මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ?? ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි.. නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්.. විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි. එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා.. ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත. මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත. සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...
සොදුරු අතීත මතක ආවර්ජනය.........

Comments
අපි අපේ වෙනවනං...
ඒ වගේම අපේ ජීවිත තව ගැඹුරු කරවනව.
ඒ අතරින් ඉටු නොවෙන හීන අපිව වෙදනා දෙනව.
ඒකයි ජීවිතය....
ජිවිතේ කවියක්
ආදරය එහි සොඳුරුතම වදනක්
හසරැලි පොදක්
කඳුලැලි බිඳක්
එකට එක් වූ විට නැගේ
පෙර නොවිඳි රසයක්
(ගජමන් නෝනා-තේමා ගීතය )
හීන මවන තරම් ඉක්මනට ඉටු නොවුනට මෙ හීනය හැබෑවක් වෙයි..
හුඟක් හිත රිදවගෙන හිටපු වෙලාවක කෙනෙක් කියපු දෙයක් මතක් වුනා...
"හීන මවන්න..ඒ හීන තමයි බලාපොරොත්තු වෙන්නේ..හිතේ විස්වාසය තියෙනවනම් ඒ බලාපොරොත්තු ඉටුවෙනවමයි......"
ඇත්තටම එහෙම වෙනවා නම් කොච්චර දෙයක් ද මචං
@ රවින්ද:
උඹ හරියටම හරි ලොක්කා...........
@නිල් අහස:
දැනෙන්න කවි ලියන්න මට පුළුවන්ද කියලා මම දන්නෙ නැ.... ඒත් ඔය comment එක නම් මේ ජීවිතේට හුඟක් වටිනවා