comments

sachi said…
ත්‍රීරෝද රථ රියදුරා වගේ දුව අසනීප වුණා ම විසඳුම් සොයන කෙනා නොවී ඩොලරයේ අගය වටහා දුන් කෙනාගෙනුත් නොවැවතී, $ ඔහුට දුන්නු මිනිසා වගේ වෙමු..
මහේෂ් said…
සුන්දර සිදුවීමක සොඳුරු සටහනක්.
ස්තුතියි
ඔබේ බ්ලොග් එකේ ඉහත ලිපිය කිව්වෙමි. ඉතා හොඳින් එය ඔබ ලියා තිබේ.sudukukula.blogspot.com

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක

අමාවක විජිතයේ සිට....

අඳුරේ යන්නෙමි නොපෙනෙන දුර ඈත නුඹ නැතිදා පටන් මා අඳුරේ බව නුඹ දනීද...? එලිය නිවලා නුඹ ගියත් අමාවක විජිතයේ ඉදන් මම නෙතු අයා හිඳිමි නුඹේ සඳ එලිය ආයෙමත් වටෙන තුරු මගේ ලොවට...

සිහිනය....

ලස්සනට ලියන්නට මට පුලුවන්ද කියල දන්නෙ නැති වුනත් මගෙ හිතේ පුංචි හීනයක් තිබුනා හුගාක් කාලෙක ඉදන්.එක ඉටු කරගන්න මම කල උත්සහය මම විතරයි දන්නෙ .කොහොම කොහොම හරි අන්තිමට මගෙ ඒ පුංචි හීනේ අද ඉටු වුනා.ඒ පුංචි හීනේ තමයි මගෙම කියලා බ්ලොග් එකක් ලියන එක.හුගාක් සතුටුයි අද මට. ඒ සතුටත් එක්ක මම පලවෙනි බ්ලොග් එක ලියන්න යනකොට,මට අතිතයේ දවස සිදුවුන පුංචි දෙයක් මතක් වුනා.ඒක මගෙ පලමු බ්ලොග් එක විදියට එක ලියන්න මම හිතුවා.කැම්පස් එන්න ටික දවසකට කලින් මම මගෙ කාමරෙ අස් කරකොට පොඩිවුනකොලයක් මගෙ ඇද පල්ලෙ තිබිලා හමුවුනා එකේ තිබුන පුංචි නිසදැසක් මෙන්න මෙහෙම ''පෙණ පිඩු නංවමින් ගලා යන ජීවිත ගංඟාවේ එක්තරා ගිම්හාන ඍතුවක එක නිමේෂයක ඔබ මම හමුවුනි..... ගහ කොල මලානිකව සුසුම් හෙලද්දී ......... බොල් පොලව කර්කෂව ඉරිතැලී යද්දී ඔබ තුහින මල් වැස්සක් වී මගේ ජීවිත ගංඟාවට වැටුනා නොවෙද......... ඔබේම වු ආදරයේ ස්නේහයේ තුහින මල් වැස්සෙන් වේලී හිදී යමින් තිබු මගේ ජීවිතය පිරි ඉතිරී පිටර ගැලු බව ඔබට මතකද.......... ඒ වසත් සමය අපේම නොවෙද ගෙවී ගිය ඒ වසත් සමය වෙනුවෙන් මෙසේ පවසමි......... ඔබෙන් ලද