ගිම්හානය ඉවර වෙලා වස්සානය අවේ ඉක්මනට වගේ....... කර්කශව ඉරි තැලී ගිය උගේ ජිවිතේ මේ වස් සා නෙත් එක්ක වෙනස් වෙයි කියලා ඌ හිතුවා..... ඉඩෝර බිම නිවාලන පිනි පොද වැස්සක් වගේ ඒ සුන්දර වස්සානෙදි ඒකි ආවා ඌ ඉන්න ඉසව්වට..... එත් ඒ ඌ හොයාගෙන නෙමෙයි... ඒකිගේ අනාගතේ වෙනුවෙන්... ඒකි ආපු දවස් වල ඒකි ඒකිගේ පාඩුවේ හිටියා ඌ උගේ පාඩුවේ හිටියා.... එත් කාලෙ මේ හැමදෙම වෙනස් කලා.... ටික දවසක් යද්දි ඌට එකි ගැන ටික ටික හිතෙන්න ගත්ත... ඌ හිතත් එක්ක රන්ඩුවුනා... තරහා වෙලා හිටියා... ඒත් ඌට බැරි උනා හිත පරද්දන්න... අන්තිමට හිත කිව්ව දේ ඌ පිලිගත්තා.... ඒ ඌ එකිට කැමතියි කියලා හිත හිරි වට්ටන තරහින් පුපුරන ඒකිගේ පුංචි ඇස් වලට ඌ හුඟාක් අදරේ කලා.... ඒත්....... මේ කිසිම දෙයක් එකි දැන ගෙන හිටියේ නැහැ... හිත ඉස්සරහ පැරදුනු දවසෙ ඉදන් ඌ ලෝකෙට හොරාට හීන මැව්ව... එත්... හැමදමත් ලෝකෙට හොරෙන් හීන මවන්න ඌට බැරි උනා... ඌ කියන්න කලින් ලෝකයා උගෙන් හැම දේම දැන ගත්තා.... හැමදාම ඌ එකි දිහ බලන් හුගක් දේ කිව්ව... ඒ හිතින්... කවදවත් ඒවා වචන වුනේ නෑ .... සමහර දෙවල් කියන්න ඔන වුනාට ඌට කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ... ඒ ...
සොදුරු අතීත මතක ආවර්ජනය.........