මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ?? ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි.. නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්.. විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි. එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා.. ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත. මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත. සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...
Comments
ඔය ප්රශ්නයට මොන උත්තරේ ආවත් උඹ නිකන් දුක් විදිනවට අපි කැමති නැ. අපිට උඹේ හෘද සාක්ෂිය කියවන්න බෑනේ. මොනදේ උනත් යාලුවා අපි උඹේ ලග ඉන්නවා.
හදවත ඔයාට විරුද්ද වන දවසක ඔයාට ජිවත් වෙන්න බැරිවෙයි.
නමුත් මම විස්වාස කරන දෙ තමයි හදවත. බුද්ධිය මාව සල්ලි අතින් දියුනු කරාට මගෙ සැනසිම, අවංකකම උදුරගන්නවා. හදවත එහෙම නෙමෙ මැරෙනකම් ලග ඉන්නවා. ඔයා හෘද සාක්ෂිය කියන්නෙ මම හදවත කියන දෙට....
Mata ekaparata ma theruna....
ඒක ඇත්ත මචංලා...
අපෙ හිත දන්නවා නම් මොකක්ද හරි කියලා ඒ ඇති..........
@ Hure
හැමදාමත් උඹලා සහෝදරයෝ වගෙ දුකේදිත් සැපේදිත් මම ගාව ඉන්නවා කියලා මම දන්නව මචං
එක මට ලොකු හයියක්...........
@ Anonymous
මෙ මම ලිව්වෙ රටෙ ඉන්න මොන දේශ පාලුවෙකුට වත් නෙමෙයි... ඕන දෙයක් දිහා එක එක කන්නාඩි දගෙන අපිට බලන්න පුලුවන්... ඒ කොහොම වුනත් මචෝ comment එකට thanx