Thursday, August 6, 2009

(අ)හිමි නුඹ නමින්....


නිදන්නට මට නොදෙන
ඔය සුපෙම් නෙත් දෙකට
සහස් කවි පබඳිමින්
කොතෙක් ඉන්නද මෙලෙස......
ලබන්නට පින් නොමැත
රැදෙන්නට තව නොහැක
එත් ඔය නෙත් දෙකෙන්
ඉවත යන්නෙ කොහොම...........
ඉතින් පවසමි සිතින්
මතු උපදින භවයක් පාසාම
නුඹව සොයා සසර සරන්නට
වරම් ලැබෙන්නට කියා......

4 comments:

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

අප්පා අලියට චිත්‍ර අඳින්න විතරක් නෙමේ නිසඳැස් ලියන්නත් පුළුවන් බව අදයි දන්නෙ. නියමයි මචං නිසඳැස සිරාවට හිතට වැදුනා. ඒ මටත් ඔහොමම හිතෙන නිසා වෙන්න ඇති.

nil said...
This comment has been removed by the author.
The blue sky-නිල් අහස said...

නිදන්නට ඉඩ නොදී
නෙතු අතර පැටලෙමින්
රැඳෙන මේ සුපෙම් නෙත්
සිතන දේ දැනෙනවද ...

ඉවත නොම යා මගෙන්
සදාකල් රැඳෙන්නට
වරම් අයදින අයුරු
ඔය හිතට දැනෙනවද ...

පතමි පැතුමක් හදින්
මතු සසරකදී නොව
මේ භවයෙ මා ලඟින්
ඔබ සදා රැඳේවා ....

Thushara said...

නිදන්නට මට නොදෙන
ඔය සුපෙම් නෙත් දෙකට
සහස් කවි පබඳිමින්
කොතෙක් ඉන්නද මෙලෙස......

හැමදාම හිත තවන
නුඹෙ ආඩම්බර කමට
සහස් කවි පබදමින්
තවත් ඉන්නේ කෙලෙස...