Skip to main content

පුලුවන් නම් S-3ක් දාලා පෙන්නනවා.....



පාසල් කාලේ කියන්නේ ජීවිතේ සුන්දරම කාලේ කියලයි මට හිතෙන්නේ.... පාසල් කාලෙ සිදුවුනු සමහර සිදුවීම් අදටත් හරිම රසවත්..... මගේ මතකයේ රැදුනු එක සුන්දර සිදුවීමක් බ්ලොග් සටහනක ලියන්න මට හිතුනේ පහුගිය දවස ගෙදර ගිය වෙලාවෙ මට මගේ පාසල් කලේ CHEMISTRY පොතක් අහුවුනු නිසා... 

A/Lවලට MATHSකලේ හිතෙ කාලයක් තිස්සේ තිබුනු ආසාවට...ඒ ආසව කොච්චරද කියලා කියනවා නම් O/Lවිභාගේ ඉවර වෙලා සති දෙකට පස්සේ A/Lවලට පන්ති ගියා.. මුලින්ම ගියෙ CHEMISTRY පන්තියකට... ඒ සර් පටන් ගත්තෙ CHEMISTRY වල දෙවනි පාඩම... පලවෙනි පාඩම පස්සෙ කරනවා කිව්වෙ ඒ පාඩම දිග වැඩි නිසා... ඒ සර් ඒ පාඩම දන්නෙ නැත්ද මන්ද.... තාම අපි ඒ පාඩම කරනකන් බලන් ඉන්නවා ... එත් දෙවනි පාඩම නම් මිනිහා සිරාවටම කලා ... ඒ දවස් වල මගේ ප්‍රියතම විශය තමයි CHEMISTRY... කොහොම කොහොම හරි RESULT ආවා... දෙයියන්ගෙ පිහිටෙන් හොදට විභාගේ ගොඩ දාල තිබුනු නිසා කොහොම හරි ජාමේ බේරා ගත්තා.... නැත්නම් මල නොන්ඩියයි නේ...ටික දවසකින් ස්කොලේ A/L පන්ති පටන් ගත්තා... මුල් දවස් ටිකෙ නම් ආසාවෙන් ස්කොලේ ගියාට සති දෙකක් විතර යනකොට මට ස්කොලෙ උගන්නන එවා සිරාවටම මොලේට ධාරනය වෙන්න ගත්තා... ඒ කිව්වේ මට ස්කොලෙ කරන මුකුත් තෙරුනේ නෑ... මට විතරක් නම් කමක් නෑ කියමුකො... එත් පන්තියෙ ඉන්න බහුතරයකට තේරුනෙ නෑ මොනවද වෙන්නේ කියලා... අපේ PHYSICS සර් නම් ලොකේ තියන හොදම ග්ලැසියරය වෙන්න ඇති...සිරා අයිස් පප්පා..... එයා දන්නේ කප්පියි, F=ma, මිනුම් උපකරනයි විතරයි.... ඉන් එහාට දෙයක් එයා දන්නේ නෑ... එයා හිතන් ඉන්නේ PHYSICS කියන්නෙ ඒ ටික විතරක් කියලා.....හැමදාම පුංචි ගානක් දීල පැය 2 තිස්සෙ ඒක පැහදිලි කරනවා... එපා වෙනවා අප්පා.. අවුරුදු 2ක් තිස්සෙම එයා කලේ ඒ ටික විතරයි..අපට ඒ දවස් වල ඒ මාතෘක ගැන විශේෂ ප්‍රාගුණයක් ඇවිත් තිබුනා... ඒත් අපේ MATHS මිස්ටයි CHEMISTRY සර්ටයි උගන්නන්න ඕන කමක් තිබුනට ඒ දෙන්න කියලා දෙන දේවල් අපේ මොකෙක්ටවත් තෙරුනේ නම් නැ.. අනේ මන්දා ඒ මොකද කියල..එවා තේරුම් ගන්න අපේ මොලේ වැඩිලා නැතුව අති... අර මම මුලින් කිව්ව CHEMISTRY වල දිග වැඩි පලවෙනි පාඩම අපේ ස්කොලෙ සර් නම් සති තුනෙන් ඉවර කලා...පලවෙනි පාඩම අතාරිමුකො... දෙවනි පාඩමේ ඉදලා වත් හොදට අල්ල ගන්නව කියල හිතන් හිටියත් එකත් උනේ හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ වැඩක්.... අපේ සර් දෙවෙනි පාඩම පටන් ගත්තේ නෑ... මං හිතන්නේ එයා දෙවනි පාඩම දන්නෙ නෑ. ඒත් අපිට නම් කිව්වේ ක්ලාස් වල කරන නිසා ඒක කරන්නෙ නෑලු... එහෙනම් මොන ඉටිගෙඩියකටද පලවෙනි පාඩම කලේ... එකත් කරනවා නේ ක්ලාස් වල...ඕන්න ඊලඟට පටන් ගත්තේ CHEMISTRY වල අග තියන පාඩමක් "වායු නියම"... දැන් මොනව කරන්නද?? කුම්බලා මාලු කෑවා නම් විඳවපන් බළලො කිව්වලු.... කොහොම හරි වායු නියම පටන් ගත්තට පස්සේ සතියක් දෙකක් විතර මම ස්කෝලේ ගියේ දවසක් ඇර දවසක්....මොකද කරන දෙයක් තේරෙනවයි කියලයි... මුලික සංකල්ප තේරෙන්නෙ නැති අපිට මොන වායු නියමද.... කොහොමහරි අපේ සර් කොච්චර දක්සයාද කියනවා නම් සති දෙකකින් වායු නියම ඉවරයි... අපෙ සර් නම් රේස් අශවයෙක්ම තමයි... කොහොම හරි තුන්වෙනි සතියේ මුල ආරංචියක් ආවා CHEMISTRYවල පලවෙනි ඇගයීම තියනව කියලා... මොනව කියලා පාඩම් කරන්නද.... මොකද තේරෙන එකක්ය... ඒත් මගේ සටහන් ටික නම් මම ෂෝක් එකට සම්පුර්න කරන් තිබුනා.... හරියට පට්ට මීටරයකගෙ පොතක් වගේ... පාට පටින් ලියල තරු දාලා... තොරනක් වගේ.... ඔය පොතත් උස්සගෙන 8.30 විතර ස්කොලෙට ගියා. යනකොට මගේ ටයිප් එකෙම තව දෙන්නෙක් හමුවුනා.. ඒ සෆ්‍රාස් ලොක්කයි තරංගයයි... කොහොම හරි අපි තුන් දෙනා යන කොට අපෙ CHEMISTRY සර් පන්තියට වැඩලා... පරක්කු වුනාට දාහක් හේතු කියලා අපිටම උරුම උනු පසු පෙල මන්ත්‍රී ආසන වල අපි තුන් දෙන වාඩි වුනා.. වෙලාවට නම් ලකුනු කරලා තිබුනේ නෑ.. නමුත් ලකුනු කරලා ඉවර වෙලා පටන් ගත්තෙ නැතැයි ඇගයීම... සර් ප්‍රශ්න දහය කිවා ලියා ගන්න කියලා. අපිත් ඔහේ ලියා ගත්තා.. ප්‍රශ්න ටික කියවලා මට ටිකක් මන්ඤං වගෙ.. අනිත් එවුන් දෙන්නටත් එහෙමයි... එක ප්‍රශ්නයක් වත් තේරෙන්නෙ නැ.. ප්‍රශ්න තේරෙන්න ස්කොලේ ආවයි අපි... ආවත් තේරෙන එකක්යැ.... එත් ටික වෙලාවක් යද්දි පහල වුනෙ නැතැයි මට ගණ දෙවි නුවණ ... මොකද ඔප්පු කරන්න දීල තිබුනු වායු නියම ටික ඔප්පු කරන හැටි සටහන් පොතේ තිබුනා කියල මට ලාවට වගේ මතකයක් තිබුනා... ගනන් ටික හදන්න බැරි උනත් ඔප්පු කිරීම් ටික කර ගත්තොත් කීයක් හරි ලැබෙයිනෙ... අනෙ ඇස් වහක් කට වහක් නෑ මම පොතෙ ෂෝක් එකට ලියල තියනව කොහොමද ඔප්පු කරන්නෙ කියලා.. මම අරුන් දෙන්න දිහ බැලුව.. උන් දෙන්න තරගෙට කොටු කපනවා.. මම හීමීට පොත පෙරල ගෙන ඉස්සරහින් තියගත්තා.. අරුන් දෙන්නටත් හීමීට කිව්ව.. දැන් තුන් දෙනාගෙම ෆොටො කොපි මැෂීන් වැඩ... හිටු කියලා ෆොටො කොපි ගහනවා... ඒත් කරුමෙක මහත කියන්නේ අපෙ සර් දැකලනේ අපි ෆොටො කොපි ගහනවා කියලා.. ඔන්න ඊ ලඟට තමයි කතාවේ හොදම හරිය...

"නැගිටනව ඔය අන්තිම පේලියේ ඉන්න තුන් දෙනාම.. තොපි හිතන් ඉන්නෙ මම තමුසෙලා කල දේ දක්කෙ නෑ කියලද... තුන් දෙනාම එනවා ඉස්සහට...." අපි තුන් දෙනා පිටි පස්ස බැලුව අපිට පිටි පස්සෙ පේලියක් තියනවාද කියලා.. ඒකත් දක්කෙ නැතැයි ... "මේ ඔයි තමුසෙලා තුන් දෙනටයි කිව්වේ..." ඒ වෙලාවෙ අපේ තරංගයා නැගිටලා අහපි... "සර් අපිටද කිව්වේ" " ඔව් ඔයි තමුසෙලා තුන් දෙනා තමයි..." දැන් ඉතින් මොනවා කරන්නද... අපේ CHEMISTRY සර්ට තරහා ගියාම වසවර්තී මාරයත් එයාට බයයි... අපි තුන් දෙනත් ගැහි ගැහී ගිය අපෙ සර් ගාවට... ගිය ගමන් කඩන් පැන්නේ නැතැයි ඇගට... "මෙහෙ දෙනව පොත... තමුසෙලා මොකක්ද මේ කරන නාඩගම.. ස්කොලේ එන්නේ නෑ.." අපේ පන්තියේ එවුනුත් තුශ්නිම්භුත වෙල අපි දිහා බලන් ඉන්නවා... එය දුටු කල අපේ ගුරු උත්තමයාගේ කෝපය දෙගුන තෙගුන වී ගිය සේක..."තමුසෙල මොනවද බලන් ඉන්නේ, පෙරහැරක් යනවද.. තමන්ගේ පාඩුවේ ඇගයීම කරනවා.." එහෙම කිව්ව විතරයි අපේ එවුන් ටික ආපහු සැරයක් මුන ඔබා ගත්තා පොත අතුලට... දැන් ආයෙත් දේශනව... "අම්මලගේ තාත්තලගෙ සල්ලි නාස්ති කරකර තමුසෙලා මොකක්ද කරන්න හිතන් ඉන්නේ... තව අවුරුදු දෙක තුනකින් තමුසෙලා තුන්දෙනා බෝක්කුවක් උඩ ඉදියි ගංජා සුරුට්ටුවකුත් උර උර.." අපේ තරංගයාගේ කට හොද නෑනේ.. ඌ කියපි.. "කොච්චර ආතල්ද සර් ඒක..." වෙලාවට සර්ට ඒක ඇහුනේ නෑ... ඇහුනා නම් තව ගිණි විජ්ජුම්බරයයි එතන... සර් කියනව අපිත් දොහොත් මුදුන් ගෙන අහන් ඉන්නවා... අන්තිමට සර් කිව්වේ "මේකට තමුසෙල තුන් දෙනාට ලකුනු නෑ.. තමුසෙලාට පුලුවන් නම් ෂයි තුනම හරි කරලා S-3ක් දාල පෙන්නනවා..." මොනවා වුනත් සර් අන්තිමට කිව්ව කතාව මගේ හිතට හුගාක් වැදුනා... සර් අපිව තුට්ටු දෙකේ කොලෙට දාලා නෙ කතා කලේ... මම හිතා ගත්තා S-3 නෙමෙයි ඊටවඩා වැඩි දෙයක් කරලා පෙන්නව කියලා.. මට වගේම අනිත් දෙන්නගේ හිත් වලත් ඒක තිබුනා.... ඒ චැලේන්ජ් එක නිසාම මහන්සිවෙලා වැඩ කලා... පලවෙනි සැරේම අපි සර්ගෙ චැලෙන්ජ් එක කැඩුවා.. C- 3ක් එක්ක මම කැම්පස් තෙරුනා.. අනිත් එවුන් දෙන්නට C-1 S-2 . මම හිතන් හිටිය පාඨමාලාව අපු නැති නිසා දෙවෙනි පාරත් කරලා අද මම ඉන්න UCSC එකට අවා.. අනිත් එවුන් දෙන්නත් තුන්වෙනි පාරත් කරලා පේරාදෙනියටයි මොරටුවටයි තෙරුනා.. අන්තිමට බලනකොට අපෙ ස්කොලෙ 2006 A/L බැච් එකෙන් පන්තියෙන්ම කැම්පස් තෙරිලා තිබුනේ අපි තුන් දෙනා විතරයි... කැම්පස් එන්න දවස් දෙක තුනකට කලින් මම ගියා ස්කොලෙට කියලා එන්න.. එදා මම අපෙ CHEMISTRY සර්ට වඳිද්දී අපේ CHEMISTRY සර්ගෙ ඇස් වල කඳුලු... ගහක් ගලක් වගේ හිටපු මනුස්සයාගේ ඇස් වල කඳුලු මොකද කියලා මට ඒ වෙලාවේ හිතා ගන්න බැරිඋනාඅන්තිමට සර් කිව්ව දෙයක් තම්යි "උඹ ඉන්න තැන දැකලා මට ඇත්තටම සතුටු පුතේ... දැන් උඹට කියලා ලස්සන ආනාගතයක් තියනවා....පුතේ මම එදා උඹට බැන්නෙ උඹව මානසිකව වට්ටන්න නෙමෙයි.. උඹව ඔතෙන්ට යවන්නයි කියලා.." ඒ වෙලාවෙ ඒක මට නොතේරුනත් පස්සේ මට තේරුනා සර් කිව්වෙ ඇත්ත කියලා.... කොච්චර බැන්නත් සර් අපිට කොච්චර ආදරේ ද කියලා අපිට එදා හිතුනා... එදා වසවර්තී මාරයා වගේ පෙනුනට හදවතින් ඒ මිනිස්සු අපෙ අනාගතේ ගැන හිතනව කියලා මට එදා තෙරුනා... සමහර විට අද මම මෙතන ඉන්න සර් මට දුන්නු චැලේන්ජ් එක නිසා වෙන්න ඇති....

Comments

වැප් said…
උබට ‍"චැලේන්ජ්", දන්නවද මට කනේ පාරවල් දෙකක් දෙපැත්තට. හැබැයි එවයේ ප්‍රතිපල අද මම බුක්ති විඳිනව!!!!!!!
@ වැප්:
thanx මචෝ comment එකට... උඹට මොකක්ද උනේ....
වැප් said…
campus ගිහින් පරිගණක ක්ෂෙත්‍රයේ රැකියාවක් කරනවා [ 2002A/L ]
Anonymous said…
අපොයි අපේ සර් එහෙම කියලත් අපි හැදුනේ නෑනේ. ඒකනේ මේ දෙවනි පාර වන්දනාවෙ යන්නේ
@ uditha
කමක් නෑ මචෝ... දෙවනි පාරවත් ගොඩ දා ගමු.....
Anonymous said…
matath ohomama thamai machan. matath palaweni para B C S ekai, deweni para A A B dammata mama lankawe hitiye na. matath e athithe mathak wenawa... mara gathi
Chrishi said…
ටියුශන් ක්ලාස් එක කොහෙද ? රොටරි ද ?
btw
ඔහොම තමයි බන් ජීවිතේ
අපේ ඉස්කොලේ සර්ත් මාත් එක්ක මල පැනලා ඔහොම දෙයක් කිව්වා. ඒත් ඉතින් C එකක් ගත්ත දෙතුන් දෙනා අතරේ මමත් හිටියා. රිසල්ට්ස් කියන්න ගියාම කඳුළු එනවා සර්ලට !!!
Unknown said…
පාසල් කාලෙ කියන්නේ ලස්සන මතකයන් ගොඩක් පිරුනු කාලයක්නේ. උඹ ඉස්කෝලෙ ඔය කතාව කියන කොට අපි ඉස්කෝලෙ කරපු පිස්සු වැඩ මතක් වෙනවා.

මට නම් උනේ පළවෙනි පාර විෂයන් වලට වැඩි ආසාවක් තිබුනේ නෑ. මහන්සි උනේ නෑ. දෙවනි පාර මහන්සි වෙනකොට ආසාව ආවා. ආසාවෙන් මහන්සි වෙනකොට ප්‍රතිඵල ආවා :D
malee_msg said…
මේක කියවද්දි මට මගේ ස්කෝලේ මතක් උනා..අනේ කොයි තරම් ලස්සනද ඒ කාලේ..
@ chrishi
නෑ බං ... මම ක්ලාස් ගියේ මාතර....
Prabhath said…
මටත් ආපහු ස්කෝලෙ කාලෙ මතක් වෙනවා... ජීවිතයෙ සුන්දරම කාලය තමයි එ අපේ පාසල් කාලය.
අදටත් ස්කෝලෙ ලගින් යද්දි, ඉස්සර වගෙ ස්කෝලෙට දුවන්න හිතෙනවා......
Sanj said…
This comment has been removed by the author.
Sanj said…
ඇත්ත‍ටම ක්‍රිශාන් අයියේ මේකෙ අන්තිම වාක්ය‍ කීපය කියවනකොට මට ඇඬුනා.... ඒ අන්තිම‍ට කීවා ව‍ගේ එකක් ම‍ටත් වෙලා තියෙන නිසා.
හැබැයි අපේ A/L English සර් එක්ක ඔයි‍ට වඩා හාත් පසින්ම වෙනස් දෙයක් වෙලත් තියෙනවා.... රිසල්ට් කියන්න ගිහින් සර්ගෙ බසින්ම සර්ට අමත‍ලා රිසල්ට් කීවාම සර්ට කියාගන්න් දෙයක් නැති උනා..මුල් කාලෙ අපිට සලකපු විදිය මතක් වෙලා වෙන්නැති.. මම අනිත් විස්තරත් කියාගෙන ගියාම සර් කියනවා "I was not listening to what you were saying, I was listening to your English" කියලා

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක

අමාවක විජිතයේ සිට....

අඳුරේ යන්නෙමි නොපෙනෙන දුර ඈත නුඹ නැතිදා පටන් මා අඳුරේ බව නුඹ දනීද...? එලිය නිවලා නුඹ ගියත් අමාවක විජිතයේ ඉදන් මම නෙතු අයා හිඳිමි නුඹේ සඳ එලිය ආයෙමත් වටෙන තුරු මගේ ලොවට...

සිහිනය....

ලස්සනට ලියන්නට මට පුලුවන්ද කියල දන්නෙ නැති වුනත් මගෙ හිතේ පුංචි හීනයක් තිබුනා හුගාක් කාලෙක ඉදන්.එක ඉටු කරගන්න මම කල උත්සහය මම විතරයි දන්නෙ .කොහොම කොහොම හරි අන්තිමට මගෙ ඒ පුංචි හීනේ අද ඉටු වුනා.ඒ පුංචි හීනේ තමයි මගෙම කියලා බ්ලොග් එකක් ලියන එක.හුගාක් සතුටුයි අද මට. ඒ සතුටත් එක්ක මම පලවෙනි බ්ලොග් එක ලියන්න යනකොට,මට අතිතයේ දවස සිදුවුන පුංචි දෙයක් මතක් වුනා.ඒක මගෙ පලමු බ්ලොග් එක විදියට එක ලියන්න මම හිතුවා.කැම්පස් එන්න ටික දවසකට කලින් මම මගෙ කාමරෙ අස් කරකොට පොඩිවුනකොලයක් මගෙ ඇද පල්ලෙ තිබිලා හමුවුනා එකේ තිබුන පුංචි නිසදැසක් මෙන්න මෙහෙම ''පෙණ පිඩු නංවමින් ගලා යන ජීවිත ගංඟාවේ එක්තරා ගිම්හාන ඍතුවක එක නිමේෂයක ඔබ මම හමුවුනි..... ගහ කොල මලානිකව සුසුම් හෙලද්දී ......... බොල් පොලව කර්කෂව ඉරිතැලී යද්දී ඔබ තුහින මල් වැස්සක් වී මගේ ජීවිත ගංඟාවට වැටුනා නොවෙද......... ඔබේම වු ආදරයේ ස්නේහයේ තුහින මල් වැස්සෙන් වේලී හිදී යමින් තිබු මගේ ජීවිතය පිරි ඉතිරී පිටර ගැලු බව ඔබට මතකද.......... ඒ වසත් සමය අපේම නොවෙද ගෙවී ගිය ඒ වසත් සමය වෙනුවෙන් මෙසේ පවසමි......... ඔබෙන් ලද