මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ?? ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි.. නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්.. විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි. එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා.. ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත. මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත. සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...
සොදුරු අතීත මතක ආවර්ජනය.........

Comments
නෙතු අතර පැටලෙමින්
රැඳෙන මේ සුපෙම් නෙත්
සිතන දේ දැනෙනවද ...
ඉවත නොම යා මගෙන්
සදාකල් රැඳෙන්නට
වරම් අයදින අයුරු
ඔය හිතට දැනෙනවද ...
පතමි පැතුමක් හදින්
මතු සසරකදී නොව
මේ භවයෙ මා ලඟින්
ඔබ සදා රැඳේවා ....
ඔය සුපෙම් නෙත් දෙකට
සහස් කවි පබඳිමින්
කොතෙක් ඉන්නද මෙලෙස......
හැමදාම හිත තවන
නුඹෙ ආඩම්බර කමට
සහස් කවි පබදමින්
තවත් ඉන්නේ කෙලෙස...